වර්ෂ 2018 ක්වූ පෙබරවාරි 20 වැනිදා අඟහරුවාදා




අනුර ශ්‍රීනාත්ගේ සුන්දර තිස්පහ වෙනුවෙන් කලාකරුවන්ට උපහාර
තුන්වැනි යාමය රැක ගන්න ඔබටත් එයට දායකවිය හැකිය
විජයබා කොල්ලයට සැරසේ
ප්‍රථම සිංහල ඩයලොග් විනෝදේ App චිත්‍රපටය . . .
හැත්තෑ වසරක මිතුරු මියැසිය
සුරංගනී ගෙනා මනෝහරන් මියයයි
විජයබා කොල්ලය තිරයට මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණයක්
තවත් රූප සුන්දරියක් තිරයට
1970 love story “මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා
ඔබ එනතුරු අපි ඉඳිමු
නිදහසේ පියා පූර්ව ප්‍රචාරක පටය එළි දකී
මෙවර වෙසක් උලෙළට ‘යශෝධරා’
ලංකාව-හොලිවුඩ්-බොලිවුඩ් එක්කොට අති දැවැන්ත චිත්‍රපටයක් හේමාල් චිත්‍රපට 12 ක් අතහරී
ඉරෙන් හඳෙන් එළිය අරන් දැන් හර්ෂණ තරුණයෙක්!
අමෙරිකානු ආසියානු උලෙළේ සම්මානිත අනෝමාට නිළි රැජන අතින් සම්මාන පිදේ - උත්සවය 30 දා
ලේක්හවුස් නත්තල් කැරොල්
විසංගමනයට දෙබස් කැවේ
දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ සුනීරට
ජංගි හොරා දිල්ලි දිනයි
රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් හෙට
ශිෂ්‍යත්වය - උසස් පෙළ සිනමාහලේ
ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා

ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා

නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ නිවේදක සංසදයට වන කටහඬ ආරම්භ කර වසර 19ක් පිරීම නිමිත්තෙන් සිදුවන 'කටහඬක පෙළහර' සංගීත ප්‍රසංගය හා සන්නිවේදන වැඩමුළුව මේ මස 12 වැනිදා පසුවරු 3.00ට කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක, සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, රෝසි සේනානායක, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කලාකීර්ති එඩ්වින් ආරියදාස, පාලිත පෙරේරා, ඇතුළු සම්භාව්‍ය අමුත්තෝ රැසක් සහභාගි වෙති. නැටුම් ගැයුම් වැයුම්වලින් සපිරි මේ ප්‍රසංගයේදී ජනප්‍රිය ගායක - ගායිකාවෝ හා නළු නිළියෝ රැසක් ගී ගයති.


හිර වරපට එළිදකියි

'කුරු පරපුර' රචනා කරමින් නවකතාකරණයට පිවිසි නීතිඥ කපිල ගාමිණී ජයසිංහ ලියූ අලුත්ම නවකතාව 'හිර වරපට' මේ මස 15 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදැක්වෙයි. මේ කෘතිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.