වර්ෂ 2018 ක්වූ මැයි 24 වැනිදා බ්‍රහස්පතින්දා




නිහාල්සිංහ ඡායාරූපය නිරාවරණය කරයි
රෝගීන් සුවපත් කරන නාට්‍ය උලෙළක්
සරසවිය සම්මාන දිනූ ඉනෝකා රූපවාහිනියේ මුල්පුටුවට
25 වසරක සැමරුම දා නුර්තිය පණ ලබයි
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට . . .
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දේශීය සිනමාවේ උන්නතිය උදෙසා නිර්දේශ ඉදිරිපත් කිරීමට
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මාන. . .
ජපන් චිත්‍රපට උලෙළක් BMICH හිදී
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
දින සීයයි චිත්‍රපට දහයයි
වසර 9 කට පසු නිරාශා මල්ලවාරච්චි ලංකාවට ඇවිත්
ජැක්සන්ගෙන් අසමසම වාර්තාවක්
මේ අභිමානවත් සම්මානය දිනන තරුණ සිනමාකරු කවුද?
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය . . .
බැද්දේ කුලවමිය රයිගම් ඩැහැගනී
සරසවිය නවක සිනමාකරු වෙත පිදෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
පරපුරක විහිද ගිය අතු ඉති
“සඳ කිනිති නැමී” සමඟ ලක්ෂ්මන් විජේසේකර
සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සම්මානය මෙවර දිනාගන්නේ කවුද?
නොයෙල් රාජ් සනිධප හැර යයි
ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් විවෘත කෙරේ

ස්වාධීන රූපවාහිනි සේවයේ (ITN) 38 වැනි සංවත්සරය පෙරටුකොට ගෙන එහි නව පරිපාලන ගොඩනැගිල්ල වික්‍රමසිංහපුර, බත්තරමුල්ල පිහිටි එම නාලිකා පරිශ්‍රයේදී ලබන 14 වැනිදා පෙරවරු 10.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

පසුගිය ජූනි 05 වැනිදාට යෙදුණු 38 වැනි සංවත්සරයට සමගාමීව නව වැඩසටහන් මාලාවක් ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර ටෙලි නාට්‍යයට ගැති වී සිටින ප්‍රේක්ෂකයා එයින් මුදවා වෙනස් වූ අත්දැකීම් සමඟින් රාත්‍රී 7.00ට නව වැඩසටහන් පෙළක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරි චන්දන තිලකරත්න සරසවියට පැවසීය. නව දේශපාලන ප්‍රහසනයක් ලෙස ජනප්‍රිය නළු විල්සන් කරුණාරත්න විලී ද කිංග් වැඩසටහන සමඟින් එක් වීමට නියමිත අතර සමරේ ඇන්ඩ් සමරේ ස්වාධීන රූපවාහිනි නිෂ්පාදනයක් ලෙස ප්‍රේක්ෂකයාට තිළිණ කෙරේ. වර්තමාන නව පරපුර වෙනුවෙන් ලෝ ප්‍රකට නයිට් රයිඩර් කතාමාලවද නැවත විකාශය ආරම්භ කර ඇත.


නිල්ල මැදින් යං පැළ සිටුවමින් අරඹයි

සාම්ප්‍රදායානුකූලව සිනමාපටයක සමාරම්භය සිදු වන්නේ මුහුරත් උලෙළකින් පසුව වුවත් පැල සිටුවීමකින් පසුව මූලික වැඩ කටයුතු ආරම්භ කළ සිනමාපටයක් පිළිබඳ පුවතක් අපට වාර්තා විය. එය නිර්මාණය වන්නේ ලෝක පරිසර දිනය තේමා කර ගනිමින් වීමද විශේෂත්වයකි. එම සිනමාපටය නම් කොට ඇත්තේ නිල්ල මැදින් යං යනුවෙනි. හීරෝ නීරෝ අධ්‍යක්ෂණය කළ ප්‍රදීප් මහේෂ් ලියනගේ මෙහි අධ්‍යක්ෂවරයායි. පරිසරයෙහි ඇති වැදගත්කම හුවාදක්වමින් ආදර්ශවත් කතා පුවතකින් හෙබි නිල්ල මැදින් යං පරාක්‍රම ඒකනායකගේ තිර රචනයකි. එහි සමාරම්භය සිදු වුණේ ස්ථාන හයක පැල හයක් සිටුවමින්. අයිරාංගනී සේරසිංහ, රන්ජන් රාමනායක, ටි. එම්. ඩිල්ෂාන්. ඔටාරා ගුණවර්ධන, හේෂාන් ගමගේ සහ කුමුදු වීරරත්න එම පැල සිටුවනු ලැබුහ. මෙම චිත්‍රපටය නිර්මාණය වන අතරතුරදී පැල 2018 සිටුවීමට අපේක්ෂා කරන බව අධ්‍යක්ෂවරයා අපට දැන්විය. මේ දිනවල පෙර නිෂ්පාදන කටයුතු සිදුකරමින් පවතින නිල්ල මැදින් යං එළඹෙන අගෝස්තුවේ පාසල් නිවාඩුවත් සමඟ රූගත කිරීම් ආරම්භවීමට නියමිතයි.


අවි කඳුළු මුහුරත් උලෙළ දා

තිළිණ බොරැලැස්ස අධ්‍යක්ෂණය කරන ‘අවි කඳුළු’ ටෙලි නාට්‍ය යේ මුහුරත් උලෙළ පසුගියදා බත්තරමුල්ල වෝටර් සේජ්හිදී පැවැත්විණි.

අමාත්‍ය සරත් ෆොන්සේකාගේ හා නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ඇතුළු දේශපාලනඥයන් කිහිපදෙනෙකුගේ සහ නළු - නිළියෝ රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උලෙළට සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වී සිටියහ.

යුද්ධයේ බිහිසුණු බව පරදවමින් ජීවිතයට මුහුණ දෙන මිනිසුන් රැසකගේ කතාවක් වන ‘අවි කඳුළු’ ටෙලි නාට්‍යය බ්‍රිග්‍රේඩියර් විජය නන්ද, කර්නල් ලලිත් වීරසිංහ, මේජර් හරිත් ප්‍රේමරත්න, ඔහුගේ මව ලක්ෂ්මී සහ බිරිය ඔනාලි මෙන්ම දියණිය මිතුෂි වටා ගෙතෙන වෘත්තාන්තයකි. මෙහි රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, චමිලා පීරිස්, කමල් දේශප්‍රිය, බුද්ධික ලොකුකැටිය, නලින් විජේගුණවර්ධන, පුෂ්පා ගුණවර්ධන, උමා අසෙනි, එරංග ජීවන්ත, සුභාෂිණී සුබ්‍රමනියම්, සචින්ත ගුණවර්ධන, මහේෂ්වරී, රාජා ගනේෂන්, මනෝහරන්, ඩේමියන් ජයලත්, නිමල් යටිවැල්ල. නෙත්මි ලොකුකැටිය, ගනේන්ද්‍රි සරණියා ඇතුළු නළු - නිළියෝ රැසක් රඟපාති. ‘අවි කඳුළු ටෙලි සිත්තමේ තිරරචනය ලක්ෂාන් වත්තුහේවා ගෙනි. නිෂ්පාදනය ගාමිණි ද සිල්වාගෙනි.


සු: මි: සමුගත් දවසේ

සමු දෙන්නට නොහැකි වුණත් අපට ඔහුට සමු දෙන්නට සිදු වුණා. ඒ ලෝකයේ හැටිය. සුනිල් මිහිඳුකුල නම් පුවත්පත් ලොවෙහි, ලේඛන කලාවෙහි ජ්‍යෙෂ්ඨයකු ඉකුත් බ්‍රහස්පතින්දාවේ සදහටම අපෙන් සමුගත්තා. සරසවිය පුවත්පතහී දස වැනි කර්තෘවරයා වූ හෙතෙම කළ කී දෑ පුවත්පත් ලොවෙහි සදාකල් පවතිනු ඇත. යළිත් එවැන්නෙකු බිහි වන්නේ ද නැත. අපි ඔහුට මොක් සුව පතමු.