වර්ෂ 2017 ක්වූ අගෝස්තු 18 වැනිදා සිකුරාදා




ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි
පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා
තාරකා -මාලනී අරවින්ද- ජෝන් කැලෑ හඳ හෙට ඇරැඹේ
ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා
රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?
අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ
සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට
සොනාලිගේ සිතුවම් දැක්ම
සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
සුභාවිත 17 දා
ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් . . .
NEWS

“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා

ශ්‍රී ලාංකීය සිනමාවේ ප්‍රගමනයට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ධර්මසේන පතිරාජගේ කලා දිවියට වසර 50 ක් පිරීම නිමිත්තෙන් උපහාර පිදීමේ උලෙළක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

'පතිට පනහයි' ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය යන මැයෙන් පවත්වනු ලබන මෙම උපහාර උලෙළ ජූනි 26 වන දින සවස 7.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලවේදී පැවැත්වීමට නියමිතය.

දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද කීර්තියක් අත් කරගත් ආචාර්ය පතිරාජ ජාතික සහ අන්තර් ජාතික මට්ටමේ චිත්‍රපට උලෙළවල් කිහිපයකම ජූරි සභිකයෙක් ලෙස ද කටයුතු කර තිබේ. ඒ අතර 1998 මෙල්බර්න් හි පැවති ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ, 2003 පැවති 16 වන සිංගප්පූරු අන්තර් ජාතික චිත්‍රපට උලෙළ, 15 වන කයිරෝ අන්තර් ජාතික චිත්‍රපට උලෙළ (සභාපති) මෙන්ම 1998 පැවැති චිත්‍රපට විචාරක සම්මාන උලෙළ සහ 2001 පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළ ද (සභාපති) දැක්විය හැකිය.

ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද සතුරෝ කෙටි චිත‍්‍රපටය බිල්බාවෝ අන්තර් ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපට 10 අතරට තේරුණු අතර 1972 දී චිත්‍රපට විචාරක සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. 1978 තිරගත වූ බඹරු ඇවිත් චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂණයට හිමි ජනාධිපති සම්මානයත් 1981 තිරගත වූ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට සහ තිර රචනයට හිමි ජනාධිපති සම්ානයත් හිමි කර ගත්තේය.

ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයට දැක් වූ දායකත්වය වෙනුවෙන් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන 'ස්වරණ සිංහ' සම්මානයෙන් 2000 වසරේදී පිදුම් ලැබූ ඒ මහතා 16 වන සිංගප්පූරු අන්තර්ජාතික උලෙළේදී ද ඇගයීමට ලක් විය.

සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස 2003 වර්ෂයේ කටයුතු කළ පතිරාජ රජයේ චිත්‍රපට අංශයේ උපදේශක අධ්‍යක්ෂ ලෙස ද ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා රුපවාහිනී අභ්‍යාස ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් තමා උගත් දැනුම නව පරපුරට දායාද කිරීමේ උදාරතම හැඟීමෙන් ප්‍රශස්ත නව සිනමාකරුවන් බිහිකරලීමේලා පුරෝගාමී සේවයක යෙදී සිටී.


රොඩ්නි විදානපතිරණගේ හිම තාරකා තිරයට එයි

ප්‍රකට පුවත්පත් කලාවේදියකු මෙන්ම ගීපද රචකයකු වන රොඩ්නි විදාන පතිරණ අධ්‍යක්ෂණය කළ ඔහුගේ දෙවැනි සිනමාපටය හිම තාරකා පසුගිය 16දා සිට කළුතර චිත්‍රා සිනමා ශාලාවේ තිරගත වේ. අමරසිරි කලංසූරිය, ජගත් චමිල, නදී චන්ද්‍රසේකර, මොරින් චාරුණි, විමල් අලහකෝන්, වසන්ති ගුණරත්න, මියුරි සමරසිංහ, මානෙල් වානගුරු, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න මෙහි චරිත මවති. හිම තාරකා විමල් අලහකෝන්ගේ නිෂ්පාදනයකි. පසුගිය සරසවිය සම්මාන උලෙළේ හොඳම නැගී එන නළුවා වූ ඉෂාර වික්‍රමසිංහ සම්මානනීය වූයේ රොඩ්නිගේ ඉරසේවය චිත්‍රපටය රංගනය හේතුවෙනි.


රයිගම් ටෙලි සම්මාන උලෙළ 24 වැනිදා

රයිගම් ටෙලි සම්මාන උලෙළ එළැඹෙන 24 වැනි සෙනසුරාදා සවස 6 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ.

ටෙලි නාට්‍ය සහ මාධ්‍ය විශිෂ්ටතා ප්‍රමුඛ අංශ ගණනාවකින් කලා ක්ෂේත්‍රයේ දක්ෂයන් ඇගයිීමට ලක්කරන එම උලෙළ පසුගිය ජූනි 3 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණත් ස්වභාවික ව්‍යසන තත්ත්වය හේතුවෙන් එය කල් දැමිණි. එහෙත් එදිනට අදාළ නිකුත් කරන ලද ආරාධනා පත්‍ර එසේම එළැඹෙන 24 වැනිදා පැවත්වෙන උලෙළට වලංගු වන බව සංවිධායකයෝ දන්වා සිටිති.


අධ්‍යක්ෂකගෙන් වැඩ ගොඩක් යම රජ සිරි තිරයට

දිගු කලකට පසු බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ එකට රඟන යම රජ සිරි සිනමාපටයේ සියලු වැඩ කටයුතු මේ වන විට නිමව තිබේ. සජීව සංකල්්ප විසින් අධ්‍යක්ෂණය කළ එම සිනමාපටයේ වැඩිම අංශ ප්‍රමාණයක් වශයෙන් අධ්‍යක්ෂවරයගේ නාමය සටහන්වීමද විශේෂත්වයකි. එනම් චිත්‍රපට අධ්‍යක්ෂණය, කැමරා අධ්‍යක්ෂණය, සංගීත අධ්‍යක්ෂණය, සංස්කරණය, පසුබිම් ගායනය, විශේෂ ශබ්ද ප්‍රයෝග, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග, ශබ්ද සංයෝජනය, වර්ණ සංයෝජනය, සංගීත නිර්මාණය සිදුකොට ඇත්තේ ඔහු විසිනි.

ටෙනි, බන්දු සමඟ රෙක්ස් කොඩිප්පිලි, නදීශා හේමමාලි, කුමාර තිරිමාදුර, ශිරෝමිකා ප්‍රනාන්දු, ගයත්‍රි ඩයස්, රොනී ලීච්, විනූ සිරිවර්ධන, නිල්මිණි කෝට්ටේගොඩ, රිචඩ් මානමුදලි, දිමුතු චින්තක, ඩි. බී. ගංගොඩතැන්න, දෙනුවන් සේනාධි, උදය කුමාරි, අනුර බණ්ඩාර රාජගරු, උපුල් වීරසිංහ, රුක්ෂානා දිසානායක, තිලක් ජයවීර, බර්ටි නිහාල් සුසිරිපාල, නිහාල් ප්‍රේමචන්ද්‍ර මෙහි රංගනයේ යෙදෙයි.

යම රජ සිරි අයිබා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.


සම්මාන දීනූ සම්ප්‍රදාය 27 දා

ලංකා බණ්ඩාරනායක නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ලොව පුරා ජාත්‍යන්තර සිනමා උලෙළයන් දහයකට අධික ප්‍රමාණයක් නියෝජනය කළ සම්ප්‍රදාය කෙටි චිත්‍රපටය මෙම මස 27 වැනිදා බොරැල්ල පුංචි තියෙටර්හිදී තිරගත වේ. ඉන් අනතුරුව ඒ පිළිබඳ සංවාදයක් ද පැවැත්වීමට නියමිතය. යුරෝ කිමෝ චෙක් ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම කැමරාකරණයට හිමි සම්මානයත් මෙරට යෞවන කෙටි චිත්‍රපට තරගාවලියේ දෙවන හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානයත් සම්ප්‍රදාය කෙටි චිත්‍රපටය දිනා ගන්නා ලදී.

ප්‍රංශයේ කෑන්ස් සිනමා උලෙළ, ඔස්ට්‍රියාවේ වියානා ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උලෙළ, ඉතාලියේ රිවර් සිනමා උලෙළ, ඇමරිකාවේ අයි. වී. සිනමා උලෙළ ඇතුළු ජාත්‍යන්තර සිනමා උලෙළයන් රැසක් සම්ප්‍රදාය කෙටි චිත්‍රපට උලෙළ නියෝජනය කොට තිබේ. එහි අයිරාංගනී සේරසිංහ, කැළුම් ගම්ලත් ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.


නිමෝ ලයිව් සංවාදය 28 දා

තිසර ඉඹුලාන විසින් අධ්‍යක්ෂණය කළ නිමෝ ලයිව් සිනමාපටය පිළිබඳ විචාරාත්මක සංවාදයක් මෙම මස 28 වැනිදා එනම් එන බදාදා සවස ජාතික චිත්‍රපට සංස්ථා ශාලාවේදී පැවැත්වේ. බූඩි කිර්තිසේන, උපුල් ශාන්ත සන්නස්ගල, එරන්ද මහගමගේ මෙහිදී අදහස් දක්වනු ඇත. මෙහෙයවීම ධනුෂ්ක ගුණතිලක විසිනි. මෙදින නිමෝ ලයිව් පිළිබඳ ලියැවුණු විචාර එකතුවක් පොත් පිංචක් ලෙසින් එළිදැක්වීමට ද නියමිතය.