වර්ෂ 2017 ක්වූ මැයි 24 වැනිදා බදාදා




සිබිල් වෙත්තසිංහ - අයිරාංගණී සේරසිංහ සමඟ රංගනයට එක්වෙති
අභින එළිමහන් රංග පීඨය මගේ දිගුකාලීන සිහිනයක්
වෙසක් පෝයට දමයන්තිගෙන් ගීත පූජාවක්
බාහුබලී ප්‍රදර්ශනය ශාලා 18 ක් අත්හිටුවයි
නිළි රැජනට හැත්තෑවයි අපේ උණුසුම් සුබපැතුම්
‘සෝමවීර ධම්ම සහ පළිඟු මැණිකේ’ මැයි 03 වැනිදා
වසන්ත ඔබේසේකරයන් ගේ අභාවය වෙනුවෙන් විශේෂයෙනි
ඇසෑමයේ භූපන් හසරිකා සම්මානය මෙවර ප්‍රසන්න විතානගේට
එදා කැකුළි අද ගායිකාවක්
රාජිතගේ නැතුව බැරි මිනිහෙක් රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මාන දිනයි
සුබ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි
ඉම්පීරියල් අද “පහ සමත්” හදයි සිවගුරුනාදන් ගේ තුන්වැන්න
බොලිවුඩ් සුපිරි නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සිංහල සිනමාවට අනුරාගිනි 7 දා තිරයට
කවි සිහියෙන් වැරදි ගෙදරට
ස්ලීම් නිල්සන් උලෙළ රන්ජන් - මාලනී ජනප්‍රිය කිරුළු පළදිති
සිංහල ගීතයට පෙම් බැඳී ඉන්දියානුවා - ත්‍රිදේව්
අනෝරා ප්‍රසංගය දා ප්‍රවීණයන්ට උපහාර
ප්‍රංශ සිනමා උළෙල 15 වැනිදා
අනෝරා මුහුරත් උලෙළ දා
මූන් ලයිට් සමඟ දැවෙන විහඟුන් තරඟයට
‘චත්‍රක්’ සමඟ ලාංකික සිනමාවේ පෙරැළියක් 24 දා T.V  දෙරණ බලන්න
NEWS

ජෝතිගේ ගී පොතක්

ජෝතිපාලයන්ගේ ගීත ඇතුළත් 'රිදී තිරය ජෝතිමත් කළ එච්. ආර්. ජෝතිපාල' නැමැති කෘතිය පසුගියදා එළි දැක්විණි. ජෝතිපාල සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ විජය කුමාරතුංග වෙනුවෙන් පසුබිම් ගායනයෙන් දායක වූ ගීත පණහක් ඊට ඇතුළත් වේ. එම ග්‍රන්ථය සමඟ ග්‍රන්ථයෙහි අන්තර්ගත ගීත අඩංගු ඩී. වී. ඩී. තැටියක් ද නොමිලයේ හිමිවනු ඇත. මෙම ජෝති ගී ඇතුළත් පොත සිනමා ලේඛක රූපසේන සිල්වාගේ සංස්කරණයකි. ප්‍රකාශනය ඩබ්ලිව්. ජයසේනගෙනි. ප්‍රේම් දිසානායක කවරය නිර්මාණය කොට ඇත. ගී තැටිය ජයනන්ද නිෂ්පාදනයකි.

කිර්ති බණ්ඩාරගේ දිය කිඳුරී

කිර්ති බණ්ඩාරගේ දියකිඳුරී සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත් විය. එය ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ විධායක නිෂ්පාදනයකි. විජේරත්න වරකාගොඩ, රොජර් සෙනෙවිරත්න, නයනා කුමාරි, හයිසින්ත් විජේරත්න, වසන්ත කුමාරසිර, රූපා ගෝමස්, මිහිර සිරිතිලක, සුසිල් පෙරේරා, කේ. ඩී. සිරිපාල, උපාලි සිල්වා. රවි චන්ද්‍රසිරි, ඉරේෂ් මධුසංඛ, මානෙල් කුමාරි, සරෝජිනි කවිරත්න, සුගත් මොරගහකුඹුර මෙහි රංගනයෙන් දායක වෙති.

දේ.නා.බ.ම. අරඹන බව ශ්‍රියාපාල පවසයි

දේශීය නාට්‍යකරුවන්ගේ අභිවෘද්ධිය තකා ආරම්භ කිරීමට නියමිත දේශීය නාට්‍යකරුවන්ගේ බල මණ්ඩලය සඳහා එක්වන ලෙස එහි කැඳවුම්කරු නාට්‍යවේදී කලා භූෂණ ඊ. ඩී. ශ්‍රියාපාල මහතා නාට්‍යවේදීන්ට විවෘත ආරාධනාවක් කරයි. නාට්‍යකරුවන්ගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටීම සහ ඊට සුදුසු අන්දමින් මැදිහත්වීම, නාට්‍යකරුවන්ගේ ස්ථාවරය, ප්‍රතිපත්ති සකස් කිරිම ආදී කටයුතු මෙමඟින් සිදු කිරීමට නියමිතය. මේ පිළිබඳ වැඩි විස්තර 071-8112895 අංකයෙන් ශි‍්‍රයාපාල අමතා ලබාගත හැකිය.

සරසවිය සම්මාන දිනූ මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වෙයි

සරසවිය සම්මාන උලෙළේ විශිෂ්ට වාර්තාවක් තැබූ ගඟ අද්දර මෙන්ම මෑතක තිරගත වූ පත්තිනි ඇතුළු චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ මිලිනා සුමතිපාල මහත්මිය ඉකුත් සඳුදා (26) අභාවප්‍රාප්ත විය. මිය යන විට වයස අවුරුදු 81 ක් වූ ඇය සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිනිය වශයෙන් ද කටයුතු කළාය. ඉකුත් වසරේ සුමතිපාල මහත්මිය තම 80 වැනි ජන්ම දිනය සැමරුවේ ජනපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මහත් වූ හරසරිනි. ඒ වන විටත් ඇය සිය පත්තිනි සිනමාපටයේ පසු නිෂ්පාදක කටයුතුවල නියැළෙමින් සිටියාය. සුමති චිත්‍රපට සමාගම් නිර්මාතෘ යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතාගේ දයාබර බිරිය වූ මිලිනා සුමතිපාල මහත්මිය ඔහුගේ වියෝවෙන් පසු සිනමා නිෂ්පාදනයට එක් විය.

ගඟ අද්දර ඇය පළමුව නිෂ්පාදනය කරනු ලැබූ චිත්‍රපටයයි. එය එම වසරේ හොඳම චිත්‍රපටය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලැබීය. අනතුරුව දුවට මවක මිස, උප්පලවණ්ණා සහ පත්තිනි යන චිත්‍රපට නිෂ්පාදනය කළ ඇය ඒවා ඔස්සේ හෙළ සිනමාවේ මංසලකුණු තැබීමට ද සමත් වූවාය. මිය යන විටත් සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය ලෙස කටයුතු කළ ඇය ජගත් සුමතිපාල (සුමති සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ), තිලංග සුමතිපාල (නියෝජ්‍ය කථානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති) දියණිය ශානිකා (ගඟ අද්දර චිත්‍රපටයේ රං ටිකිරි සිනා ගීතයට රඟපෑ) ඇතුළු දූ දරුවන් සත් දෙනෙකු මෙරටට දායාද කළාය. සරසවිය පළමු සිනමා උලෙළ පැවැත් වූ කොළඹ අශෝකා සිනමා ශාලාවේද හිමිකාරිය වූයේ ද මිලිනා සුමතිපාල මහත්මියයි. ඇයගේ අවසන් කටයුතු අද දින සවස සමස්ත ලංකා බෞද්ධ සම්මේලන පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

සමන් ගාමිණීට ආධාර පිණිස ‘අපි නරකයි තමයි’ බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී

සුජීව පතිනිසේකරගේ ‘අපි නරකයි තමයි’ පරිවර්තන වේදිකා නාට්‍යය මේ මස 31 වැනිදා සවස 4.00ට සහ 7.00 ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හි දී වේදිකා ගතවෙයි.

විශාක ජයවීර, නෙලුම් කුරුගල ආරච්චි, සුජීව පතිනිසේකර, කවිඳු බණ්ඩාර, ආශා පෙරේරා, දුලාන් මධුරංග යන රංගන ශිල්පීහු ‘අපි නරකයි තමයි’ වේදිකා නාට්‍යයේ රඟපාති. එහි සංගීතය වින්දක වීරසිංහ, පසුතල, ඇඳුම් නිර්මාණය හා රංගාලෝකය එම්. සෆීර්, වේදිකා කළමනාකරණය දුලාන් මධුරංග, අංගරචනය නෙලුම් කුරුගලආරච්චිගෙනි. ජර්මානු ජාතික ලිලී ඇක්ස්ටර්ගේ ‘වයලින් -සෙලෝ - ඩබල් බේස් නාට්‍ය ඇසුරෙන් ‘අපි නරකයි තමයි නමින් පරිවර්තනය කරන ලද්දේ ජයලත් එස්. ගෝමස් සහ එම්. සෆීර් විසිනි.

මෙහි පළමු දර්ශනය වේදිකා ගතවන්නේ අනූව දශකයේ නාට්‍යකරුවකු වන සමන් ගාමිණී සහෘදයාගේ අක්මා බද්ධ කිරීමේ සැත්කමට ආධාර පිණිස ය.

බන්ධනයට බය නොවී සරිගමට එන්න අපේ සිනමාවේ ඉතා දුර්ලභ සිදුවීමක් සරිගම වෙනුවෙන් උදයකාන්තගේ පරිත්‍යාගය

මේ දිනවලදී රීගල් ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සරිගම චිත්‍රපටයයි. ඉන් පසුව එම මණ්ඩලයේ උදයකාන්ත වර්ණසූරියගේ බන්ධනය සිනමාපටය තිරගතවීමට නියමිතයි. සාමාන්‍යයෙන් මණ්ඩලයක චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙද්දී ඊළඟට එන්න තියෙන චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ප්‍රදර්ශනය වෙනවා. ඒ අනුව සරිගම චිත්‍රපටය තිරගත වෙන්නට පෙර රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය වන්නේ බන්ධනය සිනමාපටයයි. බන්ධනය නිර්මාණය වී ඇත්තේ අප රටෙහි පවතින බලි තොවිල්, හදි හූනියම්, පිල්ලි ආදී දේ මාතෘකාව කොට ගනිමිනුයි. එහෙයින් එය තරමක භයංකර සිනමා අත්දැකීමක් වෙනවා. සරිගම චිත්‍රපටය නරඹන්න එන්නේ වැඩිපුරම පවුල් පිටින් පුංචි ළමයිනුත් එක්ක. මෙහෙම ඇවිත් සරිගමට පෙර බන්ධනය සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය පෙන්වද්දී ළමුන් බිය වී අඬන්න පටන් ගන්නවාලු. මේ හේතුවෙන් ඇතැම් අය පුංචි ළමුන් රැගෙන සරිගම නරඹන්න එන්න මැලිකමක් දක්වනවා කියලා ඇතැම් සිනමා ශාලා හිමියන් සරිගම නිෂ්පාදිකා රේණුකා බාලසූරියට පවසලා. ඇය මේ බව උදයකාන්තට දැන්වූවා. ඒ දැනුවත් කිරිම මත උදයකාන්ත තීරණය කළා බන්ධනය පූර්ව ප්‍රචාරක පටය සරිගම අතරේ ප්‍රදර්ශනය කිරීම නවත්වන්නට. බය නැතුව දැන් සරිගම බලන්න එන්න කියලා උදයකාන්ත සරසවිය හරහා සරිගම සිනමාලෝලීන්ට මෙලෙස ඉල්ලීමක් කළා.

2017 සරසවිය කැලැන්ඩරය ලබන සතිය කලාපයේ