වර්ෂ 2017 ක්වූ අගෝස්තු 22 වැනිදා අඟහරුවාදා




ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි
පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා
තාරකා -මාලනී අරවින්ද- ජෝන් කැලෑ හඳ හෙට ඇරැඹේ
ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා
රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?
අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ
සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට
සොනාලිගේ සිතුවම් දැක්ම
සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
සුභාවිත 17 දා
ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් . . .
එදා කැකුළි අද ගායිකාවක්

එදා කැකුළි අද ගායිකාවක්

මංජුලා මල්කාන්ති

මංජුලා මල්කාන්ති නම සරසවිය පාඨකයන්ට එතරම් නුහුරු වුවත්, කලකට ඉහත ගුවන් විදුලි ශ්‍රාවකයන්ට නම් අමතක වන නමක් නොවේ. ඒ මුවන් පැලැස්ස නාට්‍යයේ කැකුළිගේ චරිතය නිසා. රුව නොදුටු හඬ පමණක් ඇසුණු මංජුලා පසු කාලයක සරසවියේ සහෝදරියක, තරුණී පුවත්පතේ නියෝජ්‍ය කතුවරියක ලෙස ද කටයුතු කළා. දිගු කලකට පසු ඇයව හමුවන්නේ අලුත් ආරංචියක් එක්ක. ඒ ඇය ගී එකතුවක් නිකුත් කිරීමත් එක්ක.

මංජුලා එක්ක කළ පුංචි පිළිසඳරකි මේ.

සුනන්දා ධර්මපාල මහත්මියගේ ළමා පිටියට යන විට මගේ වයස අවුරුදු නමයක් විතර ඇති. හැබැයි මුවන් පැලැස්සට මාව තෝරා ගත්තේ තවත් ළමයි සිය ගණනක් අතරින්. ඒ කාලේ මට කිව්වා කෝරලේ මහත්තයයි, මැණිකෙයි කදිරයි අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කියලා. මුලින්ම කතා කළේ මැණිකේ.

මුලින්ම ඇහුවේ කවුද කැකුලිගේ කොණ්ඩෙ ගැට ගැසුවේ කියලා.

මට උත්තරය දෙන්න තිබුණේ මම ගැට ගහ ගත්තේ කියලා.

ඊට පස්සේ කදිරා අහනවා, කැකුලි ආසද බැද්දේ හක්කුලං කරන්න එන්ට.

මං උත්තර දුන්නේ අනේ ඕ කදිරයියා මාව කැලේ එක්කහු කරන් යන්න මුව පැටව් අල්ලා දෙන්ට කියලා. සතියකින් පමණ මට ආරාධනයක් ආවා මාව තෝරා ගත්තා කියලා. එදා තමයි මම ඇත්තටම ඒ ශිල්පීන් දැක්කේ. ඒ අතර මම කූබිච්චියක්. මං කදිරා ගැන හිතුවේ මහ නපුරු සද්දන්තයෙක් කියලා. බලනකොට පුංචි මිනිහෙක්.

මුවන්පැලැස්ස සමඟ ගුවන් විදුලි රඟමඬල ඇතුළු නාට්‍ය රැසකටම මංජුලා දායක විය. ඒ ගුවන් විදුලි නාට්‍ය ශිල්පී පරීක්ෂණයෙන් සමත් වූ පසුවයි. මේ අවධියේම මංජුලා ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචනයට ද, ගීත රචනයට ද යොමු විය. ඉන් පසුව වෙළඳ සේවයේ බී ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් වගේම ස්වදේශීය සේවයේ සී ශ්‍රේණියේ සරල ගී ගායිකාවක් වන්නට ද මංජුලාට හැකි විය.

ගීත රචනා කලාවේදී ඇයට අමතක නොවන සිදුවීමක් නම් සුජාතා අත්තනායකට එකවර ගීත 6 ක් රචනා කිරීමය. එය මුලින්ම පැවරුණේ උපාලි ධනවලවිතානටය. ප්‍රවීණ ගීත රචක උපාලි ධනවලවිතානට කාර්ය බහුලවීම නිසා එය මංජුලාට පැවරුවාය. මංජුලා ගී හයක් ලිව්වේ එකක් තෝරා ගන්න කියමිනි. එහෙත් සුජාතා අත්තනායක ඒ ගී හයම ගායනා කළාය.

උරේෂා රවිහාරිගේ මුල්ම කැසට්පටය වූ කළු කූඹියෝ කැසට් පටයට කළු කූඹියෝ කියන ගීතය ලිව්වේ මම. ඒ වෙන කොට මට වයස අවුරුදු පහළොවක් විතර ඇති. ප්‍රියා සූරියසේන ගායනා කරන ඔබ මට හිමි නෑ . . . ගීතය, සුජාතා අත්තනායක ගායන කරන ඔබ පුරා පැතූ . . ., එඩ්වඩ් ජයකොඩි ගයන ඔබ හදවත හැංගූ . . ., රෝහණ බෝගොඩ ගායනා කරන සසර සරනා මං ආදරේ ආදී ගීත රැසක් මේ අතර වෙයි.

සිත්තර පුංචා, අන්දරේ, බන්ටිගෙ ගෙදර, පුංචි ඉත්තෑවා ආදී ටෙලි නාට්‍ය පිටපත් බෙහොමයක් රචනා කළ ඇය ඒවාහි රඟපෑම ද, ගීත ගායනා ද කළාය.

මංජුලා වේදිකාවට එන්නේ ගුත්තිල මුසිල, සුබ සහ යස, ආදිපාද, පණ්ඩුකාභය ආදී නාට්‍ය හරහා. පසු කලෙක පුවත්පත් කලාවට නවලිය පුවත් පත හරහා මංජුලා යොමුවන්නේ එඩ්මන්ඩ් රණසිංහ හා සුනිල් ජයවීර මහත්වරුන්ගේ මඟ පෙන්වීමෙනි.

ඒ ගමනේදී මට තරුණී පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ධූරය දක්වා එන්න ලැබුණා. අදටත් මම මාධ්‍ය කලාවේ නියැළෙනවා වගේම මාධ්‍ය සම්බන්ධිකාරකවරියක් ලෙසිනුත් කටයුතු කරනවා.

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සුදු පුංචා වැඩ සටහනේ සුදු පුංචා වුණේ ඔබ?

මේක ගොඩක් ජනප්‍රිය වූ වැඩසටහනක්. මේ ළමා වැඩ සටහනේ සුදු පුංචාට කටහඬින් දායක වුණේ මම.

මේ වැඩ සටහනේ විතරක් මම ළමා හඬින් ගීත හළිහක් විතර ගායනා කළා. රූපාවාහිනි මාධ්‍ය තුළ වුණත් මට සහන නිවේදිකාවක් ලෙස, විරිදු ගායනයෙන්, කවි ගායනයෙන් පවා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

යළි මංජුලා ගී ගායනයට, ගීත රචනයට එක් වූ අතර එයින් එක් ගීයක් රචනා කළේ රත්නා ලංකා අබේවික්‍රමයි. රෝහණ බෝගොඩ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

පසුගිය කාලයේ ප්‍රගති, සුජාතා, කාල චක්‍ර, එක් අහසක් යට, කාටුන් වගේ ගොඩක් නිර්මාණවලට මම හඬ කැවීමෙන් දායක වුණා.

මංජුලාගේ පියා කලක් ජනතා පුවත්පතේ කාටුන් ශිල්පියකු වූ සුනිල් කරුණාරත්නයි.

සුනිල් විමලවීරත්, අනුල ද සිල්වාත්, එඩ්මන් රණසිංහ ආදීන් ඇය සිහිපත් කරන්නේ බැතිබර සිතිනි.

මංජුලා කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.