වර්ෂ 2017 ක්වූ අගෝස්තු 18 වැනිදා සිකුරාදා




ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි
පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා
තාරකා -මාලනී අරවින්ද- ජෝන් කැලෑ හඳ හෙට ඇරැඹේ
ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා
රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?
අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ
සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට
සොනාලිගේ සිතුවම් දැක්ම
සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
සුභාවිත 17 දා
ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් . . .
සරල විහිළු නෑ

සරල විහිළු නෑ

ඒත් මරු විහිළු තියෙයි

ජයලාල් ගොන්ඩෝලා සමඟ

මොළේ මරණ වැඩබිමක් දිහෑට රටේම අවධානය හැරීගෙන එන හැඩයි. ආරංචියෙ විදියට දැනට වැඩේ කෙරෙන්නේ කිරිබත්ගොඩ - මාවරමණ්ඩිය පැත්තේ.

එහේ ලොකුවට වැඩේ යනවා කියලත් ආරංචියි. ඉස්ඉස්සෙල්ලාම කට්ටිය සද්දන්ත දැල් කරගහන් ගම් වදිනවලු. ඒ දැල් එළලා අල්ලන් එන තරමක් අල්ලන් එන්නේම දෙකේ හතරේ පිරිමිලු. ඒ අල්ලන් එන පිරිමින්ට තමයි මෙයාලා මොලේ මරණ කෝස් එක දෙන්නේ. ඒ ආරංචියටයි පහුගියදා අපි ඒ දිහෑට කර පෙව්වේ.

දැල් එළලා මාට්ටු කරන් ගේන පිරිමින්ට වහල්ලු කියලයි එයාලා නම් කියන්නේ. බලෙන් අල්ලන් ඇවිත් ඉස්සෙල්ලාම කරන්නේ වහලාගේ හිස බූ ගෑම. ඊළඟයි ඒ බූ ගෑ හිසට අපූරු තෝප්පියක් පලඳවන්නේ.

ඉතින් ඒ තොප්පිය තමයි තොප්පිය. ඒකට අපුූරු තොප්පියක්ම කියලා තමයි කියන්න තියෙන්නේ. බැටළු දෙනගේ තන බුරුල්ල හරහට කපාගෙනයි ඒ තොප්පිය හදන්නේ. තන බුරල්ලේ මස් වැදැල්ල අරන් දැම්මාම ඒකත් ඉතින් එක්තරා තොප්පියක් තමයි.

ඕන්න ඔය තොප්පියයි දැල් දමා අල්ලන් එන වහලාගේ ඔළුවට දාන්නේ. ඉතින් එච්චරක් නම් බැරියෑ. දෑතටම මාංචු දාලා කණුවකත් බඳින වහලාට මේ බැටළු තන් තොප්පිය දානවා. ඉතින් එදා ඉඳන් වහලාට අබ සරණයි. ගිනි අව්වට පිච්චෙනවා. මහ වැස්සට තෙමෙනවා. ඒ මැසි මදුරු තර්ජන, වන සතුන්ගේ ගර්ජන අරවා මේවා හැරෙන්න.

ඔය අතරේ ඔළුවට දැම්ම තොප්පිය ඔළුවේ කුණු වෙනවා. රාස්සිගේ අව්ව වැටෙද්දී ඔළු කට්ටට බැටළු තොප්පිය තද වෙනවා. හරියට මහ දඬුඅඬුවකින් තද කරනවා වගේ. එච්චරක් නම් මදැයි. අව් රැල්ල නැති වෙලාවට පණු වකාරයක් බැටළු තොප්පියට අරක් ගන්නවා. ඒ කොයියම් යාමෙටත් සැරින් සැරේ වහලාගේ අපිළිවෙළට බූගෑ තට්ට හිස මුහුදේ ලුණු වතුරේ ඔබ ඔබා ගොඩට ගන්නේ ඒකටම යෙදෙව්ව වධකයො. එච්චර කළත් වහලගේ පණ කෙන්ද යන්න නම් ඉඩක් දෙන්නේ නෑ. කැඳ උගුරක් පොව පොවා දවස ගානේ වහලගේ පණ කෙන්ද යන්න නොදී වධ දෙනවා. අන්තිමේදී ඒ මිනිහගේ මොළේ මැරෙනවා. එදා ඉඳන් එයා කල්පනා කරලා තනි තීන්දුවක් ගන්වා බොරු. වහලෙක්ම වෙනවා.

ඔය චුට්ටයි තව තව වැඩ ගොඩයි. පහුගිය ටිකේම හොරෙන් හොරෙන් වෙස් මුහුණු බැඳන් පුරුදු පුහුණු වෙලා හෙට (24) සවස හැව්ලොක්ටවුමේ ලුම්බිණි රඟහලේ හාපුරා කියලා ඒ කියන අපූරු මොලේ මැරිල්ල කරළියටත් ගේන්නයි ජයලාල්ලා හදන්නේ.

කරළියෙන් කරදඬු සවි ශක්තිමත් කරගත්ත මිනිහෙක් විදියට නිර්වින්දනය වෙච්ච ජරාජීර්ණ සමාජ ක්‍රමේ දිහෑ තව තවත් බල බලා ඉන්න බැරිම තැන මේ වැඩේ කළා කියලයි ජයලාල් රෝහණ කියන්නේ.

රොඩ්නි වර්ණකුල, මාලි ජයවිරගේ, කුමාර කරුණානන්ද, චන්දන නිශාන්ත වගේ කට්ටියක් ජයලාල් එක්කලා මේ වැඩේ බර අදිනවා. ඒ වැඩේට බර පැන දරන්නේ නම් කාලයක් තිස්සේ පික්චර් හද හදා හිටිය සුනිල් අරුණ වීරසිරි. මේ කතා වස්තුවෙන් කුල්මත් වෙච්ච සුනිල් අරුණ එයාගේ ගෙදරම නවත්තගෙන ඉඳුම් හිටුම් දීගෙන කට්ටියව කෑම බීමෙන් සන්තර්පණය කර කර තමයි ‘ගොන්ඩෝලා’ ගොඩ නංවන්න ජයලාල්ලාට දිරි දෙන්නේ.

ආදරණීය මවුගේ වියෝවෙන් පස්සේ කලක් නිහඬව ඉඳලා ආයිමත් මේ දිනවල කරළියේ ‘ලෝරන්ස්ගේ මනමාලි‘ පුංචි තිරේ ‘මුතුකුඩ’ වගේ වැඩවලින් අපි දකින මාලි ජයවීරගේ ගොන්ඩෝලා නාට්‍යයේ ද්විත්ව චරිතයක් කරන්නේ. ලොකු සහෝදරයායි (රොඩ්නි) පොඩි සහෝදරයායි (ජයලාල් රෝහණ) දෙදෙනාටම බිරිය විදියට පණ දෙන්නේ මාලි. හුඟක් නාට්‍ය පුරුදු පුහුණුවිීම්වලදී අත්විඳින කටුක කර්කශ ගතිය මතක් කර කර සුනිල් අරුණ සහ ඔහුගේ බිරිය ඇතුළු පිරිසගෙන් ලැබෙන සහයෝගය මාලි අගය කළේ මහ ඉහළින්.

තවම අපිට ගොන්ඩෝලා නාටකේ ගොන්ඩෝලාවේ පළහිලව්ව ලෙහා ගන්න බැරි වුණානේ.

මෙහෙමයි ජයලාල් ඉතාලියේ සංචාරයකදීයි මේ වස්තු බිජය හොයාගෙන තියෙන්නේ. ඒ අදින් අවුරුදු හාරසීයකට එපිට ඉතිහාසයෙන්. වැනීසියේ ඇවිද ඇවිද ඉන්දැද්දී ජයලාල්ට අපූරු ඔරු විශේෂයක් පෙනිලා.

මං වැනිෂ් පුස්තකාලෙට වැදුණා. ගොන්ඩෝලා ඉතිහාසෙ සෙව්වා. එක එක ඒ එකතු වෙච්ච වගතුග මගේ හිත රිදෙව්වා. සුදු ජාතිකයො ගොන්ඩෝලා ඔරු පැදවීම සැලකුවේ තමන්ට මදිකමක් විදියට. දැල් දාලා වහල්ලු අල්ලන් ඇවිදින් මොලේ මරලා මිනිස්සු වහල්ලු විදියට තියාගත්තේ ඒ ඔරු පදිනවා වගේ වැඩවලට . . .’

ජයලාල්ට වැඩිපුරම හිතට අල්ලලා ගිහින් තිබුණේ මේ මොළේ මැරිල්ල. මීට මාස හය හතකට කලින් දවසකයි හාපුරා කියලා ජයලාල් මේ අදහස සුනිල් අරුණ වීරසිරිට කියන්නේ. ගොන්ඩෝලා නම විදියටම දාලා ගොන්ඩෝලා ඛේදවාචකය ඇසුරින් නූතන සමාජය දැකලා ජයලාල් වෙනස්ම නාටකයක් ලියන්නේ ඒ විදියට.

ජයලාල් කාටත් කියන්නේ ඇවිදින් ගොන්ඩෝලා බලලාම අදහස් දක්වන්නයි කියලයි. ‘සරල විහිළු දෙබස් ගොන්ඩෝලා ඇතුලේ නැති වෙයි. එත් මරු විහිළු තියෙයි. ඒ විහිළු අඳුනගන්න. ඉන් පස්සේ ඔබත් එහි කොටසක් ද කියලා හිතලා බලන්න’ ජයලාල් කියන්නේ එහෙමයි.

‘පොඩි සහෝදරයා’ රටක විප්ලවේ ගොඩ නැඟෙන්න අවුරුදු 100 ක් විතර යනවා. වාස්තවික තත්ත්වය ගොඩ නැඟෙන්නත් ඒ තරම්වත් කාලයක් ගත වෙන්න පුළුවන්. මිනිස්සු පීඩා විඳින්න ඕන. පාලකයො දූෂිත වෙන්න ඕන. එතකොට රටවැසියාට හිතෙනවා ආණ්ඩුව පෙරළන්න. ආන්න එක තමයි වාස්තවික තත්ත්වය කියන්නේ’

‘ඊළඟ පරම්පරාවට ඕවායින් වැඩක් නෑ. ඒ තත්ත්වයට මේ රට ගොඩ නඟලා ඉවරයි. උන් අහයි කහනවටද මේ රට වෙනස් කරන්නේ කියලා. උන්ට ටැබ් එකක් දුන්නහම එච්චරයි’

‘විප්ලවේ කක්කුස්සියට ඇවිල්ලා, කක්කුස්සිය විප්ලවේට ගිහිල්ලා’

මේ ගොන්ඩෝලා නාට්‍යයේ දෙබස් කිහිපයක්. ඒවාට දෙවැනි නැති පුහුණුවීම් අතරතුර පුංචි විවේකයකදී වුණත් ජයලාල් කියන අතීත රසකතා බොහොමයි.

‘ටවර් හෝල්ලෙක ළඟ සරම් කෙටියක් ඇඳන් හිටිය මිනිහෙක්. ඒ ළඟින් ගියේ ආරි මාස්ටර්. බැලූ බැල්මට මාස්ටර්ට මිනිහත්තෙක්ක කතා කරන්න හිතෙනවා.

මොකද හාදයා කල්පනාවක?

රස්සාවක් හොයා ගන්න මාතර ඉඳලයි ආවේ සර්, කියලා ඒ මිටි මනුස්සයා උත්තර බඳිනව.

‘කාල ද ඉන්නෙ?’

‘කන්න ඕන ඒත් ඉතින්’ මිනිහා ඇඹරෙන්නේ සල්ලි නැතිව කියලා මාස්ටර්ට තේරෙනවා. මාස්ටර් ඒ මිනිහවත් එක්කරන් කලාකාරයො පිරිච්ච වෙලාවක ටවර් හෝල් එකට ගොඩ වදිනවා. ‘ඉස්සෙල්ල කාල ඉඳිමු’ කිව්වාම මිනිහත් බඩකට පුරා කනව.

‘කැමැති නම් මගේ ගෝලයට වැඩ කරතැහැකි. හැබැයි පුතෝ බර වැඩ. වැඩේ හරියට නොකළොත් මට කේන්ති යනවා. එතකොට මං කුනුහබ්බෙන් බනිනවා. මට පොඩි පඩියකුත් දෙතහැකි. තමුසෙ කැමැති නම් නවතිනව‘ ජයලාල් එහෙම කතාව කියාගෙන යනවා. අන්තිමෙදී තමයි රහම ටික. ඒ ආරි මාස්ටර් ළග ගෝලය විදියට නැවතිච්ච මනුස්සයා පස්සෙ කාලෙක ශ්‍රී ලංකාවේ නමගිය නාට්‍යකරුවෙක් වගේම චිත්‍රපටකරුවෙක් වෙනවා. ඒ අහවලා කියලා නම කිව්වාමයි කාටත් ජයලාල් කිව්ව කතාවෙ බර තේරෙන්නෙ. ඒ එකක්. ඔය වගෙ පරණ රස කතා දවල් රෑ තිස්සේ ජයලාල් කියනවා. ඒවායින් ගොන්ඩෝලා වැඩේට බාධවක් නොවෙන්න ඒ මැදට මැදිහත් වෙන්නෙම ලකී හරි ගොන්ඩෝලා කට්ටියගේ කවුරු හරි තමයි කියලයි කුමාර කරුණානන්ද හිනා වෙවී කියන්නේ.

ගොන්ඩෝලා වගතුග එහෙම ටික ටික මේ දිනවල පිට වෙනවා. ඒ ආරංචියට ගම්බදින් වගේම පිටරටවලින් පවා දැනටමත් ආරධනා ලැබිලා. ගම්බද කමතක, ප්‍රජා ශාලාවක වුණත් ගොන්ඩෝලා පෙන්වන්න පුළුවන්. ගොන්ඩෝලා පිරිවර සතු රංගාලෝක සහ ශබ්ද උපකරණ පද්ධතිය වගේම රෝද හතරේ ගොන්ඩෝලාව නිසා ඒ වාසිය මේ රටේ අස්සක් මුල්ලක් නෑර සිටින සියලු වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයන්ට සුබදායී විදියට බලපායි.

ගොන්ඩෝලා රචනයෙන්, අධ්‍යක්ෂණයෙන්, අංග රචනයෙන්, ආඳුම් නිර්මාණයෙන් සහ රංග භූමි අලංකරණයෙන් අප හමුවට එන්නේ ජයලාල් රෝහණමය. රංගාලෝකය සහ ශබ්ද සංකලනයෙන් චන්දන නිශාන්ත එක්වන විට මෙතෙක් චිත්‍රපට නිෂ්පාදකවරයකු විදියට රට හඳුනාගෙන සිටි සුනිල් අරුණ වීරසිරි ගොන්ඩෝලා සමඟ රංග භූමි කළමනාකරණයටත් පිවිස සිටී.