වර්ෂ 2017 ක්වූ නොවැම්බර් 17 වැනිදා සිකුරාදා




සහෝදරයා සෙනසුරාදා
සරුංගල් ළඟදීම තිරයට
හොඳම නිළිය ලෙස අනෝමා ජනාදරී ජගත් සම්මාන දිනයි
තුන්දෙනෙක් එක්වී තුන්දෙනෙක් සාදති
සුළං රැල්ලේ පාව එන්නේ ඔබගේ නාමය වේ
නන්දා මාලිනිය සමඟ සංගීත ආශ්‍රමයට
ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව අද
පැරණි ගී අහන්න අද ටවර් එන්න
විවාහයෙන් පසුව මීනා ප්‍රසාදිනී ඕස්ට්‍රේලියාවට
ජංගි හොරා බූසාන් යයි
ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව
සොඳුරු ආඥාදායකයා
විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න
පතිරාජගේ ‘ස්වරූප’ දැන් තිරයේ
අක්කා මෙහෙයවන්න නංගී සැරසේ
මෙවර සුමති පිදුණේ මෙහෙමයි
ජෝ අබේවික්‍රම හය වැනි ගුණ සමරුව
දින 65 ක් තුළ ප්‍රේක්ෂකයෝ ලක්ෂ 7 ක් ධර්ම යුද්ධය නරඹලා
ළමා මනස හඳුනා ගනිමු
"යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ප්‍රතිබැහැ දැක්ම විශේෂ අවස්ථා
අලගේෂන් පුතු විවාහය

ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව අද

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය සහ cademic Players නාට්‍ය සංගමය විසින් වාර්ෂිකව පවත්වනු ලබන කැලණිය සරසවි නාට්‍ය උළෙල නොවැම්බර් 02 දක්වා කැලණිය විශ්වවිද්‍යාලයීය ශ්‍රී ධර්මාලෝක ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අද (ඔක්තෝබර් 26) වේදිකාගත වන්නේ සංජව ගුණරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව වේදිකා නාට්‍යයයි. මෙය මහාචාර්ය මර්ලින් පීරිස් මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද ග්‍රීක නාට්‍ය රචක ඇරිස්ටොෆනීස් විසින් රචිත Women In Parliament නාට්‍ය ඇසුරින් කල නිෂ්පාදනයකි. මෙම නාට්‍ය Academic Players නාට්‍ය සංගමයේ ඉදිරිපත් කිරීමකි.

'ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව'අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය සංජීව ගුණරත්නගෙනි.පිටපත සංස්කරණය හා පසුතල නිර්මාණයෙනි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක,රංගාලෝකය ලෙනින් ප්‍රියන්ත ලියනගේ, සංජීව ගුණරත්න,අංග රචනය - චාමරි නිසංසලා, ජනනි සාරංගා, වේදිකා පරිපාලනය - නලීන් කාරියවසම්

රංග වස්ත්‍ර නිර්මාණය- උෂානි ප්‍රසංගිකා, සංගීත නිර්මාණය - චින්තක ලක්මාල් ජයකොඩි, රංග වින්‍යාසය - හර්ෂිකා රත්නායක,ගීත රචනය - නලීන් කාරියවසම්

වේදිකා පරිපාලන සහය- ජානක පුෂ්පකුමාර,ලහිරු දිලුම් විජේසිංහ ද දායකවී ඇත.

රංගනයෙන් - චාමරි නිසංසලා, අසංක කෝදාගොඩ,කුසල් මධුරංග,නුවන්තිකා බණ්ඩාර, උෂානි ප්‍රසංගිකා,නුවන්තිකා සෙව්වන්දි,දිල්හි ඉෂාරා,මහේෂිකා ජයවර්ධන, ඉසුරි උත්පලා, රෝහිත ජයකොඩි, නලීන් කාරියවසම්, ලහිරු දිලුම් විජේසිංහ, උෂානි ප්‍රසංගිකා, - ජානක පුෂ්පකුමාර,- දිල්හි ඉෂාරා දායක වෙයි.


අලගේෂන් පුතු විවාහය

චිත්‍රපට දෙබස් රචකයකු මෙන්ම සහාය අධ්‍යක්ෂවරයකු වූ කලා භුෂණ එස්. ඒ. අලගේෂන්ගේ පුතු ජනිත් ලක්විජයගේ විවාහ මංගල උත්සවය පසුගියදා පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්විණ. ඔහුගේ අතගත් මනාලිය වූයේ කල්මිණි ගුණරත්නයි.


රටට පිපෙන මල් හෙට

සන්කිත් පදනම මඟින් සංවිධානය කරන රටට පිපෙන මල් ගීතමය ප්‍රසංගය මෙම මස 29 වැනිදා සවස කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ. සැම මසකම අන්තිම ඉරිදා පැවැත්වෙන මෙම ප්‍රසංගය ශ්‍රියාණි මෙරින්නගේ ගේ සංවිධානයකි. ගාමිනී මෙරින්නගේ මෙහෙයවනු ලබන මෙහි සංගීතය විශාරද සසිත ශලින්ද ප්‍රමුඛ වාද්‍ය වෘන්දයෙනි. කසුනි මෙරින්නගේ ගායන වෘන්දය මෙහෙයවයි.


උපුල් මාමාගේ ගුරු පුහුණුවක්

උපුල් මාමා ලෙසට කොයි කා අතරෙත් ජනප්‍රිය උපුල් වීරසිංහ විසින් මෙහෙයවනු ලබන සෞන්දර්යාත්මක පෙර පාසල් ගුරු පුහුණු වැඩමුළුවක් මෙම මස 31 වැනිදා දවස පුරා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී නොමිලයේ පැවැත්වේ. මේ සඳහා සහභාගි වන ලෙස දිවයිනේ නන් දෙස සිටින පෙර පාසල් සහ ප්‍රාථමික ගුරුවර ගුරුවරියන්ට උපුල් මාමා විවෘත ආරාධනාවක් කරයි. 0773471199 අංකයෙන් උපුල් මාමා අමතා මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.