වර්ෂ 2018 ක්වූ පෙබරවාරි 21 වැනිදා බදාදා




අනුර ශ්‍රීනාත්ගේ සුන්දර තිස්පහ වෙනුවෙන් කලාකරුවන්ට උපහාර
තුන්වැනි යාමය රැක ගන්න ඔබටත් එයට දායකවිය හැකිය
විජයබා කොල්ලයට සැරසේ
ප්‍රථම සිංහල ඩයලොග් විනෝදේ App චිත්‍රපටය . . .
හැත්තෑ වසරක මිතුරු මියැසිය
සුරංගනී ගෙනා මනෝහරන් මියයයි
විජයබා කොල්ලය තිරයට මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණයක්
තවත් රූප සුන්දරියක් තිරයට
1970 love story “මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා
ඔබ එනතුරු අපි ඉඳිමු
නිදහසේ පියා පූර්ව ප්‍රචාරක පටය එළි දකී
මෙවර වෙසක් උලෙළට ‘යශෝධරා’
ලංකාව-හොලිවුඩ්-බොලිවුඩ් එක්කොට අති දැවැන්ත චිත්‍රපටයක් හේමාල් චිත්‍රපට 12 ක් අතහරී
ඉරෙන් හඳෙන් එළිය අරන් දැන් හර්ෂණ තරුණයෙක්!
අමෙරිකානු ආසියානු උලෙළේ සම්මානිත අනෝමාට නිළි රැජන අතින් සම්මාන පිදේ - උත්සවය 30 දා
ලේක්හවුස් නත්තල් කැරොල්
විසංගමනයට දෙබස් කැවේ
දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ සුනීරට
ජංගි හොරා දිල්ලි දිනයි
රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් හෙට
ශිෂ්‍යත්වය - උසස් පෙළ සිනමාහලේ
යුග තුනක රංගන ශිල්පි, ශිල්පිනියෝ එකම වේදිකාවක විජය සමරති

යුග තුනක රංගන ශිල්පි, ශිල්පිනියෝ එකම වේදිකාවක විජය සමරති

මානව හිතවාදි විජය කුමාරතුංගයන් අප අතරින් වෙන්වි හෙට 16 දිනට වසර 30කී. ඒ වෙනුවෙන් හෙළ සිනමා නිෂ්පාදක සංධානය විසින් ඔහුට උපහාර ලෙස හෙට දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනි සිනමා ශාලාවේ දි විජය වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් පවත්වයි.මේ සදහා යුග තුනක් නියෝජනය කරමින් සිනමාවේ නියැළෙන රංගන ශිල්පි,ශිල්පීහු ඊට සහභාගි වෙති.විජය ගී ප්‍රසංගය සඳහා, විජේරත්න වරකාගොඩ,මාලිනි ෆොන්සේකා,රවින්ද්‍ර රන්දෙණිය,ක්ලිටස් මෙන්ඩිස්.රන්ජන් රාමනායක,බන්දු සමරසිංහ,කමල් අද්දර ආරච්චි,මහේන්ද්‍ර පෙරේරා,විශ්ව කොඩිකාර,සනත් විමලසිරි,හේමාල් රණසිංහ,දමිතා අබේරත්න,කුමාරි මුණසිංහ,අමිල අබේසේකර,සාරංග දිසාසේකර,අනුර ශ්‍රිනාත්,කාවීංග පෙරේරා,වසන්ත කුමාරවිල,සේනක විජේසිංහ,ඉසුරු ලොකුහෙට්ටිඅරච්චි යන ශිල්පිහු සහභාගි වෙති.මෙහිදි විජය කුමාරතුංග පිළිබද කෙටි වාර්තාමය චිත්‍රපටයක් ද තිර ගත විමටද නියමිතය.මෙම සැමරුම් උලෙළ හෙළ සිනමා නිෂ්පාදක සංධානය වෙනුවෙන් එහි සභාපති පද්මසිරි කොඩිකාර විසින් ඉදිරිපත් කරන අතර එහි කථනය ධනංජය සිරිවර්ධන සහ අනුෂා දමයන්ති විසිනි.සංගිතය ජිවන් හදුන්නෙත්ති විසින් මෙහෙයවයි.


සිරිතුංගගේ පෝරිසාදයා හෙට එයි

ශි‍්‍රයන්ත වෙනස් චරිතයක

බී. සිරිතුංග පෙරේරාගේ පෝරිසාදයා සිනමාපටය මෙම මස 16 වැනිදා සිට එල්. එෆ් . ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. පෝරිසාදයා යන අනවර්ථ නමින් පාතාලයේ රජ කළ පුද්ගලයකු වටා ගෙතී ඇති කතා පුවතක් වන මෙය ඉන්දික විජේරත්නගේ නිෂ්පාදනයකි. චන්ද්‍රසේන පළිහේන මෙහි සම නිෂ්පාදකවරයාය. පෝරිසාදයා සිනමාපටයේ වෙනස්ම චරිතයක් ඔස්සේ උදාරි වර්ණකුලසූරිය ඔබ හමුවට එයි. පෝරිසාදයා ලෙස චරිත මවන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්ය. සෙසු චරිතයන් කමල් දේශප්‍රිය, දර්ශන් ධර්මරාජ්, කුමාර තිරිමාදුර, උදාර රත්නායක, අමිල කරුණානායක, අයිශ් අතුකෝරල, හෂිනිකා කරළියැද්ද, සරත් දික්කුඹුර, කුමාර රණපුර, ඩී. බී. ගංගොඩතැන්න, රාජසිංහ ලෝලුවාගොඩ, කීර්ති රංජිත් පීරිස්, කපිල සිගේරා ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.


 අශෝක පීරිස් සමුගනී

සංගීතවේදී අශෝක පීරිස් පසුගියදා දිවි රඟ මඬලින් සමු ගත්තේය. දිගු කලක සිට රෝගාතුරව සිටි ඔහු මිය යන විට 68 වැනි වියෙහි පසු විය. ප්‍රවීණ සංගීතවේදී ඩී. ආර්. පීරිස්ගේ සොහොයුරකු වූ අශෝක ගීත දහස් ගණනකට විදුලි ඕගනයෙන් දායක වූ ප්‍රමුඛ පෙළේ වාදකයෙකි. සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස අලි පැංචා මගෙ මිතුරා, අපි බය නෑ, වියරු ගැහැනියක්, රාගයේ උණුසුම වැනි චිත්‍රපට ගණනාවක් අශෝක සංගීතවත් කළේය. මේ බස් නැවතුම, පිං කළ ළඳුනේ (පුන්සිරි සොයිසා), ආදර ලෝකය අපගේ (විජිත් ද සිල්වා) අශෝක නිර්මාණය කළ ජනප්‍රිය ගීත අතර වේ. සඳා නමින් කැසට්පටයක් කළ අශෝක එහි සඳා මගෙත් එක්ක ඩිංග ඩිංග කතා කරනවා ගීතය ඔස්සේ ගායකයකු වශයෙන් ද ජනප්‍රිය විය. අශෝකගේ අවසන් කටයුතු ඉකුත් දා බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු විය.


නවරියන් 75 යි

සුපිරි නළු රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කළ ඩොක්ටර් නවරියන් සිනමාපටය තිරගත වීම ආරම්භ වී දින හැත්තෑ පහක් සපිරිණි. චිත්‍රපටය තිරගත වූ කාලය තුළදී ඉහළ ප්‍රතිචාර තමන්ට ලැබුණු බව රන්ජන් අප හා පැවසීය.

රන්ජන් රාමනායක, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, රුවංගි රත්නායක, සරත් චන්ද්‍රසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ, විමල් කුමාර ද කොස්තා ආදිහු මෙහි චරිත මවති.


බන්දු - අනූෂා එක් කොට දංකුඩ බණ්ඩා සිරසට

නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ උපහාසාන්මක ටෙලි නිරිමාණය දංකුඩ බණ්ඩා මෙම මස 19 වැනිදා සිට සිරස නාලිකාව ඔස්සේ විකාශය වේ. බන්දු සමරසිංහ, අනූෂා දමයන්ති, ධර්මප්‍රිය ඩයස්, මේධා ජයරත්න, සරත් චන්ද්‍රසිරි, වසන්ති රංවල, අජිත් ලොකුගේ, තරින්ද්‍රි ප්‍රනාන්දු, අනෝජා විරස්කර, උමා කරඳගොල්ල, නිලංගනී පෙරේරා, ගයා ක්‍රිෂානි, ගාවින්ද නවරත්න, චාමිකර බොකරගොඩ, අජිත් ජයවර්ධන, ජානක පළාපත්වල මෙහි රංගනයෙන් දායක වෙති. ළමා නළු නිළියන් ලෙස ඔනෙල් දම්සක්, මල්ෂා දිව්‍යාංජනී, නවීන් සෞම්‍ය, ජවිදු විජයසිංහ, විරංග විජයසිංහ, දෙව්මි ඕෂධී, ආකාෂ් බුද්ධික, තරුෂි මල්ෂා, ගෞදිත ඇතිලියගේ දංකුඩ බණ්ඩා හැඩ ගන්වති.

මහේෂ් පතිරණ කැමරා අධ්‍යක්ෂවරයාය. ප්‍රසන්න එස්. කුමාරගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, අජිත් ප්‍රසන්න ජයවර්ධන නිෂ්පාදන සම්බන්ධිකරණයෙන් ද දායක වන මෙහි ගී පද රචනා තාරකා වාසලමුදලි ආරච්චිගෙනි. දිනේෂ් සුබසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. ඉන්දික විජේරත්නගේ අංග රචනයකි. සුරංග ප්‍රදීප් කලා අධ්‍යක්ෂණයෙන් එක් වූ දංකුඩ බණ්ඩා කතාව, දෙබස් රූපවාහිනී රචනය සුනෙත් වර්ණසූරියගෙනි. චතුරංග සම්පත් හේවගේ සංස්කරණයෙන් දායක විය.

දංකුඩ බණ්ඩා මාලතී විජයසිංහගේ නිෂ්පාදනයකි.