වර්ෂ 2017 ක්වූ අගෝස්තු 24 වැනිදා බ්‍රහස්පතින්දා




මාතා ගැන කතාබහක්
ආචාර්ය පතිරාජගේ කෘති 3 ක් දොරට වඩී
ධර්ම යුද්ධය දින 31 යි ලක්ෂ 535 යි
පුංචි තිසර අනුසර සඳට කියන සඳ 24 දා
තාරකා -මාලනී අරවින්ද- ජෝන් කැලෑ හඳ හෙට ඇරැඹේ
ශ්‍රීමත්ගේ කටහඬ පෙළහර 12 දා
රුක්මණියට පසු මාලිනී වන්නේ කවුරුද?
අද සවස ආනන්ද ගමගේ සමඟ කටු අකුලේ මල් ඇහැරේ
සුනිල්ගේ 66 හීන හොයන සමනල්ලු දෙවැනිදා තිරයට
සොනාලිගේ සිතුවම් දැක්ම
සෝමපාල රත්නායක කලුරිය කරයි
පුතුන් ත්‍රී මූර්තියෙන් යළිත් වසන්තය සිඩ්නි නුවරට
ධර්මයුද්ධය කොළඹ-යාපනය ඇතුළු සිනමා ශාලා පනහක
ප්‍රින්ස් වෙනුවෙන් ‘ආදරණිය ප්‍රින්ස්’ ප්‍රසංගය හෙට
අධිරජ ධර්මාශෝක ධර්මා
ජලය විදුලිය කෙටි චිත්‍රපටයට රවිඳු සම්මාන දිනයි
අනේ මගේ නඩුව අසනු එච්.එස්.පෙරේරා බිරිය රාණිගෙන් ඉල්ලීමක්
ජුනි 30 සිට රස ගුවනට
සරල විහිළු නෑ
“පතිට පනහයි” ධර්මසේන පතිරාජ නිර්මාණාවලෝකනය ජුනි 26 දා
මහාචාර්ය සේන නානායක්කාරට සම්මානයක්
‘මාරම්බරී’

ඇමරිකාවේදී අපව නැළ වූ

එඩ්වඩ් ජයකොඩිගේ

‘මාරම්බරී’

ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ සිවු දස වසරක කලක් සිංහල ගීතයෙන් සුවසක් දනා විවිධාකාරයෙන් සුගම වින්දනයන් ගෙන දුන්නා වූ එඩ්වඩ් තිමති ජයකොඩි සංගීත ඇදුරාණන් සිය ප්‍රියම්බිකා චරිතා ප්‍රියදර්ශනි විශාරද ශිල්පිනී සමඟ අත්වැල් බැඳගෙන ඔවුන්ගේ 'ශිල්ප දැක්ම' 'මාරම්බරි' පසුගියදා ඇමෙරිකා එක්සත් රාජධානියේ ප්‍රාන්ත හතරකදී එහිලා පදිංචි සිංහල දනාගේ රසෝද්දීප්තිය උදෙසා විවිධාංගිකරණයෙන් පැවැත්විණ.

මෙහිලා පළමු ප්‍රසංගය කැලිෆෝනියාවේ ලොසැන්ජලෝස් (සුර දූත පුර) ශාන්ත ගබ්රියල් මිෂනාරි ශාලාවේ කරළිය මත ඉදිරිපත් කෙරිණ.

සූර දූත පුර පදිංචිකරුවෙකු ලෙසින් හා සිංහල ගීත සජීවිව ශ්‍රවණයට අභිරුචියෙන් සිටි මා හට 'මාරිම්බරි' සමඟ රසෝගතව, ආරෝග්‍යයෙන් සිවු පැයක් ගෙවීමේ වාසනාව හිමි වූ නිසාවෙන් 'මාරම්බරී' හැඩය, ප්‍රශක්ති වැනුමෙන් තෙරව, සිත්පහළව කෙටුණ බොහේ දෑ සංක්ෂිප්තව යමක් ශ්‍රී ලංකා පාඨකයන්ට දන්වා සිටිනු රිසියෙන් මම ලියමි.

ප්‍රථමව කරුණක් තරමක් පහදන්නට මට අවසර දුන මැනවි. මා මෙය ලියන්නේ හත් වසරක කාලයක් විසි හත් වතාවක් විවිධ අසාධ්‍ය රෝගයන්ට ගොදුරුව රෝහල්ගතව, මේ වනවිට වකුගඩු යුගල බොහෝ දුරට අක්‍රියාන්විතව පවතින නිසා යන්ත්‍රානුසාරයෙන් කෙරෙනා dialasis ප්‍රතිකාරය රෝහල්ගතව සතියකට තුන් දිනයක් දිනකට පැය හතරක් ලැබ ගන්නා ඉසිඹුවකදීය.

එක දිනකදී හෝ ප්‍රතිකාරය මඟ හැරියහොත් විපාක දන්නෝ දනිති. මෙවැනි ආපදා කරපින්නා ගෙන අපහසු තත්ත්වයක් මතයි 'මාරම්බරී' හා එක්වන්නට මා බිරිඳ (රංජනිත්) ගේ හා කනිටු දියණිය (අකීලා)ගේ වත්තමෙන් මා එම ශාලාවට පිවිසුණේ. ඇත්ත වශයෙන්ම කැඳවන්නට පෙර යළි නොඑනා ගමන යන්නට පෙරාතුව මේ හිතෛෂී ශිල්පි යුගල යළි හමු වන්නට මා තුළ මහත් රුචියක් හා ඕනෑකමක් විය.

මීට වසර විස්සකට පමණ ආසන්න වූ ඉහත කාලයකදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මා නිපදවා විකාශනය කළ 'කලා රසාංග' හා 'කලා තොරතුරු' ඉදිරිපත් කිරිමට සහකාරිය වූ චරිතාව එලෙස ශෝභමානව යළි දකින්නට හා එඩ්වඩ්ගේ දේශීය ගී රාවය පුබුදාලන ගීත සජීවීව රස විඳීමටත් ඇති අභිරුචිය නිසාම නොපසුබටව මේ ගමනට මම එක් වුණෙමි.

ළා සඳ නැගෙනා ඒ ගී හෝරාවේ මා කිසියම් ශාරීරික - මානසික නිවී සැනසීමක් ලබනට භාග්‍යවත් වූ බව පවසන අතර, මිෂනාරි ශාලාවෙන් නික්ම ආවේ නම් සිතතොසින් නොවේ.

වඩාත්ම ලැබුවා වූ අමන්දානන්දය යළි විඳගන්න කවදා ලැබේදැයි යන දොම්නස් පැහැරුම ඇද හැලෙමින් තිබිණි. ඒ නමුත් 'මාරම්බරි' බෙදා දුන් සියල්ලට අමතරව කරළිය මත එඩ්වඩ්ගේ රස කථා, සෙනෙහෙබර හමුව හා ගැයූ ගී රාව ප්‍රතිරාවය අදටත් මා තුළ දෝංකාරය වෙමින් පවතින්නට වීමත් මෙය ලිවීමට පසුබලයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙනු ඇත.

'මාරම්බරී' ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති ශ්‍රී ලංකා සංස්කෘතික සංගීත මූලධර්මයන් හා සුසංයෝගිත් භාවර්ථ සංකලනයෙන් හෙබි රස කැලතෙන ගී තොටිල්ලක් මෙන් රස පෑද්දුවේ යැයි සිතන්නට මම පෙලඹෙමි. එදා ශාලාව පුරවන්නට රැස්ව සිටි ඕනෑම ප්‍රේක්ෂකයකු මේ බව සාක්ෂාත් කරනු ඇත.

මුල සිට අග දක්වා ඇස - කන නොයවා භාවාත්මකව සරල සුමග ලෙසින්ද මාධුර්යයෙන් කන්කලුව මේ තොටිල්ලේ නැළවුණ වග ද, අසා සිටි - බලා සිටි සැම නිසසලව එකම රස මංජුසාවක බහාලුව සිටි වග ඔවුනොවුන් ද නොදැන සිටියා විය හැකිය. කෙසේ වුව ද ශ්‍රාවකයා උන්මාදයෙන් මිදි පැහැදිලි ප්‍රකෘති මනසින් මේ තොටිල්ලේ නැළවුණු බව කිව යුතුමය.

එඩ්වඩ් ජයකොඩි නමැති ශ්‍රී ලාංකීක ගාන්ධර්වයා දශක හතරකට අධික කලක් හි එම පරාසය තුළ ඔහු කැටි කොට ගත් සියල්ලෙන් 'මාරම්බරි'ය සරසන්නට ඔහු සමත් විය .

උගත මනා ශිල්පීය ඥානයෙන් ගීතය - තනුව - පදවැල - රාගය - යෙදුම හා අරමුණ ගැන පැහැදිලි ලෙස තිරසාරව පැහැදිලි ස්වරයෙන් කවදත් ගීත ගයන එඩ්වඩ් මාරම්බරියට ජනශ්‍රැතයේ ගායනා -කන්තාරු ගායනා - ජන ගායනා - ප්‍රේම ගීත - අර්ධ රාගධාරි ගායනා - ළමා ගීත ආදී විවිධ ගායනා ගායනා කළේ ඔහුගේ ජන්ම උරුමයෙන් ලද්දා වූ පින්බර හඬින් විවිධාකාර රස උත්පාදනයෙන් හා විවිධ විලාශයෙනි.

මේ සියල්ල ගායනා කළේ එඩ්වඩ්ය. එනමුත් මෙහි ගුප්ත වූ ගැයුම් වටහා ගැනීමෙන් රස විඳින්නට මෙහි සිටි ප්‍රේක්ෂක බහුතරය අසමත් වුවත් ගීතයෙන් ගීතය ගැන ගැයුමට පෙර එහි වංහුං කියන්නට එඩ්වඩ් සමත් විය.

ඒ සමඟම ඊට අදාළ රස කතාවක් ද අමුණා පැවසීමෙන් ප්‍රේක්ෂක සන්තුෂ්ටියට හේතු දායක විය. තවත් අතකින් සිය ගම රට හැර දමා උපන් ගෙයි බිම නොදැක කාලාන්තතරයක් සිතින් දුක් ගන්නා වූ සිංහලයන්ට ඒ සියල්ල හෝරාවකට ගෙන දුන් ගැමි චිත්‍රයකි. සිය සංස්කෘතිය - කලාව - හැදියාව හා බත් පිඟානත් ඔවුන්ගේම සිරි යහනේ යටටම ඇද දමා නොරත රතින් වියනා ලද විකෘති පොරෝණයන්ට වැසී ඩොලර්ම ගණින්නට කාලය මිඩංගු කිරීමට වැඩි බර වූ සිංහල සුද්දන්ට මෙය හිසකුඩිච්චියකි.

විශේෂයෙන් ගීතය පෝෂණය කරන නාද රටා සංයෝජනයේදී සංගීතයේ පවා හීනතාවයක් පැන නැගුණේ නැත. එය අති ශූරත්වයෙන් ඉටු කළ වාදන වෘන්දයන්හි නිරත වූ ශිල්පීන් තිදෙනා පැසසිය යුතුමය. එඩ්වඩ් ගායනා කළ සෑම වංශයකම ගී තමන් සතු භාණ්ඩ තුනකින් වාදනය කරන්නට මේ ශිල්පීන් තිදෙනා සමත් වුහ.

චමත්කාර අර්ථාන්විත පසුතල නිර්මාණයක් නෙතේ පහසුවට හා ස්ථානෝචිතව අලංකෘතව සැකසී තිබිණ. චරිතා ද දෙතුන් වරක් මාරිම්බරියට එක් වෙමින් ඇගේ ගීත කිහිපය මිහිරියාවෙන් ගායනා කළාය. එමඟින් 'මාරම්බරිය'ට දිස්නය ගෙන දුනි. කී නොකී සෑම අංශයක්ම යස ලෙස පැවති නිසාවෙන් 'මාරම්බරි' මහා හැඩකාරියක් වූවාය.

ජනප්‍රිය ආමන්ත්‍රණයෙන් ද එඩ්වඩ් අමතා ඔහුගේ ගීතාවලියේ ඇති හරබර මනරම් තවත් ගීත කිහිපයක් ගායනා කළේ නම් මම තව සුව ලබමි. ඒ මගේ පුද්ගලික සිතුවිල්ලයි. 'මාරම්බරි' ප්‍රසංගය සිරිලක තුළට වඩා අද විශ්වයේ බොහොමයක් විදේශවල ජීවිත කරපින්නා යන සිංහල ජාතීන් ඉදිරියේ පැවැත් වෙන්නේ නම් එය මහා පුණ්‍යමය වෙහෙසීමකි. 'මාරම්බරි' එසේ බොහෝ රටවල පැවැත්වීමේ වාසනාව එඩ්වඩ් / චරිතාට අත්වේවා යැයි පතමි.

ලොස් ඇන්ජලීස් සිට