වර්ෂ 2018 ක්වූ මැයි 26 වැනිදා සෙනසුරාදා




නිහාල්සිංහ ඡායාරූපය නිරාවරණය කරයි
රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළක්
සරසවිය සම්මාන දිනූ ඉනෝකා රූපවාහිනියේ මුල්පුටුවට
25 වසරක සැමරුම දා නුර්තිය පණ ලබයි
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට . . .
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන. . .
ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දින සීයයි චිත්‍රපට දහයයි
වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්
ජැක්සන්ගෙන් අසමසම වාර්තාවක්
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය . . .
බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
පරපුරක විහිද ගිය අතු ඉති
“සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර
සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?
නොයෙල් රාජ් සනිධප හැර යයි
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

සරසවිය සිනමා සම්මාන උලෙළ මෙවර ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය. එහිදී ඉකුත් සරසවිය සම්මාන උලෙළේ හඳුන්වා දුන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සඳහා මේ දිනවලදී අයැදුම්පත් කැඳවනු ලැබේ.

* අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වීම.

* 2016 ජනවාරි 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා කාලය අතරතුරදී ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබී තිබීම.

* එම කාලය ඇතුළත චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හරින ලද්දේ නම් මෙම සම්මානය සඳහා ඉදිරිපත් කළ නොහැක.

මෙම චිත්‍රපටයන් සඳහා අයදුම් කරන නිර්මාණකරුවන් චිත්‍රපටයේ මූලික විස්තර (චිත්‍රපටයේ නම, නිෂ්පාදක, අධ්‍යක්ෂ, දුරකතන අංකය, චිත්‍රපටයේ ධාවන කාලය, රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකය ලැබූ දිනය) ඇතුළත් කොට අයැදුම්පතක් රැඟුම් පාලක මණ්ඩලයේ සහතිකයේ ඡායා පිටපතක් ද සමඟ කාර්යාල වේලාවන් තුළදී සරසවිය කර්තෘ මණ්ඩලයට ගෙනවිත් බාරදිය හැකිය. එසේත් නැතිනම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය යනුවෙන් ලියුම් කවරයේ සඳහන් කොට සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීමට පුළුවන.

2016 හා 2017 දෙවර්ෂ සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමේ.

බන්දු - ටෙනී එක් කොට යම රජ සිරි අද තිරයට

අලුත් අධ්‍යක්ෂවරයෙක්

වසර ගණනාවකට පසු බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ එකට රංගනයේ යෙදෙන සිනමාපටයක් අද සිට එල්. එෆ්. ඩී සහ එම්. පී. අයි මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ආරම්භ වේ. යම රජ සිරි යනුවෙන් නම තබා ඇති එය සජීව සංකල්පගේ කුලුඳුල් අධ්‍යක්ෂණයකි. අයිබා ෆිල්ම්ස් වෙනුවෙන් නීල් සංජීව, සංගීත් අල්ගම, සජීව සංකල්ප, ලංකා ධර්මවික්‍රම යම රජ සිරි නිෂ්පාදනය කොට තිබේ. ටෙනී, බන්දු සමඟ කුමාර තිරිමාදුර, නදීශා හේමමාලි, රොනී ලීච්, සුරාජ් මාපා, ගයත්‍රි ඩයස්, ශිරෝමිකා ප්‍රනාන්දු, විනු සිරිවර්ධන, දෙනුවන් සේනාධි, බර්ටි නිහාල් සුසිරිපාල, ඩී. බී. ගංගොඩතැන්න, නිල්මිණි කෝට්ටේගොඩ, තිලක් ජයවීර මෙහි චරිත මවති. අධ්‍යක්ෂණය මෙන්ම කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය, ආලෝකකරණය, සංගීත අධ්‍යක්ෂණය, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, වර්ණ සංයෝජනය සජීව සංකල්ප විසින් නිම කොට තිබේ.

සෙනඟ නෑලූ - හෝල් හිස්ලූ ප්‍රදර්ශකයෝ අනතුරේලූ

සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ ක්‍රියාපටිපාටිය අනුව මේ වන විට මෙරට සිනමා කර්මාන්තය තුළ විශාල අර්බුදයක් ඇති වෙමින් තිබෙන බව සිනෙමා එන්ටර්ටේන්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ්හි ව්‍යාපාර සංවර්ධන සහ කලමනාකරු (මෙහෙයුම්) තුසිත ද අල්විස් පවසනවා. ඔහු ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිතුමන් වෙත ලිපියන් යොමු කරමින් මේ බව දන්වා සිටින අතර දැනට ක්‍රියාත්මක සිනමා ශාලා අතරින් සියයට 80 - 90ක් පමණ පාඩු ලබමින් ක්‍රියාත්මක බව පෙන්වා දී ඇත. මේ වන විට එම සිනමා ශාලාවන්හි ආදායම ඒවා නඩත්තු කිරීමටවත් නොසෑහෙන බවත් මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව මෙරට සිනමා කර්මාන්තයේ චිත්‍රපට පෝලිම් බවත් ඔහු ඒ ඔස්සේ දන්වා සිටියි.

මේ වන විට ලිපි දෙකක් මඟින් මේ තත්ත්වය පිළිබඳ සංස්ථා සභාපති දැනුවත් කිරීමට කටයුතු කළ ඇති බව එහි සඳහන්ය. වර්තමානයේ ක්‍රියාත්මක චිත්‍රපට පෝලිම් ක්‍රමය ප්‍රේක්ෂක මනාපය අනුව චිත්‍රපට ලබා දෙන්නට අසමත් වී ඇති සේම එයින් චිත්‍රපට ශාලා වසා දමන තත්ත්වයට පත්වීම සහ චිත්‍රපට බෙදාහරින්නන් ද අපහසුවට පත්වන බවත් පවසා සිටියි. මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වන්නේ, කිසිම වෙළෙඳ වටිනාකමක් නොමැති බාල ගණයේ සිනමා නිර්මාණ පවා මෙම චිත්‍රපට පෝලිමේ පෙළ ගැසී සිටීම බවත් තුසිත ද අල්විස් එම ලිපිය ඔස්සේ පෙන්වා දී ඇත. මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ඉඩ දීමට නොහැකි බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී ප්‍රදර්ශනය කළ යුතු චිත්‍රපට තේරීම් කමිටුවකට යොමු කළ යුතු බවත් එහි සඳහන්.

මෙරට සිනමා ක්ෂේත්‍රයේ නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයකු සේම සංස්කාරකවරයකු ලෙසින් අත්දැකීම් පිරි චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමයේ ලේකම් ලෙසින් කටයුතු කරන නිශාන්ත ප්‍රදීප් ද මේ පිළිබඳ සිය අදහස් එක් කළේ මෙලෙසින්.

දැනට මෙරට සිනමාවේ ඇති වී තිබෙන මූලිකම ගැටලුව බවට පත් වී තිබෙන්නේ ප්‍රේක්ෂකයන් සිනමාහලට ගෙන්වා ගත නොහැකි චිත්‍රපට නිෂ්පාදනය වීමයි. ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටින ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත හැකි චිත්‍රපට හැදුවොතින් කර්මාන්තයේ ගැටලුවකුත් නැහැ. සිනමාහල්වල ගැටලුවකුත් නැහැ. නිෂ්පාදකයන්ගේ ගැටලුවකුත් නැහැ. පොදුවේ ගත් විට යම් විවිධත්වයක් සමඟින් ජනතාව ආකර්ෂණය කරන චිත්‍රපට හදනවා නම් මේ ප්‍රශ්නවලින් බොහොමයකට විසඳුම් ලැබෙනවා.

මෙතැන ප්‍රශ්නය ගොඩක් සංකීර්ණ වෙලා තියෙන්නේ එක් එක් පුද්ගලයන් විසින් එල්ලා ගන්නා ලේබල නිසා. ඇතැම් අය කලාත්මකයි කියලා චිත්‍රපට හදනවා. ඒවට ප්‍රේක්ෂකයන් පැමිණියේ නැත්නම් ප්‍රදර්ශකයාට යම් තීරණයක් ගන්න සිදු වෙනවා. එතැනදී අපි යම් තීරණයක් ගත් විට ඔවුන් වෙනස්ම කතන්දරයක් කියනවා. තමන්ට අනුගත වූ ධාරාවේ සිනමා ශාලාවලින් එම චිත්‍රපටයට දර්ශනවාර තුනම හිමි වෙනවා. එම ධාරාවෙන් පිටත චිත්‍රපටයක් ගත් විට ලැබෙන්නේ එක් දර්ශන වාරයක් පමණයි. එහෙම අය තමන්ට එක් දර්ශන වාරයක් පමණක් ලැබුණු බවට චෝදනා නඟනවා. ගුණාත්මකත් නැති කලාත්මකත් නැති හොර සම්භාව්‍ය චිත්‍රපට නිසා තමයි ප්‍රේක්ෂකයන් සිනමාවෙන් දුරස් වෙන්නේ. ඇතැම් නිෂ්පාදකයන් සහ අධ්‍යක්ෂවරු හිතාගෙන ඉන්නේ ප්‍රේක්ෂකයා මෝඩයි කියලා. ප්‍රේක්ෂක මනදොල පිරෙන චිත්‍රපට නැති වෙන විට ඔවුන් සිනමා ශාලාවලින් දුරස්වීම වළක්වන්න අපහසුයි. හොඳ චිත්‍රපට හැදුණොත් සිනමා ක්ෂේත්‍රයේ තියෙන ප්‍රශ්නවලින් 70% - 80% ක් පමණ විසඳෙන බව නම් කිව යුතුමයි.

දැනට චිත්‍රපට හැට ගණනක පමණ පෝලිමක් සකස් වී තිබෙනවා. ඒ චිත්‍රපට අතරින් විසිපහකට වැඩි ප්‍රමාණයක් තිරගත කිරීමට සුදුසු මට්ටම් ඒවා නෙවෙයි. ඇතැම් චිත්‍රපට 2002, 2003 දී පමණ නිර්මාණ වුණු ඒවා. චිත්‍රපට වෙළෙඳාමේ සිටින අය විදියට ප්‍රේක්ෂක මනාපය කුමක්ද යන්න අපට කිසියම් හැඟීමක් තියෙනවා. කලාත්මක ගණයේ ඇතැම් චිත්‍රපටත් අපි තිරගත කළා. ඒවා අතරින් ඇතැම් චිත්‍රපටවලට දර්ශන වාර තුනම ලබා දෙන්නත් සිදු වූ අවස්ථා තිබුණා. මේ සියල්ල පදනම් වෙන්නේ චිත්‍රපටය නරඹන්න එන ප්‍රේක්ෂකයා මත. ප්‍රේක්ෂකයන් එන්නේ නැත්නම් සිනමා ශාලාවට ආදායමට මොකද වෙන්නේ. අද වන විට කොළඹින් පිටත බොහොමයක් චිත්‍රපට ශාලා ව්‍යාපාරයක් ලෙස නොව ඒවා හිමියන්ගේ මානසික තෘප්තිය මත කරගෙන යන ත්ත්වයට පත් වෙලා. මොකද කියනවා නම් ඒ වෙනුවෙන් වැය කරන මුදලෙන් කරන්න නම් තවත් බොහෝ ව්‍යාපාර තියෙනවා.

ක්ෂේත්‍රයේ සියලු දෙනාට එකට එක්වී මේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්. වරක් චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය සහ මගේ අදහසක් අනුව චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකයන්, ප්‍රදර්ශකයන් එක් රැස් කරමින් එවැනි පියවරකට පැමිණියත් අපට පවත්වන්න හැකි වුණේ, එක රැස්වීමක් විතරයි. ඉතින් කොහොමද එකමුතුව ප්‍රශ්න විසඳන්නේ. ඒ වගේම පරිපාලන අංශයෙනුත් විසඳා ගත යුතු දේ තියෙනවා. චිත්‍රපට සංස්ථාව දැන් ලෙඩ ඇඳේ සිටින පිළිකා රෝගියෙකු වගෙයි. පළමුව එය බලගැන්විය යුතුයි. එසේ නොමැතිව මේ ගැටලුවේ මූලික කරුණු ටික දිනා ගන්න බැහැ.

චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති ආචාර්ය බුද්ධි කීර්තිසේන ද මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටින්නේ, මේ වනවිට චිත්‍රපට ශාලා 150ට වැඩිය ප්‍රමාණයක් නොවන බවත් ඒ අතරින් කොළඹ පිහිටා ඇති ඇතැම් චිත්‍රපට ශාලා ආනයනික චිත්‍රපට හේතුවෙන් ක්ෂේත්‍රයේ රැඳී සිටින බවයි. ඒ අතරින්ද මේ දිනවල දකුණු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේද පවතින යම් ගැටලුකාරී තත්ත්වයක් මත දෙමළ චිත්‍රපට ගෙන්වීමද ක්‍රියාත්මක නොවන බව ඔහු සඳහන් කර සිටියි. ග්‍රාමීය ප්‍රදේශවල ඇති චිත්‍රපට ශාලා සිංහල චිත්‍රපට ප්‍රදර්ශනය මත පමණක් රැඳී ඇති බැවින් මේ වනවිට එම චිත්‍රපට ශාලාවන්හි සේවක වැටුප්, අර්ථ සාධක, අතිකාල දීමනා, ප්‍රචාරක, උපකරණ හා ශාලා නඩත්තුව සඳහා වියදම් ගැටලු උග්‍ර වී ඇති බව පවසනවා. මේ හේතුවෙන් චිත්‍රපට ශාලාවල චිත්‍රපට තිරගත කිරීමට වඩා ඒවා මංගල උත්සව වෙනුවෙන් යොදා ගැනීම වඩාත් උචිය යැයි හැඟී යන බවත් ඔහුගේ අදහසයි. ජාතික චිත්‍රපට සංස්ථාව මේ පිළිබඳ නිසි පියවරක් ගැනීම කඩිනම් නොකළ හොත් සිංහල සිනමා කර්මාන්තයේ කඩාවැටීම කිසිවෙකුටවත් නැවැත්විය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

නිව් ඉම්පීරියල් ටෝකීස් සමාගමේ සාමාන්‍යාධිකාරි අනුරාධ රැකව පවසන්නේ මෙවැනි අදහසක්.

වර්තමානයේ තියෙන මූලික ගැටලුව තමයි චිත්‍රපටවල තියෙන ගුණාත්මකභාවය. ප්‍රේක්ෂකයන් නොමැතිකම හෝ සිනමා ශාලාවල අඩුපාඩු නෙවෙයි, දැන් තිරගත කරන්න වෙලා තියෙන චිත්‍රපටවල තියෙන අන්තර්ගතයේ තමයි ගැටලුව තියෙන්නේ. මේ වන විට බොහොමයක් සිනමාශාලා නවීකරණය වී ආසන පහසුකම් සමඟින් වායු සමනය කර ඩිජිටල් පහසුකම්වලින් යුතු සිනමාශාලා බවට පත් වී තිබෙනවා. සිනමා ශාලාවල ඇති වී තිබෙන ප්‍රවර්ධනය හා සමානව ප්‍රේක්ෂක ආකර්ෂණය ඇති වෙළෙඳ වටිනාකමක් ඇති චිත්‍රපට ලැබෙන්නේ නැහැ. දැන් මිනිසුන්ට නිවෙසේ සිටම චිත්‍රපට නරඹන්න ඕනෑ තරම් පහසුකම් තියෙනවා. එසේ තිබියදීත් සිනමාශාලාවට පැමිණ ඔවුන්ට නරඹන්න තරම් ආකර්ෂණීය චිත්‍රපට තමයි අපි පෙන්විය යුත්තේ.

මෑත කාලීනව තමයි මේ වගේ ගැටලුවක් ඇති වුණේ. මොකද අනූව දශකයේදී වගේ නම් ජාතික චිත්‍රපට සංස්ථාව පිටපත් කියවා බලා කවුදරුන් විසින් ද අධ්‍යක්ෂණය කරන්නේ යන්න සොයා බලා නවකයන් නම් අවශ්‍ය උපදෙස් ලබාදී හොඳ චිත්‍රපට, චිත්‍රපට ශාලා කරා ගෙන ඒමේ වැඩපිළිවෙළක් තිබුණා. මේ වන විට සංස්ථාව හරහා එවැනි කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් නිර්මාණය වී තිබෙන චිත්‍රපට පෝලිම දෙස බැලුව හොත් ඒ අතරින් බොහොමයක් චිත්‍රපට නොවන චිත්‍රපට. ඒවා නිපදවා වෙළෙඳපොළට යොමු කරන මූලික කරුණ චිත්‍රපට ශාලාවල තිරගත කිරීම නොවෙයි. ඒ අතරින් බොහොමයක් රුගත කර තිබෙන්නෙත් සාමාන්‍ය වීඩියෝ කැමරා මඟින්. අඩු වියදමින් නිර්මාණය කෙරෙන මේ වගේ චිත්‍රපට ඉලක්ක කරන්නේ ඩීවීඩී වෙළෙඳපොළ. ඒවා සිනමා මණ්ඩලවලට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වුණත් චිත්‍රපට සංස්ථාව හරහා ගොස් දැන් චිත්‍රපට හැටක පමණ පෝලිමක් හදාගෙන ඒවා තිරගත කළ යුතු බවට සංස්ථාවට බලකර සිටිනවා.

මෙතැන තමයි ගැටලුව තියෙන්නේ. කාලය කෙතරම් ද යන්න ඔවුන්ට අදාළ නැහැ. ඔවුන් අරමුණු කරන්නේ එක් දිනක් හෝ සිනමා ශාලාවල තිරගත කළ පසු ප්‍රසිද්ධිය ලබා ඩීවීඩී වෙළෙඳපොළේ ඉල්ලුමක් ඇති කර ගැනීම පමණයි. අපි ඒ ගැනත් හොඳීන් අවබෝධ කරගෙනයි ඉන්නේ. මේ වෙනුවෙන් විධිමත් කමිටුවක් පත් කර මෙවැනි බාල ගණයේ චිත්‍රපට මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් සිනමා ශාලා වෙත නිකුත් නොකරන ලෙස ඉල්ලා මේ වන විටත් අපි සංස්ථාවට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා.