වර්ෂ 2018 ක්වූ සැප්තැම්බර් 24 වැනිදා සඳුදා




සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
ඩිනාරා පුංචිහේවා තිරයට හඳුන්වා දෙන සජිත අනුත්තර ප්‍රධාන චරිතය මවන ප්‍රසන්නගේ ගාඩි ඔක්තෝබර් 5 වැඩ ඇරැඹේ
මිණිගං දෑලක ජීවන අන්දරය
ගෝල් - ඇලඩින් අද තිරයට
තිස්ස ගුණවර්ධනයන් දැයෙන් සමුගනී
කිරිබත්ගොඩට අරුණ උදාවෙයි
ඉවත හෙළයි ශෝක සුසුම් දෙලොවක් අතර
අලුත් වැඩක
‘යශෝධරා’ මට අභියෝගයක් වුණා
ජෝති සමරුවට ප්‍රදර්ශනයක්
චිත්‍රපට බෙදාහැරීමට ක්‍රමවත් නියාමනයක් ඇති කරනවා
45 වන දවසේ ලක්ෂ 55 යි

45 වන දවසේ ලක්ෂ 55 යි

සම්පූර්ණ ආදායම ලක්ෂ 1000 ට ආසන්නයි

ධර්මයුද්ධය සිනමාපටය තිරගත වී හෙට දිනයට දින පනහක් සපිරේ. සරසවිය මුද්‍රණයට යන දිනය වනවිට එය දින 46 ක් තිරගතව තිබේ. ධර්මයුද්ධය මේ දින කිහිපයට ලක්ෂ නවසිය පනස් පහක වාර්තාගත ආදායමක් උපයා ඇති වග එම සිනමාපටය තිරගත වන සී. ඊ. එල්. මණ්ඩලයේ සිලෝන් තියෙටර්ස් සමාගමේ ව්‍යාපාර ප්‍රවර්ධන සහ මෙහෙයුම් කළමනාකරු තුසිත ද අල්විස් සරසවියට පැවසීය. එමෙන්ම චිත්‍රපටයට දින පනහ සපිරෙන විට අපේක්ෂිත ආදායම ලක්ෂ සියයක් බවද ඔහු වැඩිදුරටත් පැවසිය. මේ වන විට හාර ලක්ෂ පනස් දහසක් ප්‍රේක්ෂකයින් ධර්මයුද්ධය නරඹා තිබේ. එය තිරගත වූ හය වැනි සතියේ පමණක් ආදායම ලක්ෂ දෙසිය විස්සකි. එමෙන්ම චිත්‍රපටය තිරගත වූ හතළිස් පස්වන දවසේ පමණක් ආදායම රුපියල් ලක්ෂ පනස් පහකි. සුප්‍රකට මලයාලම් චිත්‍රපටයක් වූ ද්‍රිෂ්‍යම් ඇසුරෙන් නිර්මාණය කරන ලද ධර්මයුද්ධය ඉන්දීය අධ්‍යක්ෂ චෙයියර් රවීගේ අධ්‍යක්ෂණයකි. සීමාසහිත කැපිටල් මහරාජා ආයතනයේ නිෂ්පාදනයක් වන ධර්මයුද්ධය හි ජැක්සන් ඇන්තනි, දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, විනුම් වන්සදී, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, ධනුක ඩිල්ෂාන් ඇතුළු පිරිස රංගනයේ යෙදිණ.

ධර්මයුද්ධය තිරගත වී දින 50 ක් ගතවීම නිමිත්තෙන් හෙට (1 දා) කොළඹ ලිඩෝ සිනමාහලේ පෙරවරු 10.30, 1. 30 හා 4.15 දර්ශන සරසවිය පාඨකයන්ට නොමිලයේ නැරැඹීමට ප්‍රවේශ පත්‍ර ලබාදීමට සී. ඊ. එල්. ප්‍රදර්ශක මණ්ඩලය සූදානම්ව සිටී.


යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ සැප්. 15 සිට 20 දක්වා

යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ ලබන සැප්තැම්බර් 15 වැනිදා සිට 20 වැනිදා දක්වා යාපනයේදී පැවැත්වේ.

තෙවැනි වරට පැවැත්වෙන මෙවර සිනමා උලෙළේ සමාරම්භය 15 වැනිදා පෙරවරු 10.00ට යාපනය කාගිල්ස් චතුරස්‍රයේ මැජෙස්ටික් සිනමා සංකීර්ණයේදී සිදුකෙරේ. මෙවර සිනමා සම්මාන උලෙළේදී ශ්‍රී ලංකාව ඇතුළුව ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, චෙක් ජනරජය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, සිංගප්පූර්ව, අමෙරිකා එක්සත් ජනපදය, ස්ලොවැකියාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, චිලී, පකිස්තානය, නේපාලය, කොලොම්බියාව, වියට්නාමය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව රටවල් නියෝජනය කරමින් කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ වෘතාන්ත චිත්‍රපට එකතුව චිත්‍රපට සියයක් පමණක් තිරගත කෙරේ.

ලාංකීය ප්‍රවීණ සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජ සහ ප්‍රංශ නව රැල්ලේ පුරෝගාමි සිනමාකාරිය වන ඇනියේස් වර්ධා ප්‍රත්‍යවලෝක සිනමා දැක්මක් ද මෙයට සමගාමීව පැවැත්වේ.

මෙවර සිනමා උලෙළේදී කලාකරුවකුට ජීවිතයේ වරක් පමණක් පිදෙන සම්මානය, හොඳම කුළුඳුල් චිත්‍රපටය, හොඳම අන්තර්ජාතික කෙටි චිත්‍රපටය, හොඳම ජාතික කෙටි චිත්‍රපටය සහ ජනතා මනාපයෙන් පිදෙන ජනප්‍රියම කෙටි චිත්‍රපටය ආදි ලෙසින් සම්මාන පිරිනැමීමට කටයුතු යොදා ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා අංශය, සිලෝන් තියටර්ස්, සහ අජෙන්ඩා 14 ආයතනය එක්ව මෙම අන්තර්ජාතික සිනමා උලෙළ සංවිධානය කෙරේ.


අර්ජුනගේ කුසල් වසර අග එයි

කුසල් නමැති ළමයකු වටා ගෙතී ඇති අපූරු කතා සංකල්පයකින් සමන්විත කුසල් සිනමාපටය මෙම වසර අගදී තිරයට පැමිණීමට නියමිතය. අර්ජුන කමලනාත් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ මෙහි සුරතල් රිලවකු සහ සුනඛයකු රංගනයේ යෙදීම විශේෂත්වයකි.

තිව්රු දිසානායක කුසල් ලෙස රංගනයේ යෙදෙන කුසල් සිනමාපටයේ අර්ජුන කමලනාත්, අමීෂා කාවින්දි, අනුර ධර්මසිරිවර්ධන, රජිත හිරාන්, නිරෝෂා තලගල, ඉෂාන් මෙන්ඩිස්, චාමි සේනානායක, අනුර බණ්ඩාර රාජගුරු, ශිරෝමිකා ප්‍රනාන්දු, හේමන්ත ඊරියගම, ප්‍රේමදාස විතානගේ, කුමාරි සේනාරත්න, ලක්ෂ්මන් අමරසේකර, සඳුන් බණ්ඩාර, සරත් සිල්වා, නිමල් සූරියබණ්ඩාර, රාජි මෙන්ඩිස්, ලලිත් පියුම්, සිරි සුසන්ත, සිසිර කුමාරතුංග, අනිල් ජයසිංහ, ගයාන් වීරසිංහ රංගනයේ යෙදෙති. සඳරූ කුමාරසිංහ, සුමීර වින්විත්, කනිෂ්ක හිරුණ, දිල්මින් රණවීර, සෙනුරි නදීශානි, ඉමල්ෂා උවිඳු ළමා නළු නිළියෝය.

කුසල් නිෂ්පාදනය ඉසුරු ෆිල්ම්ස් වෙතිනි. කුල්නෙත් මීඩියා ඉදිරිපත් කිරිමකි. සුරේෂ් කුමාරසිංහ සහ අර්ජුන කමලනාත් කතා සංකල්පය සකසා තිබේ. කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය දිලාන් ගුණවර්ධනගෙනි. චමින්ද කංකානම්ගේ කලා අධ්‍යක්ෂණයකි. සංගීත අධ්‍යක්ෂණය රංග ප්‍රනාන්දුගෙනි. අංග රචනය ධනුෂ්ක හුලංගමුව විසිනි. ප්‍රධාන සහාය අධ්‍යක්ෂණය, සතුන් සම්බන්ධිකරණය සහ මෙහෙයවීම නිෂ්පාදන කටයුතු සැලසුම සුරේෂ් කුමාරසිංහගෙනි.


මාරම්බරී සැප්තැම්බර් 09 දා මහනුවර

සිංහල සුභාවිත ගීතයේ ස්වර්ණ වර්ණය විශාරද එඩ්වඩ් ජයකොඩිගේ “මාරම්බරී” ඒකපුද්ගල ගී ප්‍රසංගය සැප්තැම්බර් 09 වන සෙනසුරාදා සවස 6.30 ට මහනුවර ධර්මරාජ විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

එදා මෙදාතුර එඩ්වඩ්ගේ අතිශයින් ජනප්‍රිය විවිධත්වයෙන් යුතු මියුරු ගී රැසක් රස විඳීමේ අවස්ථාව මහනුවර රසික රසිකාවන්ට මාරම්බරී

තුළින් උදාවේ. විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ ශාරණ්‍යා ජයකොඩි මෙහි යුග ගී ගායනයෙන් දායක වෙති.

මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන මාරම්බරී ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ සංගීතවේදී සුසිල් අමරසිංහ විසිනි. කථනය ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ ගෙනි.


මහාචාර්ය කළුආරච්චිගේ හදසර 6 දා

මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් ශ්‍රී ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව අලළා රචනා කරන ලද හදසර ග්‍රන්ථය එළඹෙන සැප්තැම්බර් මස 06 වැනිදා සවස කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී එළිදැක්වේ. මෙහිදී කෙටි මුද්‍රා නාට්‍ය දොළසක් ද වේදිකා ගතවීමට නියමිතය. එයට සමගාමීව සිංහයා මෙතෙක් තම පුතුට නොකී කතාව යනුවෙන් තේමා කොට ගනිමින් මහාචාර්යවරයා විසින් ගයන නවතම ගීතය ද එළි දැක්වේ.


සන්ථව කවි සම්මාන දිනුවේ මෙහෙමයි

ශ්‍රී ලාංකේය කාව්‍ය විචාරය වඩාත් පුළුල් කිරීමේ අරමුණ පෙරදැරිව සන්ථව ප්‍රකාශන ආයතනය මඟින් සංවිධානය කළ සන්ථව කාව්‍ය විචාර සම්මාන උත්සවය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. පසුගිය වසරේ ප්‍රකාශනයට පත් වූ කාව්‍ය කෘති පදනම් කරගෙන නූතන විචාරක විචාරිකාවන් ලියූ විචාර අතරින් තෝරා ගත් විචාර එකොළහක් සඳහා සම්මාන සහතික ප්‍රදානය සිදු විණ.

මෙහිදී වසරේ හොඳම කාව්‍ය විචාරය ලෙස සන්ථව විචාර කාව්‍ය සම්මානය දිනාගනු ලැබුවේ ලක්ශාන්ත අතුකෝරල ලියූ සමහර කමටහන් කෘතිය ඇසුරින් සමහර කමටහන් ගැඹුරින් සංස්පර්ශයක නමැති විචාරය ලියූ දර්ශිකා සෞම්‍ය ජයකොඩිය. දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් ජනනි චන්දිමාලි සහ කල්ප එරන්ද දිනාගන්නා ලදී.

නූතනම සිංහල කවිය පිළිබඳ වින්දනාලෝචනය යන මැයෙන් ප්‍රධාන දෙසුම මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් පවත්වන ලදි. ඔහුගේ කවියෙහි කවිතාවය සහ සාරාර්ථය කෘතිය ද මෙහිදී ජනගත කෙරිණි.