වර්ෂ 2017 ක්වූ දෙසැම්බර් 14 වැනිදා බ්‍රහස්පතින්දා




දෙරණ 07 වන ඩ්‍රීම්ස් ස්ටාර් කිරුළ සුනීරට
ජංගි හොරා දිල්ලි දිනයි
රන්ජන් රාමනායකගේ ඩොක්ටර් නවරියන් හෙට
ශිෂ්‍යත්වය - උසස් පෙළ සිනමාහලේ
මතකය ඉතිරිකර රුවන් නික්ම ගියේය
රන්ජන් රාමනායකගේ සුපිරි වැඩක් ඩොක්ටර් නවරියන් දෙසැම්බරයේ
ජැක්සන් ඇන්තනි කේරළ සිනමාවට රූ ගැන්වීම් . . .
නිර්මාල් ගේ යෝධයන්ගේ අඩවිය රූ ගැන්වීම් නිමවෙයි
සහෝදරයා සෙනසුරාදා
සරුංගල් ළඟදීම තිරයට
හොඳම නිළිය ලෙස අනෝමා ජනාදරී ජගත් සම්මාන දිනයි
තුන්දෙනෙක් එක්වී තුන්දෙනෙක් සාදති
සුළං රැල්ලේ පාව එන්නේ ඔබගේ නාමය වේ
නන්දා මාලිනිය සමඟ සංගීත ආශ්‍රමයට
ආදරවන්තියන්ගේ පාර්ලිමේන්තුව අද
පැරණි ගී අහන්න අද ටවර් එන්න
විවාහයෙන් පසුව මීනා ප්‍රසාදිනී ඕස්ට්‍රේලියාවට
ජංගි හොරා බූසාන් යයි
ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායිකාව
සොඳුරු ආඥාදායකයා
විජය ගී අසන්නට 9 වැනිදා සවස “ගඟ අද්දර”ට එන්න
ප්‍රංශ සිනමා උළෙල 15 වැනිදා

ප්‍රංශ සිනමා උළෙල 15 වැනිදා

ප්‍රංශ සිනමා උළෙලක් මෙම මස 15 වැනිදා සිට 19 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ඇජෙන්ඩා 14 සමඟ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන කේන්ද්‍රය ප්‍රංශ තානාපති කාර්යාලය, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය, වියට්නාම තානාපති කාර්යාලය සහ කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය මෙය සංවිධානය කරනු ලබයි. උලෙළේ චිත්‍රපට තිරගත වන පිළිවෙල මෙසේය.

16 වැනිදා සවස 3 ට ටවුන් ලෙස් චැට් සොන්ට් ග්‍රිස් (බෙල්ජියම්) සවස 6 ට ස්විට් ගර්ල් (ස්විස්ටර්ලන්ඩ්)

17 වැනිදා සවස 3 ට ලෙස් වැන්සනිස් ඩි අමොර් (ප්‍රංශ) සවස 6 ට යෙලෝ ෆ්ලවර් ඔන් ද ග්‍රීන් ග්‍රාස් (වියට්නාම්)

18 වැනිදා සවස 3. 00 ට මොයිස් ෆර්ම් (ප්‍රංශ) සවස 3 ට අපේයින් ජොවුර් ලෙස් යෙර් (ටියුනීසියා)

19 වැනදා සවස 3 ට ලා ෆ්‍රෙන්ජ් (ප්‍රංශ) එදින සවස 6 ට පෝස් (ස්විට්සර්ලන්ඩ්)

මෙයට සමගාමීව 19 වැනිදා උදෑසන 10.30 ට ස්විට් ගර්ල් (ස්විට්සර්ලන්ඩ්)

18 වැනිදා සවස 4 ට ලෙස් චැන්සතිස් ඩි අමොර් (ප්‍රංශ) සහ 19 වැනිදා සවස 2 ට යෙලෝ ෆ්ලවර් ඔන් ද ග්‍රීන් ග්‍රාස් (වියට්නාම්) යන සිනමාපට නුවර ක්වීන්ස් හෝටල් පරිශ්‍රයේදී තිරගත වේ.


මිල්ටන් වෙන්ව 19 යි

අපට සිටි විශිෂ්ට ගණයේ ගායකයකු වන මිල්ටන් මල්ලවාරච්චිගේ දහ නව වැනි ගුණ අනුස්මරණය හෙටට යෙදී තිබේ. ඔහු අප අතරින් සදහටම සමුගත්තේ 1998 වසරේ මාර්තු 10 වැනි දිනකය. වසර පණස් තුනක ජීවිත කාලය තුළදී වසර විසි නවයක් සංගීතය හා ගැටෙමින් ඔහු අප වෙත දායාද කළ සොඳුරුතම ගීතයන් අද ද ජනප්‍රියත්වය මඳකුදු අඩු නොවෙමින් පවතියි.

මිල්ටන් වැඩිපුරම ගැයුවේ ප්‍රේමයේ විරහව ඇසුරු කරගත් ගීතය. එමෙන්ම ඔහු හින්දි ගී අනුසාරයෙන් ගී ගැයීම ද ප්‍රතික්ෂේප කළ කලාකරුවකි. එවන් වූ මහා අග්‍රගණ්‍ය ගායනවේදියකුගේ අඩුව තදින් දැනෙන්නේ එදාට වඩා අදටය.

මේ කෙටි සටහන මිල්ටන්ව සිහිපත් කෙරුමකි.


විජය වෙනුවෙන් යාපාට උපහාරයක්

විජය කුමාරතුංගයන්ගේ විසිනව වැනි ගුණ අනුස්මරණය වෙනුවෙන් ඔහුව තිරයට හඳුන්වා දුන් සිනමාවේදී සුගතපාල සෙනරත් යාපාට උපහාර පිදීමක් එන ඉරිදා සීදුවේ විජය කුමාරතුංග අනුස්මරණ සහෘද කලා සංසදය මඟින් සුගතපාලයන් මෙලෙස උපහාර ලබනු ඇත. රාගම පිහිටි ඔහුගේ නිවසේදී මෙම උපහාර පිදීම සිදුවන අතර එම සංසදයේ සභාපති අනුර ශ්‍රීනාත්, ලේකම් අනුර රාජපක්ෂ, සහන් විජේසිංහ සහ ගයනා සුදර්ශනී ඇතුළු පිරිස මේ සඳහා සහභාගිවීමට නියමිතය. පසුගිය සරසවිය සම්මාන උලෙළේදී රණතිසර සම්මානයෙන් පිදුම් ලද්දේ ද සුගතපාල සෙනරත් යාපාය.


ප්‍රේමය නම් ගැන 13 වැනිදා කතා කරමු

කල්පන ආරිවංශ සහ වින්දන අරියවංශ විසින් අධ්‍යක්ෂණය කළ ප්‍රේමය නම් සිනමාපටය පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ස්වර්ණ සංඛ පදනම සැලසුම් කොට ඇත. මෙම මස 13 වැනිදා එනම් එන සඳු දින සවස මහවැලි කේන්ද්‍රයේදී එය පැවැත්වීමට නියමිතය. ගාමිණී වියන්ගොඩ, උපුල් ශාන්ත සන්නස්ගල සහ සුමිත්‍රා රාහුබද්ධ මෙදින දේශකයන් වශයෙන් කටයුතු කරයි.


ආලෝකෝ උදපාදි ගැන කතාබහක්

චත්‍ර වීරමන් සහ භාරත ගයාන් හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂණයෙන් යුතු ආලෝකෝ උදපාදි සිනමා නිරමාණය පිළිබඳ විචාරාත්මක සංවාදයක් මාර්තු මස 15 වැනිදා සවස ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. කැමරා අධ්‍යක්ෂ ධනුෂ්ක ගුණතිලක විසින් මෙහෙයවන මෙහිදී ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, විදර්ශන කන්නංගර සහ ජැක්සන් ඇන්තනී අදහස් දැක්වීමට නියමිතය. ඉන් අනතරුව සංවාදය ප්‍රේක්ෂකාගාරයට විවෘත කිරිමට බලාපොරොත්තු වේ. මෙම අවස්ථාව ස්වාධීන සිනමා එකමුතුවෙහි සංවිධානයකි. නොමිලයේ පැවැත්වෙන මේ සඳහා සිනමාලෝලීන්ට විවෘත ආරාධනාවක් පවතියි.

ආලෝකේ උදපාදි සිනමාපටය තිරගත වීම ආරම්භ වී දින පනහ සපිරෙන්නේද හෙටටයි. මේ වන විට එය ඉහළ ප්‍රතිචාර ලබමින් තිරගත වන බව අධ්‍යක්ෂ චත්‍ර වීරමන් අප හා පැවසීය. තුසිත විජේසේනගේ නිෂ්පාදනයක් වන ආලෝකෝ උදපාදි හි දර්ශන් ධර්මරාජ්, උද්දික ප්‍රේමරත්න, දිල්හානි අශෝකමාලා, මේනකා පීරිස්, රොෂාන් රවීන්ද්‍ර ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙයි.


අහසින් පොළවට ටෝනිගේ රංගනය ගැන පොතක්

ජීවන්ත දයානන්ද විසින් විරචිත අභිනව සිනමා සාහිත්‍ය කෘතිය 'ටෝනි' දොස්තර සරත් ලෙස (අහසින් පොළවට සොඳුරු සිනමා ආවර්ජනය) මෙම මස 13 වැනිදා සවස කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්ථකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. ප්‍රතිභාපූර්ණ රංගධර ටෝනි රණසිංහයන් අහසින් පොළවට සිනමාපටයේ කළ දොස්තර සරත්ගේ චරිතය අරබයා ටෝනි සමඟ කළ දීර්ඝ සංවාදයක් ද එම චරිතය විචාරශීලී විමසුමකට ලක් කෙරන ලිපි පෙළකින් ද කෘතිය සමන්විතය. ග්‍රන්ථය එළිදක්වනදා 'ආදරණීය ටෝනි අයියා' යන තේමාවෙන් සනත් ගුණතිලකයන් විසින් සහ 'ටෝනි දොස්තර සරත් ලෙස' තේමාවෙන් කථිකාචාර්ය හිනිදුම සුනිල් සෙනවි විසින් දෙසුම් පවත්වනු ලබයි. විදුර ඩයස් අභය ගුණවර්ධන උක්සව සභාව මෙහෙයවයි.


ගම්දොර අන්දරය එළිදකියි

'රේවතීගේ සාපය', 'අකාල මේඝය', 'දුර්ග තරණය', 'භාරත මහා සෘෂි රාමනා' යන නවකතා සහ පරිවර්තන කෘති රචනා කළ ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි ලියු අලුත්ම නවකතාව 'ගම්දොර අන්දරය' මේ මස 14 වැනිදා මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංහ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේ දී එළි දකියි.


සේමිණිගේ විශිෂ්ට රඟපෑම රැගත් 28 සූදානම්

ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය '28' ළඟදීම තිරගතවීමට නියමිතය. දූෂණය කොට මරා දමා ඇති ගැහැනියකගේ මළ සිරුරක් හඳුනා ගැනීමට යන අභයසිරි සහ මනි යන පුද්ගලයන් දෙදෙනකු ඉන් පසු මුහුණපාන සිදුවීම පෙළක් ඇසුරෙන් එහි කතා පුවත සකස් වී තිබේ. මහේන්ද්‍ර පෙරේරා අභයසිරි ලෙසට චරිත රංගනයේ යෙදෙයි. මනි රුක්මල් නිරෝෂ්ය. සරත් කොතලාවල, සේමිණි ඉද්දමල්ගොඩ සහ දයා තෙන්නකොන් මෙහි සෙසු චරිත රංගනයේ යෙදෙයි.

අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය ද ප්‍රසන්න ජයකොඩි ගෙනි. ස්කයි එන්ටර්ටේනර්ස්, ෆිල්ම් ගරාජ්, කොග්නටිව් ඊගල් සහ ෆිල්ම් ඉක්යුප්මන්ට් ගැලරි යන සමාගම් 28 නිෂ්පාදනය කොට තිබේ.

කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහගෙනි. රංගන සිංගාරාගේ සංස්කරණයකි. විධායක නිෂ්පාදනයෙන් රසිත ජිනසේන එක් විය. කාතමූලාශ්‍රය සිසිර තඩිකාරංගගෙනි. දේශක බමුණුමුල්ල සංගීත අධ්‍යක්ෂණයෙන් ද, නුවන් සනුරංඛ කලා අධ්‍යක්ෂණයෙන් ද, නිශාන්ත පද්මකුමාර නිෂ්පාදන අධීක්ෂණයෙන් ද මේ සඳහා එක් විය. සුමුදු වෙල්ලාලගේ ගේ රේඛීය නිෂ්පාදනයකි. සහාය අධ්‍යක්ෂණය චමින්ද පෙරේරාගෙනි. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය. වර්ණ සංයෝජනය සහ ඩිජිටල් අන්තර් තාක්ෂණය දිනිදු ජාගෙඩගෙන්ය. අරුණ ප්‍රියන්ත කළුආරච්චිගේ ශබ්ද පරිපාලනයකි.