වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 17 වැනිදා අඟහරුවාදා




ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව
සොඳුරු ආඥාදායකයා
විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න
පතිරාජගේ ‘ස්වරූප’ දැන් තිරයේ
අක්කා මෙහෙයවන්න නංගී සැරසේ
මෙවර සුමති පිදුණේ මෙහෙමයි
ජෝ අබේවික්‍රම හය වැනි ගුණ සමරුව
දින 65 ක් තුළ ප්‍රේක්ෂකයෝ ලක්ෂ 7 ක් ධර්ම යුද්ධය නරඹලා
ළමා මනස හඳුනා ගනිමු
"යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ප්‍රතිබැහැ දැක්ම විශේෂ අවස්ථා
විසන්ගමනයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ගායක - ගායිකාවන්ට විශ්‍රාම වැටුප් පිරිනැමේ
ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය 15, 16, 17
දුක්මුසු පුවතක්
බොලිවුඩ් ලොක්කෝ පොඩ්ඩන්ට නම් දාපු හැටි
ඉලන්දාරින්ගේ සිනමා ගැස්ම COINS සිනමා උලෙළ
සම්පූර්ණ ආදායම ලක්ෂ 1000 ට ආසන්නයි
මාතා ගැන කතාබහක්
ආචාර්ය පතිරාජගේ කෘති 3 ක් දොරට වඩී
විශිෂ්ට කලාකරුවන් 4 ක් ඇගැයේ

දින 65 ක් තුළ ප්‍රේක්ෂකයෝ ලක්ෂ 7 ක් ධර්ම යුද්ධය නරඹලා

ධර්ම යුද්ධය සිනමාපටය මේ වන විට අතිශය සාර්ථකව තිරගත වනබව එහි ප්‍රදර්ශක මණ්ඩලය වන සී. ඊ. එල්. ආයතනය සරසවියට දැන්විය. මෑතකාලීනව ඉහළම ආදායමක් ලැබූ සිනමාපටය ලෙසට වාර්තා අලුත් කළ එය නැරැඹූ සමස්ත ප්‍රේක්ෂක සංඛ්‍යාව හත් ලක්ෂයකි. ඒ දින හැටපහක් තුළදීය. ආරම්භක සිනමා ශාලා පනස් හයකදී තිරගත වන ධර්ම යුද්ධය සිනමාපටය බොරැල්ල ලිඩෝ සිනමා ශාලවේ පමණක් නැරැඹූ ප්‍රේක්ෂකයින් ගණන විසි දහසකි. ලිඩෝ සිනමා ශාලාවේ පමණක් සමස්ත ආදායම ලක්ෂ පණහක් ඉක්මවා ඇත. රීගල් සිනමා ශාලාවට පමණක් දෙවැනි වන එම සිනමා ශාලාව ධර්ම යුද්ධය සිනමාපටය තිරගතවීමෙන් ඉහළ ආදායමක් ඉපයු සිනමා ශාලාවන් අතරින් පළමුතැන හිමි කරගෙන තිබේ. මේ දින කිහිපය ඇතුළත ධර්ම යුද්ධය සිනමාපටය ඉපයූ සමස්ත ආදායම ලක්ෂ එක්දහස් පන්සීයකි. එය සී. ඊ. එල්. ඉතිහාසයේ වාර්තාගත ආදායමක් ද වන්නේය.


විසංගමනය වැඩ ඇරැඹේ

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු, සහාය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදන සම්බන්ධීකාරක ශිල්පියකු ලෙසින් කටයුතු කළ රන්ජන් ප්‍රසන්න සිනමා අධ්‍යක්ෂවරයකු බවට පත්වන විසංගමනය සිනමාපටයෙහි මූලික වැඩ කටයුතු ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පැවති මුහුරත් උලෙළකින් පසුව ආරම්භ කෙරිණ. රන්ජන්ගේ පළමු සිනමා නිර්මාණය නිෂ්පාදනය කරනුයේ සිනෙම් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් මහේෂ් විජේරත්න විසිනි. මුදල් පසුපස හඹා යෑම නිසා තමාට තමා අහිමි වීම යන තේමාව මූලික කර ගනිමින් උපාලි ගම්ලත් විසින් විසංගමනයේ තිර නාටකය සකස් කොට තිබේ. ඩග්ලස් රණසිංහ, සේමිණි ඉද්දමල්ගොඩ, හයිසින්ත් විජේරත්න, අශාන් ඩයස්, උදිත් අබේරත්න, නිරෝෂන් විජේසිංහ ඇතුළු නළු නිළියන් රැසක් විසංගමනය රංගනයෙන් හැඩ කරති.

තිසූල දීප තඹවිට කැමරා අධ්‍යක්ෂවරයාය. තරංග නිරිඇල්ලගේ සහාය අධ්‍යක්ෂණයකි. තිස්ස ලියනාරච්චි නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් දායක වේ. ප්‍රියංක තිලක් රත්නායක අංග රචනා ශිල්පියාය. චන්දන ප්‍රියංකරගේ කලා අධ්‍යක්ෂණයකි. එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට විසංගමනය සිනමාපටයේ රූපගත කිරීම් ආරම්භ වීමට නියමිතය.


සිත්තරු ඇඳී රූ මාතරදී

පුනරුදය 2017 මහා සාහිත්‍ය හා කලා උලෙළෙට සමගාමීව සිතුවම් දැක්මක් සිත්තරු ඇඳී රූ නමින් ලබන 27 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනිදා දක්වා මාතර නූපේ පැරණි ඕලන්ද වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්වේ. දිවයිනේ දක්ෂතම චිත්‍ර හා කාටුන් ශිල්පීන් අසූදෙනෙකුගේ නිර්මාණ මෙහි ඇතුළත් වේ.


ග්‍රැමෆෝන් ගී තැටි ප්‍රදර්ශනයක්

ලංකාවේ ප්‍රථම කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව සිනමාපටයේ සිට අවසන් වතාවට ග්‍රැමෆෝන් තැටියක් භාවිත කළ චිත්‍රපටය දක්වා එළිදැක්වුණු ග්‍රැමෆෝන් ගිීත තැටි ඇතුළත් ප්‍රදර්ශනයක් මෙම මස 21 සහ 22 යන දිනයන්හි ගම්පොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ. මෙහිදී ලොව පළමු ෆොනෝ ග්‍රෑම් ග්‍රැමෆෝනයේ අනුරුවක් සමඟ විවිධ වර්ගයේ ග්‍රැමෆෝනයන් ප්‍රදර්ශනය වීම විශේෂත්වයකි. එමෙන්ම ග්‍රැමෆෝනයේ සිට අද පවතින තාක්ෂණය තෙක් නිපද වූ තැටි ප්‍රවර්ධනය වූ ආකාරය ද මෙම ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. මෙය කලා භූෂණ සුනිල් ආරියපාල සහ කලා භුෂණ තිලක් වැලිකලගේ සංවිධානයකි.


කවරයේ කතාව

නව පරපුරේ දක්ෂ චරිතාංග නළුවකු වන ඉසුරු ලොකුහෙට්ටිආරච්චිගේ රුවින් මෙවර සරසවිය හැඩවේ. සිනමාවේ මෙන්ම පුංචි තිරයේද කැපී පෙනෙන චරිත රැසක් ඔහු විසින් නිරූපණය කරන ලදී. ඉසුරු ප්‍රධාන චරිතය මැවු තවත් සොඳුරු ටෙලි සිතුවමක් එළඹෙන ඔක්තෝබර් මස 02 දා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය ආරම්භ වේ. චන්දික විජේසේනගේ අධ්‍යක්ෂණයක් වන එය නම් කොට ඇත්තේ කොන් කළ දෝණි නමිනි. කුමාර සිරිවර්ධනගේ තිර රචනයක් වන මෙය විරාජ් රත්නායකගේ නිෂ්පාදනයකි.


විශිෂ්ට කලාකරුවන් 4 ක් ඇගැයේ

රජයේ චිත්‍රපට අංශය පෝෂණය කිරීමෙහිලා අනුපමේය මෙහෙවරක් ඉටු කළ විශිෂ්ට කලාකරුවන් සිව් දෙනකු ඇගයීමේ උලෙළක් ඉකුත් දහ අට වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඒ අනුව මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනරත් යාපා, තිස්ස ලියනසූරිය, කීර්ති ශ්‍රී පෙරේරා යන පිරිස එදින ගෞරවනීය ලෙස උපහාර තිළිණයෙන් පිදුම් ලැබීය. එමෙන්ම රජයේ චිත්‍රපට අංශය සතු චිත්‍රපට සහ නිශ්චල ඡායාරූප ඩිජිටල්කරණය කොට අන්තර් ජාලයට මුදා හැරීම ද මෙදින සිදු විණ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතාගේ ආරාධනයෙන් රාජිත සේනාරත්න සහ ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් මෙහි ප්‍රධාන ආරාධිතයෝ වූහ.

ලෙස්ටර් වියතාණන් වෙනුවට මෙදින ඔහුගේ පි‍්‍රය බිරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය පැමිණියාය.


සිනමා සක්විති ගාමිණිගේ 13 වැනි ගුණානුස්මරණය

හෙළ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ දහතුන් වැනි ගුණඅනුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ ලේ දන්දීමේ පින්කමක් මෙම මස 30 වැනි සෙනසුරාදා දවස පුරා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී පැවැත්වේ. මෙදින ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගාමිණි පුතු දම්මිත් ෆොන්සේකා සහභාගවීමට නියමිතය. ලේ දන්දීමට කැමැති සියලු සහෘදයින් මේ සඳහා සහභාගී වන්න යැයි එහි කැඳවුම්කරු අශෝක සෙනරත්මුදලිගේ විවෘත ආරාධනාවක් කරයි.


සඳකඩපහණ 24 වැනිදා

ප්‍රවීණ සංගීතවේදී සුනිල් එදිරිසිංහගේ ‘සඳකඩපහණ’ ගී ප්‍රසංගය සැප්තැම්බර් 24 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත් වේ. මෙම ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ යසෝදරා ආදි සිසු සංගමය විසිනි.


සී. ටී. සිහිපත් කොට දේව මෙහෙයක්

මෙරට ගීත කලාවෙහි වෙනසක් ඇතිකළ නැසීගිය ගායක සී. ටී. ප්‍රනාන්දු සහ නැසීගිය ඔහුගේ බිරිය ඩානා ප්‍රනාන්දු සිහිපත් කරමින් විශේෂිත දේව මෙහෙයක් මෙම මස 24 වැනිදා එනම් එන ඉරිදා උදෑසන 8 ට ගම්පහ සිරිකුරුස දේවස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා සහභාගි වන මෙන් සී. ටී. ට ළැදි සියලු රසිකයින්ට එහි සංවිධායක මණ්ඩලය විසින් විවෘත ආරාධනාවක් කරයි.