වර්ෂ 2017 ක්වූ අගෝස්තු 22 වැනිදා අඟහරුවාදා




ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි
පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා
තාරකා -මාලනී අරවින්ද- ජෝන් කැලෑ හඳ හෙට ඇරැඹේ
ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා
රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?
අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ
සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට
සොනාලිගේ සිතුවම් දැක්ම
සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
සුභාවිත 17 දා
ITN නව පරිපාලන ගොඩනැගිල්ල ජනපති අතින් . . .
කවි සිහියෙන් වැරදි ගෙදරට

කවි සිහියෙන් වැරදි ගෙදරට

බුද්ධදාස ගලප්පත්ති කියන්නේ මෑත කාලයේ බිහි වූ විශිෂ්ට සාහිත්‍යධරයෙක්. ඒ වගේම විචාරකයෙක්, ගීත රචකයෙක්, ජූරි සභිකයෙක් ලෙස ද ඔහු කටයුතු කරනවා. බුද්ධිගේ දැඩි හිතවතෙක් තමයි ප්‍රවීන ගීත රචක කුලරත්න ආරියවංශ. දෙන්නම සමකාලීනයොනෙ. බුද්ධි මේ ළඟදී දවසක අලුතින් කවි පෙළක් ලියලා. ඒකේ ගුණදොස් අහන්න හිතාගෙන සහ කාලෙකින් කුලේව මුණ ගැසුණේ නැති හින්දා ඔහු ගිහින් කුලේගේ ගෙදර. පයින්ම තමයි ඒ ගමන ගිහින් තියෙන්නේ. ඒ අතරතුරදී අලුත් කවි ගැනත් හිත හිත ගිහින්. බුද්ධි කුලේගේ ගෙදරට ගිහින් දෙතුන් පාරක් සීනුව ගහලා. ඒත් සද්ධයක් නැතිලු. බැරිම තැන බුද්ධි කුලේට කෝල් එකක් අරගෙන.

කුලේ මං උඹලගෙ ගෙදර ආවා. ගෙදර කවුරුත් නැහැ වගේ. මගේ අලුත් කවි ටික ගෙදර තැපැල් පෙට්ටියට දාලා යන්නද.

බුද්ධි එහෙම අහද්දි කුලේට උඩ බිම බැලිලා. ඊට ප්‍රධාන හේතුව කුලේගේ ගෙදර තැපැල් පෙට්ටියක් නැතිකම. අනික එවලේ කුලේ ගෙදර සිටීම. ඔහු දනිපනිගාලා ගෙදරින් එළියට ඇවිත්. බුද්ධි දොරකඩ නැතිලු. බැලින්නම් කවි සිහියෙන් බුද්ධි ගිහින් තියෙන්නේ වැරැදි ගෙදරකට. වෙලාවට එතන කවුරුවත් ඉඳලා නැත්තේ.