වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 16 වැනිදා සෙනසුරාදා




දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ සුනීරට
ජංගි හොරා දිල්ලි දිනයි
රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් හෙට
ශිෂ්‍යත්වය - උසස් පෙළ සිනමාහලේ
මතකය ඉතිරිකර රුවන් නික්ම ගියේය
රන්ජන් රාමනායකගේ සුපිරි වැඩක් ඩොක්ටර් නවරියන් දෙසැම්බරයේ
ජැක්සන් ඇන්තනි කේරළ සිනමාවට රූ ගැන්වීම් . . .
නිර්මාල් ගේ යෝධයන්ගේ අඩවිය රූ ගැන්වීම් නිමවෙයි
සහෝදරයා සෙනසුරාදා
සරුංගල් ළඟදීම තිරයට
හොඳම නිළිය ලෙස අනෝමා ජනාදරී ජගත් සම්මාන දිනයි
තුන්දෙනෙක් එක්වී තුන්දෙනෙක් සාදති
සුළං රැල්ලේ පාව එන්නේ ඔබගේ නාමය වේ
නන්දා මාලිනිය සමඟ සංගීත ආශ්‍රමයට
ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව අද
පැරණි ගී අහන්න අද ටවර් එන්න
විවාහයෙන් පසුව මීනා ප්‍රසාදිනී ඕස්ට්‍රේලියාවට
ජංගි හොරා බූසාන් යයි
ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව
සොඳුරු ආඥාදායකයා
විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න
රන්ජන් රාමනායකගේ සුපිරි වැඩක් ඩොක්ටර් නවරියන් දෙසැම්බරයේ

රන්ජන් රාමනායකගේ සුපිරි වැඩක් ඩොක්ටර් නවරියන් දෙසැම්බරයේ

සුපිරි නළු රන්ජන් රාමනායක අධ්‍යක්ෂණය කරන ලද ඔහුගේ නවතම සිනමාපටය ඩොක්ටර් නවරියන් එළඹෙන දෙසැම්බරයේ තිරගතවීමට නියමිතය. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන මෙය රන්ජන් රාමනායක ෆිල්ම්ස් සහ ෆ්ලෑෂ් එන්ටර්ටෙන්මන්ට් ආයතනයේ ඉදිරිපත් කිරීමකි. රන්ජන් රාමනායක, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියානි අමරසේන, රුවංගි රත්නායක, සරත් චන්ද්‍රසිරි, ශ්‍රීමාල් වෙඩිසිංහ, විමල් කුමාරද කොස්තා, සඳුන් විජේසිර, රොනී ලීච්, සරත් තොතලාවල, අකිල සඳකැළුම්, නිපුනි විල්සන්, මානෙල් චන්ද්‍රලතා, නිල්මිණි කොට්ටේගොඩ, නන්දන හෙට්ටිආරච්චි, චතුර පෙර්රා, රාජසිංහ ලෝලුවගොඩ, ආරියසේන ගමගේ, ප්‍රේමදාස විතානගේ, කීර්ති රත්නායක ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති.

ඩොක්ටර් නවරියන් සිනමාපටයේ තිරරචනය ලාල් ප්‍රියදේව සමඟ ශෝභන්ගි පූර්ණිමාගෙනි. ගාමිණි මොරගොල්ලාගම, ජනිත් ගුණසේකර සහ ඉන්දික අත්තනායක කැමරා අධ්‍යක්ෂණය, එෂාන් මොටාගෙදරගේ සංස්කරණයකි. දිනේෂ් සුභසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. සම්පත් රත්නායක සහ කුමාරසිරි ද සිල්වා සහාය අධ්‍යක්ෂණයෙන් එක්විය. නිෂ්පාදන සම්බන්ධීකරණය ලකී වීරසිංහගෙනි. ටෙඩි විද්‍යාලංකාර, සටන් අධ්‍යක්ෂවරයාය. ගීපද රචනා චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ සජිත් පී. චතුරංගගෙනි. රන්ජන් රාමනායක, උරේෂා රවිහාරි සමඟ හෙක්ටර් ඩයස් ගායනයෙන් එක්වූහ. රෝලන්ඩ් රොචිනි වැන්ට්‍රවෙස්ට්, තාරක අධිකාරි සමඟ ප්‍රියංක තිලකරත්නායක අංගරචනා ශිල්පියෝය. හේමන්ත බන්ධනගේගේ නිෂ්පාදන කළමනාකරණයකි.


එඩ්වින් ආරියදාස සූරීන්ට සුබ උපන් දිනයක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩවින් ආරියදාස සූරීන්ගේ 96 වැනි ජන්ම දිනය එළඹෙන දෙසැම්බර් මස 3 වැනිදාට යෙදේ. එතුමාණන්ට සරසවිය සුබ උපන් දිනයක් මෙන්ම නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරයි. සරසවිය පුවත්පත ආරම්භයේ එයට දායකත්වය සැපයූ ආරියදාස සූරීන් දැනට ජීවත්ව සිටින ජ්‍යෙෂ්ඨතම සිනමා විචාරකයා ද වේ.


පතිරාජ වාර්තා වැඩසටහනක් ස්වාධීන රූපවාහිනියේ

මහා සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජ පිළිබඳ සැකසුණු වාර්තා වැඩසටහනක් දෙසැම්බර් මස 02 වැනිදා පස්වරු 3.00ට ස්වාධීන රූපවාහිනියේ විකාශය වීමට නියමිතය.

‘සමීපරූප හා දුර රූපය අතර පති‘ යන මැයෙන් නම්කර ඇති ඒ වාර්තා වැඩසටහන ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සිනමාවට කියැවීමක්, තොරන් වෙනුවට චිත්‍රපට, චරිත වෙනුවට මිනිසුන් යන කාරණා මූලික වෙමින් නිර්මාණය කර ඇත. ඔහුගේ ළමා කාලයේ පටන් විශ්වවිද්‍යාල ජීවිතය, ටෙලි නාට්‍ය නිර්මාණ, වාර්තා චිත්‍රපට ඇතුළු නිර්මාණ ජීවිතය දක්වා තොරතුරු ඇතුළත් මේ වාර්තා වැඩසටහනේදී විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදියට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ඔහු කළ සේවය මනා ලෙස විදහා දැක්වෙයි. මේ වැඩසටහන නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය මංජුල ඇතුගලයි.


ඇගේ ඇස අග සාක් උළෙලේ හොඳම චිත්‍රපටය

සය පෙති කුසුමට විශේෂ ජූරි සම්මානයක්

ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලා පරිශ්‍රයේදී ඉකුත්දා නිමාවදුටු හත්වැනි සාර්ක් සිනමා උළෙලේ කිරුළ හෙවත් හොඳම වෘත්තාන්ත සිනමාපටයට හිමි සම්මානය අශෝක හඳගමගේ ඇගේ ඇස අග සිනමාපටයට හිමිවිය. එයට අමතරව මෙරට නියෝජනය කරමින් සයපෙති කුසුම සිනමාපටයත් අනෙකුත් සාර්ක් කලාපීය රටවල් නියෝජනය කරමින් තවත් දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 14 ක් එකී සම්මානය සඳහා තරඟවැදුණි. මෙහිදී හොඳම වෘත්තාන්ත සිනමාපටයට අමතරව හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද අශෝක හඳගමට හිමිවිය.

සාර්ක් කලාපීය රටවල් අට නියෝජනය කරමින් සිනමාපට 23 ක් උළෙලේ සම්මාන උදෙසා තරග වැදුණි. එහිදී පාකිස්තානය හැරුණුකොට අනෙකුත් රටවල් 07 ට අදාළ සිනමාපට දහයක් සම්මාන 14 කින් පිදුම් ලැබීය. සයපෙති කුසුම සිනමාපටය හොඳම නළුවාට හිමි සාමූහික සම්මානයත් මෙන්ම ජූරියේ විශේෂ සඳහනකින් පිදුම් ලැබීය.


කේසවරාජන් ගේ පනෛමරක්කාඩු තිස්වැනිදා

කේසවරාජන් නවරත්නම් අධ්‍යක්ෂණය කළ පනෛමරක්කාඩු සිනමාපටය එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා එනම් එන අඟහරුවාදා සවස ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදි ප්‍රදර්ශනය වේ. මෙහිදී කෙටි අදහස් දැක්වීමක් සිදුවන අතර සිනමාවේදී අශෝක හඳගම සාහිත්‍යවේදිනි වෙට්‍රිච්චලේවි සහ කේසවරාජන් අදහස් දක්වනු ලබයි. පනෛමරක්කාඩු යුද්ධයට මුහුණ දුන් මිනිසුන්ගේ මිනිස් සබඳතාවල ස්වරූපය චිත්‍රණය කෙරෙන සිනමා නිර්මාණයකි. කේසවරාජන් යාපනයෙන් බිහිවූ සිනමාකරුවෙකි.


ජෝතිපාල පදනමට ඔබත් එක්වන්න

සංස්කෘතික අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති එච්. ආර්. ජෝතිපාල පදනමට එක්වීමට දිවයින පුරා විසිරී සිටින ජෝති රසික රසිකාවන්ට අවස්ථාව උදා වී ඇත.

මෙම පදනමේ නව සාමාජිකත්වයන් ලබා ගැනීමට කැමැති අය වෙතොත් ඔබගේ මුද්දර ප්‍රමාණයේ වර්ණ ඡායාරූප දෙකක් නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය සමඟ පහත ලිපිනයට එවීමෙන් සාමාජිකත්වය ලබා ගත හැකිය. වැඩි විස්තර දැන ගැනිමට මෙහි සඳහන් දුරකතන අංකයන් ඇමතීමට පුළුවන.

ලේකම් මල්ලිකා යූ. ලියනගේ, එච්. ආර්. ජෝතිපාලා පදනම, 230, දෙල්අංග, ගෙලිඔය. 0713738694.