වර්ෂ 2017 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




සුබ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි
ඉම්පීරියල් අද “පහ සමත්” හදයි සිවගුරුනාදන් ගේ තුන්වැන්න
බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට අනුරාගිනි 7 දා තිරයට
කවි සිහියෙන් වැරදි ගෙදරට
ස්ලීම් නිල්සන් උලෙළ රන්ජන් - මාලනී ජනප්‍රිය කිරුළු පළදිති
සිංහල ගීතයට පෙම් බැඳී ඉන්දියානුවා - ත්‍රිදේව්
අනෝරා ප්‍රසංගය දා ප්‍රවීණයන්ට උපහාර
ප්‍රංශ සිනමා උළෙල 15 වැනිදා
අනෝරා මුහුරත් උලෙළ දා
මූන් ලයිට් සමඟ දැවෙන විහඟුන් තරඟයට
‘චත්‍රක්’ සමඟ ලාංකික සිනමාවේ පෙරැළියක් 24 දා T.V  දෙරණ බලන්න
කොටිකාවත්ත සාහිත්‍ය උලෙළට මස්ඉඹුල එයි
ලේක්හවුස් ආදි කර්තෘ ජන්ම දිනය 18 දා
සම්පත්-රත්නා එකතු වෙලා දෙසීය තුන්සීය කරලා
ස්වර්ණාට උපහාර
ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් තිදෙනෙක් අන්තර්ජාතික සිනමා උලෙළක ජූරියේ
ප්‍රින්ස් අමතකද?
රේඛාව හැට සමරයි...
ප්‍රින්ස් උදය ප්‍රියන්තට ආධාර පිණිස ‘රජ කපටියෝ’ මීගමුවේදී
රේඛාව හැට සැමරුම 29 දා
සිනමා කිවිඳියගේ වෛෂ්ණාවී ළඟදිම තිරයට
මූන් ලයිට් සමඟ දැවෙන විහඟුන් තරඟයට

මූන් ලයිට් සමඟ දැවෙන විහඟුන් තරඟයට

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) මාර්තු මස 10දින සිට19 වන දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 15වන අන්තර්ජාතික මානව හිමිකම් සිනමා උළෙලේ (International Film Festival and Forum on Human Rights in Geneva - FIFDH) තරගකාරි අංශයට තේරී තිබේ. පසුගියදා ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ (Oscar) සහ ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe Awards) සම්මාන උළෙලේහොදම චිත්‍රපටිය ලෙස සම්මාන ලැබු මූන්ලයිට් (Moonlight) ඇතුළු චිත්‍රපට හතක් සමග දැවෙන විහඟුන් චිත්‍රපටයසිනමා උළෙලේ හොදම සිනමා කෘතිය සදහා තරගවැදීමට නිර්දේශ වී තිබේ. දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු ස්විස්ටර්ලන්ත දර්ශනය මර්තු 12වන දිනට යෙදී තිබේ.

මේ අතර දැවෙන විහඟුන් චිත්‍රපටය ඉතාලියේ 27වන අප්‍රිකාආසියා ලතින් ඇමෙරිකා සිනමා උළෙලේ (African, Asian and Latin American Film Festival) තරගකාරි අංශයටද තේරී තිබේ. ඉතාලියේ මිලානෝ නගරයේ පැවැත්වෙන සිනමා උළෙල මාර්තු මස 19වන දින සිට 27 දින තෙක් පැවැත්වේ. මාර්තු 23 දින දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු ඉතාලියානු දර්ශනය පැවැත්වේ.

දැවෙන විහඟුන්චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. චිත්‍රපටය ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. දැවෙන විහඟුන් තිර රචනය කාන් සිනමා උළළේ 2012-2013වසරේ සිනේෆොන්ඩේෂන්නේවාසික අංශයට (Cinéfondation Résidence, Cannes Film Festival) තේරුණු අතර පසුව චිත්‍රපටයේ තිර රචනය වැඩිදුරටත් සංවර්ධනය කිරීම සදහා 2014 දී ඊශ්‍රාලයේ, ජෙරුසුලම් තිර රචනා ඇකඩමියට (The Jerusalem International Film Lab) තෝරා ගන්නා ලදී. එහිදී සංජීව ප්‍රංශ ජාතික තිර රචනා උපදේශක ජාක් අක්කොතිගේ උපදෙස් මත දැවෙන විහඟුන් තිර රචනයමාස හතක කාලයක්පුරා වැඩිදුරටත් රචනා කරන ලදී.

ප්‍රංශයේ නියෝන් (Neon Production) ප්‍රඩක්ෂන් වෙනුවෙන් අන්තොනා දෙදේ (Antonin Dedet)සහ ඩොමිනික් විලෙන්ස්කිත් (Dominique Welinski) ශ්‍රී ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෂන්ස් (Sapushpa Expressions) වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්‍රපයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරයි

මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායකඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක,සංස්කරණය අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනා (Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (ElieAkoka) , ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D'halluin), පළමු සහය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්න, දෙවන සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලක සිදු කර තිබේ.


‘ගැමුණු මහරජ’සරත් ධර්මසිරි අලුත් නළු නිළියන් සොයයි

හිරු නාලිකාවේ විකාශය වූ ගැමුණු මහරජ ටෙලි සිතුවමේ දෙවැනි අදියර ප්‍රවීණ සිනමාවේදී සරත් ධර්මසිරි අධ්‍යක්ෂණයක් ලෙස එළි දකී. ළඟදීම රූ ගැන්වෙන එහි රංගන දායකත්වය ලබාදීමට ආධුනිකයන්ට අවස්ථාව දීමට අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වේ. ඒ සඳහා පිරිස තෝරා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 05 වැනි ඉරිදා දවස පුරා කොළඹ 07 බෞද්ධාලෝක මාවතෙහි පිහිටි සුදර්ශී ආයතනයේදී පැවැත්වේ.


 පුංචි අපිත් බය නෑ ළඟදී තිරයට

ප්‍රියන්ත පතිරගේ අධ්‍යක්ෂණය කළ පුංචි අපිත් බය නෑ ළමා සිනමාපටය ළඟදීම තිරගතවීමට නියමිතය. ගිරිරාජ් කෞශල්‍ය, මහින්ද පතිරගේ, රජිත හිරාන් චාමිකර, සුසන්තා චන්ද්‍රමාලි, මිලින්ද පෙරේරා, සමන්ති ලැනරෝල්, නිල්මිණි බුවනෙක, වසන්ත කුමාරසිරි, තිස්ස බණ්ඩාරනායක, කැළුම් නිරෝෂන් ජනක, ප්‍රියංකර කුමාර, සන්දිප් සන්රාජ, රන්ජන් ගලගෙදර, සචිත් චතුරංග, ඩිල්කි නෙත්මිණි, සන්තුෂ් දිල්හාර, ඉෂානි විදුරංගනා, නිමිදු චමල්, තිමේන් වික්‍රමරත්න, සන්දීප් වාසල ඇතුව පිරිස රංගනයේ යෙදෙති.

පුංචි අපිත් බය නෑ දැන් ජනක ප්‍රියංකර කුමාරගේ නිෂ්පාදනයකි.


උසාවිය නිහඬයි ජිනීවා යයි

පසුගිය දිනවලදී මහත් ආන්දෝලනයකට ලක් වූ තිරගත වූ ප්‍රසන්න විතානගේ ගේ උසාවි නිහඬයි සිනමාපටය මෙම මස 27 දා ඇරැඹුණු ජිනිවා මානව හිමිකම් සමුළුවේදී තිරගත කිරීමට ආරාධනා ලැබ තිබේ. ඒ අනුව ආසියානු මානව හිමිකම් කොට්ඨාසයේ තිස් හතර වැනි සැසි වාරයේදී අද දින එනම් මාර්තු 2 එය තිරත වනු ඇත. සත්‍ය කතාවක් ඇසුරෙන් නිම වූ උසාවිය නිහඬයි ප්‍රදර්ශනය අත්හිටුවමින් උසාවි වාරණයක් ද ලැබිණ.


තිස්ස ලියනසූරිය ජීවිත කතාව එළිදැක්වේ

සරසවිය සම්මාන දිනූ ගැටවරයෝ, සාරවිට, පුංචි බබා වැනි චිත්‍රපට නිර්මාණය කළ ජ්‍යෙෂ්ඨ සිනමාවේදී තිස්ස ලියනසූරියගේ ජීවිත කතාව අලළා දිලීප පෙරේරා විසින් ලියනලද සොඳුරු සිනමා අදියුරු තිස්ස ලියනසූරිය චරිතාපදානය ජනගතකිරීම මෙම මස 09 වැනිදා සවස ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී සිදු වේ. හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් මෙදින මුලසුන හොබවයි. උත්සව සභාව මෙයෙවීම කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහගෙනි රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි හා සරසවිය නියෝජ්‍ය කර්තෘ සිනමා විචාරක ආචාර්ය නුවන් නයනජිත් කුමාර ෙමිදී මුඛ්‍ය දෙසුම් පවත්වනු ලබති. සංගීතවේදී රංජිත් යාපා ද අල්විස් මෙදින සංගීතය මෙහෙයවනු ලබයි.


“සින්ඩ්‍රෙල්ලා” සති තුනක් ඩයලොග් ටීවි ඔස්සේ

ප්‍රවීන සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්‍ෂණය කරනලද “සින්ඩ්‍රෙල්ලා” සිනමාපටයේ පලමු කොටස සිනමාශාලාවන්හි තිරගතවන අවස්ථාවේදී නැරඹීමට අතපසුවු ප්‍රේක‍ෂකයින්ට නැවතත් එය නැරඹීමේ අවස්ථාව උදා වී ඇත.

ඒ අනුව මේ දිනවල ඩයලොග් සැටලයිට් රූපවාහිනී නාලිකාවේ “7th Circuit” චැනලය (චැනල අංක 20) ඔස්සේ සති තුනක් පුරා “සින්ඩ්‍රෙල්ලා” චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

උපේක‍්ෂා ස්වර්ණමාලී, අකලංක ගනේගම, පුබුදු චතුරංග හා ඉන්ද්‍රචාප ලියනගේ මෙහි රංගනයෙන් දායකවන අතර පසුබිම් සංගීතය නදීක ගුරුගේ ගෙනි.මේ වන විට “සින්ඩ්‍රෙල්ලා” චිත්‍රපටයේ DVD දිවයින පුරා DVD අලෙවි සැල්වලින් ලබාගැනීමේ හැකියාව ඇත.


අතක් ගන්න අතක් දෙන්න රශ්මිගේ ගී ප්‍රසංගයට එන්න

ඇහැලියගොඩ මධ්‍ය මහා විදුහල් ජාතික පාසලේ 10 ශ්‍රේණියේ සිසුවියක වන රශ්මි නිමේෂා ගුණවර්ධන දැරියගේ කුලුඳුල් ගීත ප්‍රසංගය සරසි ගී දැහැන මේ මස 05 වැනිදා සවස 6.30 ට එම පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත් වේ.

රශ්මි සිසුවිය දෑත මෙන්ම දකුණු පය උත්පත්තියෙන්ම අහිමි දැරියකි. ඇය තමන්ට හිමි වම් පාදයෙන් ධෛර්යවත් ලෙස අකුරු කරයි. මේ ගීත ප්‍රසංගය පැවැත්වීමෙන් බලාපොරොත්තු වන්නේ ඇයට ස්වයංක්‍රීය දෑතක් ලබා ගැනීමේ අරමුදල් රැස් කිරීම බව ඇයගේ පියාණන් වන සරත් ගුණවර්ධන පවසයි.

ඇගේ අරමුණ සපුරාලන්න උපකාර කළ හැකි අයකුට රශ්මි නිමේෂා දිරිය පදනමට පහත ගිණුම් අංකයෙන් දායක විය හැකිය.

සම්පත් බැංකුවේ ඇහැලියගොඩ ශාඛාව - 102061000290.

වැඩි විස්තර සඳහා සරත් ගුණවර්ධන මහතා (පියාණන්) 0776095240.