වර්ෂ 2017 ක්වූ අගෝස්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




මාතා ගැන කතාබහක්
ආචාර්ය පතිරාජගේ කෘති 3 ක් දොරට වඩී
ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි
පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා
තාරකා -මාලනී අරවින්ද- ජෝන් කැලෑ හඳ හෙට ඇරැඹේ
ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා
රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?
අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ
සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට
සොනාලිගේ සිතුවම් දැක්ම
සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
සඳ පහනින් ඇඳි රූ ඉන්ද්‍රනාථ තේනුවරගේ ඡායාරූප දැක්ම

සඳ පහනින් ඇඳි රූ

ඉන්ද්‍රනාථ තේනුවරගේ ඡායාරූප දැක්ම

         

නිමක් නොපෙනෙන නීලපැහැති අහස්කුස අනන්තය තෙක් විහිද ඇතුවා වැන්න. හිරු බටහිර අහසේ ගිලීයත් ම තරගයට මෙන් එකින් එක මතුවන තරුකැට අපට සිහිපත් කරන්නේ මේ එළැඹෙන හෝරාව ගැන නොවේ ද? රෑන් රෑන් පියඹා යන සියොත් කැල සිය කැදලි කරා විගස යන්නේ දවසේ වෙහෙස නිවනු පිණිස ය. හිරුගේ අස්ථාන ගත වීමත් සමඟ ම පැමිණෙන සැදෑ කළුවර සෙමෙන් සෙමෙන් සිය ආධිපත්‍ය පතුරමින් වන පෙතට කඩා වදිනා අයුරු මම බලා සිටියෙමි.

මිනිස් කටහඬක් නෑසෙන මානයේ වනපෙතේ අතරමං වූවන්ගේ විලසින් සිටින අපේ දෙසවනට පතිත වන්නේ රැහැයියන්ගේ කඨෝර ස්වරයයි. උදෑසන සිට ම වෙහෙස වීම නිසා සිය වෙහෙස නිවා ගන්නා මිහිතලය සුසුම්ලන ස්වරය රාත්‍රිය අතරින් ඇසෙන්නේ ඉකිබිඳුමක් ලෙසිනි. ඉඳහිට කොහේදෝ ඈතක සිට ඇසෙන වන සතුන්ගේ ගෙරවුම් ස්වරය අපට පවසන්නේ රාත්‍රිය පැමිණුණු වගයි. ඒ කළුවර කට්ට කළුවර කරන තුරුලතාවල නිසොල්මන් බව අපගේ සිත වඩාත් බියපත් කරයි. සිතේ නැගෙන ඒ බියපත් බව මඳකට හෝ අස්වසන්නට මෙන් ඈත අහස්කුස දිලෙන්නේ සඳවතියයි. කඳු මුදුන් මතින් හිනැහෙන සඳවතියගේ කිරණ මුළු මිහිතලය ම සිප ගන්නා ඒ දසුන කෙතරම් මනරම් ද?

කෙමෙන් කෙමෙන් සඳවතිය මුදුන් වනතුරු මම මඟ බලා සිටියෙමි. ඒ බලංගොඩ වේලිඔය, සඳවතියගේ පහසින් නැහැවෙන අයුරු සේයාරූ ගත කරන්නට ය. දහවල ගලා බසිනා ඔයේ සොඳුරු බව පරයමින් ඒ රාත්‍රියේ වේලිඔය ගයන ගී ස්වරය මගේ හදවතට දනවන්නේ මිහිරියාවකි. සඳවතියට සෙනෙහසින් ගයනා මේ ස්වරයේ මිහිරි බවත්, ඈ දුටුවන ම නිසොල්මන්ව ගලන දිය දහරාත් නිසා ඔයෙන් මතුව ඇත්තේ අමුතුම චමත්කාරයකි. ඒ චමත්කාරය තිව්‍ර කරන සඳවතියගේ සඳරැස් ඔය මතට පතිතව හාදුදෙන අයුරු මම කැමරා නෙතට හසුකර ගැන්මට වෙහෙසුණෙමි. වරෙක වලාකුළක් සඳවතිය මතින් ගමන් ගන්නේ ඒ සොඳුරු දසුන කිසිවකුත් නොදකිනු රිසියෙනි. එහෙත් ඒ නැඟුණු සියලු බාධක මැද ඒ සොඳුරු හමුවීම කැමරා නෙතට හසුකර ගැනීමට මම සමත් වීමි.

එලෙසින් රාත්‍රියේ වූ සොඳුරු බව විඳීනට මම නොයෙක් වර සඳවතිය සමඟ බොහෝදුරු කතර ඇවිද ගියෙමි. වරක් ලක්ෂපාන දියඇල්ල දෙසටද, තවත් වරෙක රිටිගල කඳුමතටද, සීගිරිය දෙසටද, පරාක්‍රම සමුද්‍රය අසලටද, මින්නේරිය වැවේ දියරැලි නඟන අයුරු නරඹන්නටද, කොත්මල ජලාශ පතුලේ නිදන්ගත වුණු කඩදොර වෙහෙර අබියසටද, මාතලේ රිවස්ටන් හා ආගර පතන ආදී සොඳුරු තැන් විසිහතරක් ඒ අතර විය. බාධක රැසක් මැද, නැඟ ආ බොහෝකම්කටුලු අතරින් ඇවිද ගිය ඒ ගමන් සොඳුරු සඳවතියගේ සඳරැස් පතිතව දිලෙන අයුරුත්, සඳරැස් වැදී නැහැවුණු ඒ සොඳුරු දසුනුත් මම කැමරා නෙතේ සටහන් කර ගතිමි.

මෙවැනි වෙහෙසකර ගමනකින් පසුව කැමරා නෙතේ සටහන් වූ ඒ සොඳුරු දසුන්වල අසිරිය මා පමණක් නරඹනු රිසි ද? මම මගෙන් ම විමසීමි. ඊට පිළිතුරක් ලෙස ඒ සොඳුරු අසිරිය නරඹන්නට මම ඔබට ද ආරාධනා කරමි. ඒ මේ මස පොසොන් අසිරිය දිලෙන දිනට පසු දින 09 වැනිදා සවස 4.30ට ය. එදින සිට 12 වැනිදා තෙක් රාත්‍රි 7.00 දක්වා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ, ජේ.ඒ.ඩී. පෙරේරා කලාගාරයේ ඒ සොඳුරු අසිරිය විඳීන්ට ඉඩහසර වෙන්වෙයි. ඒ ඉඩහසරේ වෙන්වූ ‘සඳාත්මය’ චන්ද්‍රාලෝක සේයාරූ ප්‍රදර්ශනය විඳීන්නට ඔබ පැමිණෙනතුරු මම එහි හිඳීමි.

මම

ඉන්ද්‍රානාථ තේනුවර