වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 17 වැනිදා සිකුරාදා




සහෝදරයා සෙනසුරාදා
සරුංගල් ළඟදීම තිරයට
හොඳම නිළිය ලෙස අනෝමා ජනාදරී ජගත් සම්මාන දිනයි
තුන්දෙනෙක් එක්වී තුන්දෙනෙක් සාදති
සුළං රැල්ලේ පාව එන්නේ ඔබගේ නාමය වේ
නන්දා මාලිනිය සමඟ සංගීත ආශ්‍රමයට
ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව අද
පැරණි ගී අහන්න අද ටවර් එන්න
විවාහයෙන් පසුව මීනා ප්‍රසාදිනී ඕස්ට්‍රේලියාවට
ජංගි හොරා බූසාන් යයි
ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව
සොඳුරු ආඥාදායකයා
විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න
පතිරාජගේ ‘ස්වරූප’ දැන් තිරයේ
අක්කා මෙහෙයවන්න නංගී සැරසේ
මෙවර සුමති පිදුණේ මෙහෙමයි
ජෝ අබේවික්‍රම හය වැනි ගුණ සමරුව
දින 65 ක් තුළ ප්‍රේක්ෂකයෝ ලක්ෂ 7 ක් ධර්ම යුද්ධය නරඹලා
ළමා මනස හඳුනා ගනිමු
"යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ප්‍රතිබැහැ දැක්ම විශේෂ අවස්ථා
පැරණි ගී අහන්න අද ටවර් එන්න

පැරණි ගී අහන්න අද ටවර් එන්න

කාංචනමාලා මහවිතානගේ රංගන ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් අබිමුව පවත්වන්නට යෙදෙන ‘Kanchanamala Live In Concert With Shine Stars’ සුමියුරු සිනමා ගී ප්‍රසංගය අද දින (26 වැනිදා) ටවර් රංග ශාලාවේදී පැවැත්වෙයි. ගායන ශිල්පිනියක් මෙන්ම රංගන ශිල්පිනියක් ලෙස ඔබ හමුවට පැමිණෙන කාංචන මාලා මේ ඒ පිළිබඳ දැක්වූ අදහස් පෙළකි.

මේ ප්‍රසංගය මා ආරම්භ කරන්නේ 1999 වසරේදියි. ඒ මගේ මහත්තයා වුණු ස්ටැන්ලි ලියනගේගේ අදහසක් අනුවයි. ඔහු වගේ ම මමත් හැත්තෑව, අසූව දශකවල චිත්‍රපට ගීතවලට බොහෝ ආදරය කළා.

ඒ ගීත බොහොම හොඳීන් රස වින්ඳා. ඒ විඳීමත් සමඟ මගේ තිබුණු හැකියාවත් ඔහු මනාව හඳුනාගෙනයි හිටියේ. ඒ අනුව අපේ රසිකයන් අතරින් ගිලිහී යමින් තිබුණු චිත්‍රපට ගීත ඔවුන් අතරට යළිත් ගෙනයෑමේ වැඩපිළිවෙළක් විදියටත් මේ ප්‍රසංගය ආරම්භ කළා.

එහිදි ප්‍රසංගය පැවැත්වෙන අතරතුර විවිධ කලා ශිල්පීන්ට සම්මාන ලබාදීමටත් අප අමතක කළේ නැහැ. ඒ ආකාරයෙන් දර්ශන වාර පහක් පමණ පැවැත්වුණු මේ ප්‍රසංගයට නැවතීමේ තිත තැබුවේ මගේ මහත්තයාගේ වියෝවත් සමඟයි.

ඒත් කලකට පසුව යළිත් මේ ප්‍රසංගය කළ යුතු යැයි මා සිතුවා. එකක් නම් මේ ප්‍රසංගය ආරම්භ කළේ මගේ මහත්තයාගේ අදහසකට අනුව නිසා ඔහුට ගෞරවයක් වශයෙන් ප්‍රසංගය කිරීමට මා අදහස් කළා.

ඒ වගේ ම මා රංගන ශිල්පිනියක් කියන භූමිකාවට වඩා වැඩි කැමැත්තක් දක්වන්නේ ගායනයටයි. ඒ නිසා ඒ කාරණයත් මූලික කර ගනිමින් ම නැවතත් ‘Kanchanamala Live In Concert With Shine Stars’ සුමියුරු සිනමා ගී ප්‍රසංගය ආරම්භ කිරීමට මා සිතුවා. විරාමයකින් පසුව කරන මේ ප්‍රසංගය මෙවර කෙරෙන්නේ තරමක් වෙනස් අයුරින්.

මෙවර මා හා යුග ගී ගායනා කරන්නේ වර්තමාන පරපුරේ සිටින ගායනයට දක්ෂ තරුණ ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් සමඟින්. ඒ අය අතර සාරංග දිසාසේකර, සුරේෂ් ගමගේ, මයික් ඇන්තනි ප්‍රනාන්දු, වජිර එදිරිමාන්න, සමන් ප්‍රියංකර නම්මුනිගේ, බුද්ධික සහන්, ඩිරාන් විජේසිංහ, නිමාලි කපුගේ යන අයයි සිටින්නේ. මේ කටයුත්ත මෙහෙය වන්නේ රුවන් වික්‍රමසිංහයි.

සංගීතය මෙහෙය වීමෙන් මේජර් සේනාධීර ජයරත්න ප්‍රමුඛ යුද හමුදා තූර්ය වාදක මඬුල්ල සහය වන අතර නර්තන වින්‍යාසය චමත්කා වීණාවි ලියනගේ ප්‍රමුඛ නර්තන කණ්ඩායමයි. වේදිකා පසුතල රොහාන් සමරදිවාකර සමඟ දිනේෂ් සුබසිංහයි.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය මුලසුන දරන මේ ප්‍රසංගයට රන්ජන් රාමනායක, ශ්‍රියානි අමරසේන, නදීකා ගුණසේකර, පූජා උමාශංකර් ඇතුළු කලා ලොවේ බොහෝ දෙනෙකු මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතයි.

පැරැණි චිත්‍රපට ගීත රස විඳීමේ අරමුණින් ම කරන නිසා ටිකට් අය කරලා කරන ප්‍රසංගයක් විදියට මේ ප්‍රසංගය ගැනෙන්නේ නැහැ. ඒ නිසා ඕනෑම තරාතිරමේ අයකුට පැරැණි චිත්‍රපට ගීත රස විඳීන්නට හැකියි. ඔබත් කැමැති නම් එදිනට සහභාගි වීමට මා ඔබට ආරාධනා කරන්නේ සුහද සිතින්.