වර්ෂ 2017 ක්වූ ඔක්තෝබර් 19 වැනිදා බ්‍රහස්පතින්දා




විවාහයෙන් පසුව මීනා ප්‍රසාදිනී ඕස්ට්‍රේලියාවට
ජංගි හොරා බූසාන් යයි
ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව
සොඳුරු ආඥාදායකයා
විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න
පතිරාජගේ ‘ස්වරූප’ දැන් තිරයේ
අක්කා මෙහෙයවන්න නංගී සැරසේ
මෙවර සුමති පිදුණේ මෙහෙමයි
ජෝ අබේවික්‍රම හය වැනි ගුණ සමරුව
දින 65 ක් තුළ ප්‍රේක්ෂකයෝ ලක්ෂ 7 ක් ධර්ම යුද්ධය නරඹලා
ළමා මනස හඳුනා ගනිමු
"යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ප්‍රතිබැහැ දැක්ම විශේෂ අවස්ථා
විසන්ගමනයේ මුහුරත් උලෙළේ විශේෂ අවස්ථා
ගායක - ගායිකාවන්ට විශ්‍රාම වැටුප් පිරිනැමේ
ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනය 15, 16, 17
දුක්මුසු පුවතක්
බොලිවුඩ් ලොක්කෝ පොඩ්ඩන්ට නම් දාපු හැටි
ඉලන්දාරින්ගේ සිනමා ගැස්ම COINS සිනමා උලෙළ
සම්පූර්ණ ආදායම ලක්ෂ 1000 ට ආසන්නයි
මාතා ගැන කතාබහක්
සිබිල් වෙත්තසිංහ - අයිරාංගණී සේරසිංහ සමඟ රංගනයට එක්වෙති

සිබිල් වෙත්තසිංහ - අයිරාංගණී සේරසිංහ සමඟ රංගනයට එක්වෙති

නිල්ල මැදින් යං වැඩ අරඹයි

හීරෝ නීරෝ සිනමාපටය නිර්මාණය කළ ප්‍රදීප් මහේෂ් ලියනගේ සිය දෙවැනි සිනමා නිර්මාණය එළඹෙන ජූනි මස 05 වැනිදා එනම් ලෝක පරිසර දිනය දා පැවැත්වෙන මුහුරත් උළෙලකින් පසුව ආරම්භ වේ. පරිසරයේ සුන්දරත්වය සහ වැදගත්කම කියාපාන ආදර්ශවත් සිනමාපටයක් ලෙස නිර්මාණය වන මෙය නම් කොට ඇත්තේ නිල්ල මැදින් යං යනුවෙනි. මෙම සිනමාපටය ඔස්සේ විශිෂ්ට ළමා කෘති සාහිත්‍යවේදිනියක වන සිබිල් වෙත්තසිංහ ප්‍රථම වතාවට රංගන ශිල්පිනියක ලෙසින් ඔබ හමුවීමට නියමිතය. එමෙන්ම ඇය සමඟ විශිෂ්ට රංගනවේදිනියක වූ අයිරාංගනි සේරසිංහ නිල්ල මැදින් යං සිනමාපටයේ සිය රංගන දායකත්වය සපයනු ඇත. මේ දෙපොළ ඇතුළු ළමා නළු නිළියන් රැසක් සිනමාපටය රංගනයෙන් හැඩ කිරීමට නියමිතය.

ළමුන් කණ්ඩායමක් පරිසර දිනය වෙනුවෙන් චාරිකාවකට සහභාගි වේ. ඔවුන් එහිදී මුහුණපාන සිදුවීම් කිහිපයක් ඔස්සේ පරාක්‍රම ඒකනායක විසින් නිල්ල මැදින් යං සිනමාපටහි තිර රචනය ලියා ඇත. මෙම සිනමාපටයෙහි මුහුරත් උලෙළ දින පරිසරය හි සුන්දරත්වය සහ වැදගත්කම කියාපාන ග්‍රන්ථයක් එළි දැක්විමට ද නියමිතය.

නිල්ල මැදින් යං සිනමාපටයේ අධ්‍යක්ෂ ප්‍රදීප් මේ වන විට සිරස නාලිකාවේ විධායක නිෂ්පාදකවරයකු ලෙසට සේවය කරයි. පුංචි පැංචි, පොඩ්ඩන්ට පුළුවන් ආදී ළමා වැඩසටහන් රැසක් ඔහු විසින් නිෂ්පාදනය කොට තිබේ.


අද - අලි කතාව හෙට - නිම්නයක හුදකලාව

අද සහ හෙට එකිකෙට වෙනස් තේමාවන් ඔස්සේ නිර්මාණය වූ සිනමාපටයන් ද්විත්වයක් තිරගත වීමට නියමිතය. අද තිරගතවීම ආරම්භ වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ අලි කතාවයි. එය ඊ. ඒ. පී මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. අලි කතාවහි විශේෂත්වය වනුයේ එහි ප්‍රධාන චරිතය අලියකු විසින් නිරූපණය කිරීමයි. ගඟ අද්දර නවකතාව රචනා කළ ලැටිෂියා බොතේජු ගේ අනූෂ සහ රන් කුමරු කෘතිය ඇසුරෙන් නිර්මාණය වූ අලි කතා හි කෞශල්‍ය ප්‍රනාන්දු සහ යොහානි හංසිකා (ළමා) ප්‍රධාන චරිත මවනු ලබති. සෙසු ප්‍රධාන චරිත රවීන්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල විල්සන් ගුණරත්න සහ දීපානි සිල්වා රඟනු ලබති. අලි කතාව නිෂ්පාදනය කරනු ලැබුවේ පසුගිය වසරේ සරසවිය සම්මානලාභි චිත්‍රපට නිෂ්පාදක ගුණපාල රත්නසේකර විසිනි.

බුඩී කීර්තිසේනගේ නිම්නයක හුදකලාව හෙට සිට තිරගත වන අනෙක් සිනමාපටයයි. සී. ඊ. එල්. මණ්ඩලයේ තිරගත වන එය එම මණ්ඩලයේ සිනමා ශාලාවන් කිහිපයක 4.15 දර්ශනය පමණක් තිරගත වේ.

රවීන්ද්‍ර රන්දෙණිය, සෞම්‍ය ලියනගේ, සංගීතා වීරරත්න, සමනලී ෆොන්සේකා, පාලිත සිල්වා, ජයලාල් රෝහණ, ලක්ෂ්මන් මෙන්ඩිස් සහ සුරංගා රණවක මෙහි චරිත මවයි. නිම්නයක හුදකලාව සිනමාපටයේ විශිෂ්ට සිනමාවේදීන් දෙපොළක් වන ආචාර්ය තිස්ස අබේසේකර සහ විමුක්ති ජයසුන්දර රංගනයේ යෙදීම විශේෂ වේ. නිම්නයක හුදකලාව බුද්ධි කීර්තිසේනගේ නිෂ්පාදනයකි.


වසන්ත සිරිත එළිදකියි

විශිෂ්ට සිනමාවේදී නැසී ගිය වසන්ත ඔබේසේකරගේ සිනමා භාවිතය අලළා ලියැවුණු 'වසන්ත සිරිත' ග්‍රන්ථය පසුගියදා එළිදැක්විණි.

තුසිත ජයසුන්දරගේ රචනයක් වූ මේ ග්‍රන්ථයේ වසන්තගේ සිනමා භාවිතය පිළිබඳ ගැඹුරින් කතාබහ ‍කර ඇත. වසන්ත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සියල්ල පිළිබඳ මේ ග්‍රන්ථයේ ඇතුළත් වෙයි. එමෙන්ම වසන්ත ගැන පළවූ පුවත්පත් ලිපිවලින් ගත් උපුටනයන් ද මෙහි අන්තර්ගත වීම විශේෂත්වයකි. වසන්ත සිරිත සරසවි ප්‍රකාශනයකි.


සේනක, උපාලිගේ ආදරණීය අමන්දා තිරයට ගෙනෙයි

සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කරන ඔහුගේ දෙවැනි සිනමාපටය 'ආදරණීය අමන්දා' හි මුලික වැඩ කටයුතු බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පසුගියදා පැවැති මුහුරත් උලෙළකින් පසුව ආරම්භ කෙරිණ. අප සහෘද මාධ්‍යවේදී ගී පද රචක උපාලි බණ්ඩාර වීරසේකරගේ ආදරණීය අමන්දා නවකතාව ඇසුරින් මෙම සිනමාපටය නිර්මාණය වේ.

ආදරණීය අමන්දා චිත්‍රපටයේ සේනක විජේසිංහ, ඩබ්ලිව්. ජයසිරි, සුගත් සමරකෝන්, ඒෂියා දිසානායක, නිමල් පල්ලෙවත්ත, කුමාර වඳුරැස්ස, සරත් දික්කුඹුර, මහේෂ් රන්දෙණිය ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. කැමරාව බුද්ධික ඉන්ද්‍රජිත් මෙහෙයවයි. ලාල් වික්‍රමසිංහ සහ මිල්රෝයි ප්‍රනාන්දු ආදරණීය අමන්දා හි නිෂ්පාදකවරුන්ය.


 සිනමාවේ හැත්තෑවට වෛද්‍ය සායනයක්

දේශීය සිනමාවේ 70 වෙනි ජන්ම දිනය සහ ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිති කරගනිමින් සිනෙස්ටාර් පදනම මඟින් එහි සාමාජික කලාකරුවන් උදෙසා නොමිලයේ් පවත්වනු ලබන වෛද්‍ය සායනයක් මෙම මස 27 වනිදා උදෑසන 9 සිට දහවල් 1 දක්වා කොළඹ 02, නවලෝක රෝහල් පරිශ්‍රයේ පිහිටි දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සිනෙස්ටාර් පදනමේ සාමාජික කලාකරුවන් ඒ සඳහා සහභාගී වන්න යැයි සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි.


 ලූෂන් වෙනුවෙන් රස වින්දන වැඩසටහනක්

සිංහල සංස්කෘතික ආයතනයෙහි (සුදර්ශි) සාහිත්‍ය අනු මණ්ඩලය මඟින් මාසිකව සංවිධානය කරන රස වින්දන වැඩසටහන - සම්භාවනා - 9 මෙවර වෙන් කෙරෙනුයේ නාට්‍යවේදී, ගී පද රචක ලූෂන් බුලත්සිංහල වෙනුවෙනි. එය මෙම මස 19 වැනිදා සවස 4.30 ට සුදර්ශී ආයතනයේ නුග සෙවනෙහි නොමිලයේ පැවැත්වේ. මේ සඳහා සහභාගීවන්න යැයි සංවිධායක කමිටුව මඟින් විවෘත ආරාධනාවක් කරයි.


බූඩි සිනමා උලෙළක් අද

සිනමාවේදී බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ සිනමාපට ඇතුළත් සිනමා උලෙළක් ඊයේ සිට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී ආරම්භ විය. එය අද දිනයේද පවත්වනු ලබයි. අද උදෑසන 10.30 ට මාතා සවස 2.30 ට මිල්ලෙ සොයා සහ සවස 6 ට සිහින දේශයෙන් යන සිනමාපට එහි නොමිලයේ තිරගත වනු ඇත.


තිලක් ජයවීරගෙන් අලුත් චිත්‍රපටයක්

රංගන ශිල්පී තිලක් ජයවීර විසින් නිෂ්පාදනය කිරීමට නියමිත සිනමාපටයක වැඩ කටයුතු ළඟදීම අරැඹීමට නියමිතය. වෘක දඩයම නමැති එහි ක්ලීටස් මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, ගයත්‍රි ඩයස්, නිමල් පල්ලෙවත්ත ආදී නළු නිළියන් චරිත මවනු ඇත. මෙම සිනමාපටය ඔස්සේ නවක නළු නිළියන් කිහිප දෙනකු රිදී තිරයට හඳුන්වාදීමට තිලක් අපේක්ෂා කරයි. ඒ සඳහා මූලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 21 වැනිදා සුදර්ශී ආයතනයේදී පැවැත්වීමට නියමිතයි. වෘක දඩයම අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කුමාරසිරි අබයකෝන් විසිනි.