වර්ෂ 2017 ක්වූ අප්‍රේල් 30 වැනිදා ඉරිදා




නිළි රැජනට හැත්තෑවයි අපේ උණුසුම් සුබපැතුම්
‘සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ’ මැයි 03 වැනිදා
වසන්ත ඔබේසේකරයන් ගේ අභාවය වෙනුවෙන් විශේෂයෙනි
ඇසෑමයේ භූපන් හසරිකා සම්මානය මෙවර ප්‍රසන්න විතානගේට
එදා කැකුළි අද ගායිකාවක්
රාජිතගේ නැතුව බැරි මිනිහෙක් රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දිනයි
සුබ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි
ඉම්පීරියල් අද “පහ සමත්” හදයි සිවගුරුනාදන් ගේ තුන්වැන්න
බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට අනුරාගිනි 7 දා තිරයට
කවි සිහියෙන් වැරදි ගෙදරට
ස්ලීම් නිල්සන් උලෙළ රන්ජන් - මාලනී ජනප්‍රිය කිරුළු පළදිති
සිංහල ගීතයට පෙම් බැඳී ඉන්දියානුවා - ත්‍රිදේව්
අනෝරා ප්‍රසංගය දා ප්‍රවීණයන්ට උපහාර
ප්‍රංශ සිනමා උළෙල 15 වැනිදා
අනෝරා මුහුරත් උලෙළ දා
මූන් ලයිට් සමඟ දැවෙන විහඟුන් තරඟයට
‘චත්‍රක්’ සමඟ ලාංකික සිනමාවේ පෙරැළියක් 24 දා T.V  දෙරණ බලන්න
කොටිකාවත්ත සාහිත්‍ය උලෙළට මස්ඉඹුල එයි
ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දිනය 18 දා
සම්පත්-රත්නා එකතු වෙලා දෙසීය තුන්සීය කරලා
ස්වර්ණාට උපහාර
බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට අනුරාගිනි 7 දා තිරයට

බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට අනුරාගිනි 7 දා තිරයට

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන 'අනුරාගිනි' අප්‍රේල් 07 වැනිදා සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. 'අනුරාගිනි' අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි.

ජැක්ලයින් සමඟ ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයකු, නළුවකු මෙන්ම ශ්‍රී ලාංකිකයකු ද වන ඇල්ස්ටන් කෝච් ද මෙහි ප්‍රධාන චරිතයට දායක වේ. බිම්සරා ප්‍රේමරත්න, රයන් විජයරත්න, ගාමින් ලුඩොක්ස්, කියාන් ඕ ශ්‍රේඩි ආදි නළු නිළියන් රැසක් රඟන 'අනුරාගිනි' චිත්‍රපටය ඉංග්‍රීසි බසින් 'ඒජජධපඤඪදඨ බධ ර්චබඩඥඹ' නමින් එදිනම කොළඹ මැජෙස්ටික් සිනමාශාලාවල තිරගත කෙරේ.

කලකට ඉහත රට කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීමක් අළලා තැණුන 'අනුරාගිනි' තිර රචනය, ක්‍රිස්ටි එලියසර් හා චන්ද්‍රන් රත්නම් ගෙනි. චන්දන ජයසිංහ කැමරාකරණයෙන්ද ජේම්ස් රත්නම් සංස්කරණයෙන්ද 'අනුරාගිනි' චිත්‍රපටයට දායත වූ සෙස්සෝ වෙති.


විමුක්තිගෙන් තවත් සිනමා වෙඩිල්ලක් සුළඟ ගිනි අරන් දැන් රිදී තිරයේ...

ලාංකික සිනමාව නව මානයකට යොමු කළ තරුණ සිනමාකරුවන් අතරින් කෙනෙකු වනුයේ විමුක්ති ජයසුන්දරයි. ඔහුගේ සුළඟ එනු පිණිස චිත්‍රපටය කාන් සිනමා උලෙළේ හොඳම තරුණ සිනමාකරුවාට පිදෙන කැමරා ඩි'ඕ සම්මානයෙන් පිදුම් ලැබීම ලාංකික තරුණ සිනමාකරුවන් ලද මහත් ආශ්වාදයක් විය. ඔහුගේ දෙවන සිනමා සිත්තම අහසින් වැටුණා මෙරට තිරගත නොවිණ. තුන්වැන්න චත්‍රත් බෙංගාලි බසින් නිර්මාණය කරන ලද්දක් විය.

ඔහුගේ සිව්වැන්න ‘සුළඟ ගිනි අරන්’ දැන් කොළඹ රීගල් සිනමාහල ප්‍රමුඛ සිනමා ශාලා කිහිපයක තිරගත වෙයි.

සිනමා ජීවිතයේ අධ්‍යාත්ම ගවේෂණය කරනා බෞද්ධ භික්ෂුවක්, ස්වකීය සීමාව පරීක්ෂා කිරීමට උත්සාහ ගන්නා ශිෂ්‍යයකු, දහවල් සමයේ රෝගීන් සුවපත් කරනා ජීවකයකු ලෙසත් රාත්‍රී සමයේ ස්ත්‍රී දුෂකයකු ලෙසත් දිවි ගෙවනා වෛද්‍යවරයකු සුළඟ ගිනි අරන් පුවතට පාදක වන චරිත අතර වෙයි.

ජීවිතය සහ මරණය අතර වේදනාවේ එළිපත්ත අසල සිදුවන්නා වූ ශෝක සිතුවිලි විමුක්තිගේ සිනමා කෘතියේ සම්මිශ්‍රණයයි.

මහේන්ද්‍ර පෙරේරා, කෞෂල්‍යා ප්‍රනාන්දු, රොෂාන් රවීන්ද්‍ර, සුරංග රණවක, ස්ටීව් ඩිලා සිල්වා, රුවින්දි සිල්වා, බන්දුල විතානගේ, සුලෝචනා වීරසිංහ, ත්‍රිලක්ෂණී රත්නායක මෙහි චරිත නිරූපණය කරති.

චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් ද, ධනුෂ්ක ගුණතිලක අතිරේක කැමරාකරණයෙන් ද, ලක්ෂ්මන් ජෝෂප් ද සේරම් සංගීතයෙන් ද, සමරසිරි කඳනගේ අංග රචනයෙන් ද, සමන් ඇල්විටිගල සංස්කරණයෙන් ද, දිනිඳු ජාගොඩ වර්ණ සංයෝජනයෙන් ද, ලක් රුවන් විතානගේ සහාය අධ්‍යක්ෂණයෙන් ද, ලාල් හවීන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂණයෙන් ද සුළඟ ගිනි අරන් සඳහා දායකව සිටිති.

ලෝකාමෝ ජාත්‍යන්තර සිනමා උලෙළේ තරගකාරී අංශය නියෝජන කළ එකම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන සුළඟ ගිනි අරන් ටෝකියෝ, මෙක්සිකෝ ඇතුළු ජාත්‍යන්තර සිනමා උලෙළ 30 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කළේය.

සුළඟ ගිනි අරන් ජනිත මාරසිංහ, රවීන්ද්‍ර ගුරුගේ හා විමුක්ති ජයසුන්දරගේ නිෂ්පාදනයකි.


‘පුංචි එවුන් සූරයෝ’ වැඩ නිමයි

කුඩා ළමුනක්ගේ චරිත ඇතුළත් කර හා පැරැණි චිත්‍රපටවල පැමිණි වීර චරිතවල නම් ආදේශ කරගනිමින් ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ රුවන් හේවගේ රචනා කරන ‘පුංචි එවුන් සූරයෝ’ චිත්‍රපටයේ රූ ගත කිරීම්, සංස්කරණ කටයුතු හා දෙබස් කැවීම් මේ වනවිට නිමකර ඇත.

මෙහි වෙහාන් ලංකජ, සහන් ගිමන්ත, සජිත් රන්සිරි, තීක්ෂණ සදරු, කනිෂ්ක ජයරුවන්, ගීත්මා ලියනආරච්චි යන ළමා නළු නිළියෝ හා සුමිත් මුදන්නායක, රුවන් හේවගේ, චලනි ප්‍රතිභා, නිහාල් ප්‍රේමචන්ද්‍ර, කුමාරි එක්නැළිගොඩ, සම්මි හේමචන්ද්‍ර, කුමාර සංජීව, ශානිකා පද්මාකාන්ති, දම්මි රත්නාවලී, මධූ නිසංසලා, ෂෙල්ටන් කරුණාරත්න ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් එක්වෙති. කැමරාවෙන් මංජුල කුමාරගේ සහ දයා සූරියආරච්චි, කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් පෙරේරා, පසුබිම් සංගීතයෙන් ෂෙල්ටන් කරුණාරත්න, වේශ නිරූපණයෙන් ගාමිණි කොස්තා ‘පුංචි එවුන් සූරයෝ’ චිත්‍රපටය සදහා දායකත්වය දක්වති. නිෂ්පාදනය විෂන්වීලා චිත්‍රපට වෙනුවෙන් පී. එල්. නිහාල්ගෙනි.