වර්ෂ 2017 ක්වූ සැප්තැම්බර් 23 වැනිදා සෙනසුරාදා




යාපනය අන්තර්ජාතික සිනමා උලෙළේ විශේෂ අවස්ථා
විසන්ගමනයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ගායක - ගායිකාවන්ට විශ්‍රාම වැටුප් පිරිනැමේ
ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය 15, 16, 17
දුක්මුසු පුවතක්
බොලිවුඩ් ලොක්කෝ පොඩ්ඩන්ට නම් දාපු හැටි
ඉලන්දාරින්ගේ සිනමා ගැස්ම COINS සිනමා උලෙළ
සම්පූර්ණ ආදායම ලක්ෂ 1000 ට ආසන්නයි
මාතා ගැන කතාබහක්
ආචාර්ය පතිරාජගේ කෘති 3 ක් දොරට වඩී
ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි
පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා
තාරකා -මාලනී අරවින්ද- ජෝන් කැලෑ හඳ හෙට ඇරැඹේ
ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා
රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?
අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ
සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට
සොනාලිගේ සිතුවම් දැක්ම
සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ඉලන්දාරින්ගේ සිනමා ගැස්ම COINS සිනමා උලෙළ

හෙට දවසේ ලාංකේය සිනමාවේ අද දවසේ දොරටුව...

ඉලන්දාරින්ගේ සිනමා ගැස්ම COINS සිනමා උලෙළ

ලබන 7, 8, 9 තෙදින කොළඹදී...

COINS  උළෙලට හෙට දවසේ ලාංකේය සිනමාවේ අද දවසේ දොරටුව යැයි පැවසීම ඉතා සාධාරණය. ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් සිනමා ඇකඩමිය මගින් මූලිකත්වය දරා 2011 වසරේදී ආරම්භ කරන කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උළෙල හෙවත් COINS  චිත්‍රපට උළෙල 2014 වසරේදීත් සාර්ථක පිම්මක් පැන 2017 වසරට පැමිණියේ වඩාත් පන්නරයක් සහිතව අතිසාර්ථක උළෙලක් සංවිධානය කිරීමටය. සඳහන් කළ යුතු විශේෂත්වයක් වන්නේ මෙය දැවැන්ත අන්තර්ජාතික කටයුත්තක් වුවද උළෙලේ කාර්යයන් බොහොමයකට උර දෙන්නේ ඩිජිටල් සිනමා ඇකඩමියේ සිනමාව හදාරන විද්‍යර්ථීන් වීමයි.

මෙවර පවත්වන 3 වන කොළඹ අන්තර්ජාතික ශිෂ්ය් චිත්‍රපට උළෙලේදීත් සංවිධාන කටයුතු වෙනුවෙන් වැඩි කාර්යභාරයක් කරන්නේ එහි වර්තමාන 3 වන වසරේ විද්‍යාර්ථීන්ය. ඔවුන්ට මාර්ගෝපදේශ සැපයෙන්නේ ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ සභාපති සරත් කෝන්ගහගේ උළෙලේ උපදේශක සුදත් මහදිවුල්වැව සහ උළෙලේ සම්බන්ධීකාරක ධනුෂ්ක ගුණතිලක යන මහත්වරුන්ගෙන්ය. මොවුන් සියලු දෙනාගේම කැපකිරීම් සහිතව සැප්තැම්බර් මස 7, 8, 9 යන තෙදින කොළඹ 7 ශී‍්‍ර ලංකා පදනම් ආයතනය මූලික කොට ගෙන COLOMBO INTERNATIONAL STUDENT FILM FESTIVAL හෙවත් COINS  පැවැත්වේ.

ඒ අනුව ලංකාවේ සිනමා අංකුර වෙනුවෙන් වන මේ වටිනා කාරණයේදී අනුග්‍රහය සැපයෙන්නේ රටේ විධායකයේ මුදුනින්ය. ජනාධිපති කාර්යාලය යටතේ පවතින ශී‍්‍ර ලංකා පදනම් ආයතනය අතින් සමස්තය සංවිධානය වෙද්දී ඊට ලොකුම අනුග්‍රහකත්වය දක්වන්නේත් ජනාධිපති කාර්යාලයයේ සංස්කෘතික අංශය සහ ජාතික සමගිය හා සංහිඳීයා කාර්යංශයයි. ඊට අමතරව ජාතික චිත්‍රපට සංස්ථාව මීට සම අනුග්‍රහය දක්වයි.

උපායමාර්ගික අනුග්‍රහකයෙක් ලෙස ඩයලොග් ආයතනයද මීට එක් වී සිටී. පසුගිය මාස කිහිපය පුරාවටම චිරත් ද සිල්වා ප්‍රමුඛ ඩිජිටල් සිනමා ඇකඩමියේ විද්‍යාර්ථින් සහ සම්බන්ධිකරණ කටයුතු මෙහෙයවන ජ්‍යෙෂ්ට කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක ඇතුලු කණ්ඩායම ලෝකයේ ඉහළ පෙළේ සිනමා උළෙලවල් සමඟ සම්බන්ධතා ගොඩ නගා ගෙන ඇත.

ධනුෂ්ක ගුණතිලකට අනුව මෙවර ලංකාවේ ශිෂ්‍ය චිත්‍රපටකරුවන්ගේ ප්‍රතිචාරය ධනාත්මක එකකි. ධනුෂ්කට අනුව විදේශීය චිත්‍රපටවල දායකත්වයද ඉතා හොඳ මට්ටමක ඇත. පිළිගත් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍යයන්ට විවෘත වුනු මෙම උළෙලේදී විනාඩි 30 කට නොවැඩි වෘත්තාන්ත හා වෘත්තාන්ත නොවන කෙටි චිත්‍රපට සඳහා ඉඩ වෙන් කෙරිනි.

මෙම වසරේදී සුපුරුදු අංශයන්ගෙන් ඔබ්බට ගොස් ‘සජීවිකරණ’ චිත්‍රපට සඳහාද වෙනම අංශයක් බිහි කිරීමට ධනුෂ්ක ඇතුළු කණ්ඩායම පියවර ගත්තේය. ඒ අනුව මෙවර උළෙලේදී 50 කටත් අධික දේශීය විදේශීය වෘත්තාන්ත හා වෘත්තාන්ත නොවන චිත්‍රපට 7, 8, 9 යන තෙදින තුල උළෙලේදි තිරගත කිරීමට නියමිතයි.

අවසාන දිනයේ සම්මාන රාති‍්‍රයේ මේ අංශ 3 සඳහාම සම්මාන රාශියක් පිරිනැමීමටද කොයින්ස් සංවිධායක මණ්ඩලය කටයුතු සම්පාධනය කොට ඇත. එමෙන්ම මෙවර උළෙලේ පෙර උළෙලවල්වල නොතිබූ සජීවිකරණ අංශයට අමතරව විදේශ සිනමා උළෙලවල්වල හොඳම සිනමාපට ඇතුලත් සිනමා පැකේජ ප්‍රදර්ශනයක් මෙන්ම පදනම් ආයතනයේ නුග ගහ අසල එළිමහන් සිනමා කතිකාවතක් සංවිධානය කොට ඇත.

* ප්‍රධාන ආරම්භක වැඩසටහන

උළෙලේ ආරම්භය 7 වැනිදා සිදු කළත් උළෙලේ ආරම්භක කතිකාවත එලි දකින්නේ සැප්තැම්බර් 3 වැනිදාය. කිරුළපන සූරිය විලේජ් අවන්හලේදී සවස 6 සිට සුගතපාල සෙනරත් යාපා ශූරීන්ගේ ‘හන්තානේ කතාව’ සමඟ තවත් කොයින්ස් චිත්‍රපට හතරක් සමඟ ඇරඹෙන උළෙල 7 වැනිදා සිට තම ප්‍රධාන වැඩසටහන කි‍්‍රයාත්මක කරයි.

* වැඩමුළු

අන්තර්ජාතික සිනමා උළෙලක නොවරදින අත්දැකීමක් වනුවේ උළෙල ආශි‍්‍රතව සිනමා වැඩමුළු සංවිධානය වීමයි. ඒ අනුව වඩාත් පුළුල් වූ වැඩමුළු රාශියක් සංවිධානය කිරීමට කොයින්ස් සංවිධායකයින් කටයුතු කර ඇත. සිනමාව ගැන ප්‍රාථමික දැනුම ලබා ගන්නා පාසල් සිසුන්ටත් අංකුර සිනමාකරුවන්ටත් වෙන් වෙන්ව වැඩමුළු එම තෙදින තුළ පැවැත්වේ. ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඩී මහින්දපාල යටතේ සිනමාවේ ප්‍රාථමික දැනුම බෙදා දීමට වෙනම වැඩමුළුවක් සංවිධානය වන අතර CLUTCH automation ආයතනය සමඟ සිනමා තාක්ෂණ වැඩමුළුවක් විශේෂයෙන් සංවිධානය වේ.

ඒ අනුව වැඩමුළු 3ක් දින 3 පුරාවට ඩිජිටල් සිනමාකරණය, බහු කැමරා මාධ්‍ය , නිෂ්පාදනයන් සඳහා තාක්ෂණ භාවිතය යන අංශ 3 වෙනුවෙන් එම වැඩමුළුව පැවැත්වේ. එම වැඩමුළු දෙකම නොමිලේ පැවැත්වෙන වැඩමුළු වේ.

මීට අමතරව ප්‍රධාන වැඩමුළුව සිද්ද කරන්නේ ඉන්දියාවේ ප්‍රකට කැමරා ශිල්පියෙකු වන සනී ජෝසෆ් ගේ ප්‍රධානත්වයෙනි. සිනමාවේ රූප රචනය ගැන එදින දේශනය සිදු කරන සනී ජෝසෆ් යනු ඉන්දියාවේ දැවැන්ත සිනමාකරුවෙක් වන අදූර් ගෝපාලකි‍්‍රෂ්නන් සමඟ නිර්මාණ බොහොමයක් කළ කැමරා ශිල්පියාය.

* ප්‍රදර්ශන

වැඩමුළුවලට අමතරව සිනමාවේ තාක්ෂණයන් ඇතුළත් ප්‍රදර්ශනයක් දින 3 පුරාවටම සංවිධානය කිරීමට ආයතන බොහොමයක් ඉදිරිපත් වූ බව ධනුෂ්ක ගුණතිලක සරසවියට පැවසුවා. ඒ අනුව සිනමා කර්මාන්තයේ සිටිනා බොහෝ තාක්ෂණික සැපයුම්කරුවන් එම දින තුළ ලෝකයේ යාවත්කාලීන වුණු තාක්ෂණය ප්‍රදර්ශනය කෙරේ. එහිදී අංකුර සිනමාකරුවන්ට එම තාක්ෂණය ප්‍රායෝගිකව අත්විඳීමට ඉඩ ලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

* සිනමා පැකේජ

මෙවර කොයින්ස් උළෙලේ නව අංගයක් ලෙස ඉදිරිපත් වූ විදේශ සිනමා උළෙලවල්වල සම්මාන ලාභී කෙටි චිත්‍රපට පැකේජ රාශියක් මෙවර උළෙලේ ප්‍රදර්ශනය කෙරේ.

ඒ අනුව ඉරාන ස්වාධීන සිනමාකරුවන්ගේ චිත්‍රපට 6 කුත් ඉතාලියේ මෙඩ් චිත්‍රපට උළෙලේ චිත්‍රපට 5 කුත් නෙට්පැක් සංවිධානය මැදිහත් වී ලබා දුන් චිත්‍රපට 3 කුත් ජර්මානු හා ප්‍රංශ එකමුතුවක් වන ෂෝර්ට් එක්ස්පෝර්ට් වෙතින් චිත්‍රපට 10 කුත් වෙසූල් අන්තර්ජාතික ආසියානු සිනමා උළෙලින් එක් චිත්‍රපටයකුත් ලෝ ප්‍රකට ලොකර්නෝ සිනමා උළෙලේ තරඟකාරී නොවන අංශයෙන් චිත්‍රපට 8 කුත් එම දින 3 තුළ ප්‍රදර්ශනය වේ.

ලොකර්නෝ උළෙලේ එම පැකේජයට ලාංකිකයන්ගේ චිත්‍රටපට 4ක් ද ඇතුලත් වීම විශේෂත්වයකි. කොයින්ස් සිනමා උළෙලේ චිත්‍රපටද ඇතුලුව සියලු චිත්‍රපට ප්‍රදර්ශනය වන්නේ පදනම් ආයතන ශ්‍රවනාගාරයේ සහ චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදීය.

* නුග ගහ අසල ‘එළිමහන්’ කතිකාවත

කොයින්ස් උළෙල තුල මෙවර නව අංගයක් ලෙස ඉදිරි පත් වන අංගයකි එළිමහන් කතිකාවත. මේ කතිකාවත සඳහා ඒ සඳහාම විශේෂිත වූ සිනමාපට කිහිපයක් තිරගත කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇත.

මේ සඳහා නෙට්පැක් සංවිධානය මැදිහත්ව උළෙලට ලබා දුන් අබ්බාස් කියරොස්තාමි ගේ අවසන් චිත්‍රපටය සේ සැලකෙන‘TAKE ME HOME’කෙටි චිත්‍රපටයත් ලංකාවෙන් කාන් උළෙලට ගිය ජූඩ් රත්නම් ගේ ‘DEMONS IN PARADISE’ වාර්තා චිත්‍ර‍පටයත් අදූර් ගෝපාලකි‍්‍රෂ්ණන් අධ්‍යක්ෂණය කළ සනී ජෝසෆ් කැමරා අධ්‍යක්ෂණය කළ‘NIZHALKKUTHU’ වෘත්තාන්ත චිත්‍රපටයත් ප්‍රදර්ශනය කෙරේ. 7 වැනිදා සවස 7 ට කියරොස්තාමි ගේ චිත්‍රපටය එදිනම රාති‍්‍ර 9 ට අදූර් ගෝපාලකි‍්‍රෂ්ණන්ගේ චිත්‍රපටයත් ප්‍රදර්ශනය කෙරේ. 8 වැනිදා සවස 7 ට ජූඩ් රත්නම් ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

* සහයෝගී සිනමා උළෙලවල්

සිනමා පැකේජ සඳහා විදේශ සහයෝගය ලැබුණා සේම මෙවර කොයින්ස් උළෙලේ හොඳම චිත්‍රපට සඳහා විදේශ නියෝජනය ලබා ගැනීම ජයග්‍රහණයක් බව ධනුෂ්ක වැඩි දුරටත් සරසවියට පැවසුවා.

ඒ අනුව සහයෝගය දුන් පාර්ශව අතර ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය, බූසාන් විශ්වවිද්‍යාල සිනමා උළෙල සමඟ ජර්මනියේ ලුද්විග්ස්බර්ග් සිනමා පාසලත් එයට අයත්.

* රුපියල් මිලියනයක්

හොඳම නිර්මාණවලට ලබා දෙන සම්මානවලට අමතරව රුපියල් මිලියනයක ප්‍රධානයක් ඩයලොග් ආයතනය විසින් සිදු කරනු ලබයි. ඒ උළෙලේ හොඳම ශී‍්‍ර ලාංකික නිර්මාණකරුවා වෙත කෙටි වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහායි. තවද හොඳම නිර්මාණ වෙනුවෙන් ඩයලොග් ටී.වී වෙතින් විකාශන කාලයක්ද වෙන් කෙරේ.

* සිනමා තාක්ෂණ ඉතිහාසය ගැන සුවිශේෂී ප්‍රදර්ශනයක්

සිනමාවේ සෑම අංශයක් ගැනම සුවිශාල එකතුවක් ඇති ගෝර්ඩ්න් ද සිල්වා මහතාගේ සිනෙමායා කෞතුකාගාරයේ ඇති මිළ කළ නොහැකි භාණ්ඩ ප්‍රදර්ශනයක් උළෙලේ තෙදින තුල ප්‍රදර්ශනය කෙරේ. ලෝක සිනමාවේ සිනමා තාක්ෂණයේ විකාශය මෙන්ම ලාංකේය සිනමාවේ මහාර්ඝ ඉතිහාසයක් එක තැනක ප්‍රදර්ශනය වන දුර්ලබ අවස්ථාවක් ලෙස මෙය හැඳීන්විය හැක.