සෙනසුරාදා දිනචර්යාව

සැප්තැම්බර් 23, 2021

 

ආලියා භාත් නිතරම ඇගේ යෝග සහ ව්‍යායාම සැසි සමඟ ඉන්ස්ටග්‍රම් හි පළ කළ සටහන් තුළින් සිය රසික රසිකාවන් උනන්දු කරවයි. එහිදී යෝග සඳහා වූ ඇයගේ කැපවීම ඇගේ රසික රසිකාවන් පුදුමයට පත් කර ඇත. මෑතකදී, සෙනසුරාදා උදෑසන ඇගේ දිනචර්යාව ගැන කෙටි අවබෝධයක් ලබා දුන්නාය. එහිදී ඇය යෝග ව්‍යායම සැසියක් පවත්වමින් එහි ඇති වැදගත්කම පිළිබඳ පැහැදිලි කිරීමක් ද කළාය.

ආලියා රංගනයෙන් දායක වන දකුණු ඉන්දීය චිත්‍රපටය 'ආර්ආර්ආර්' නිකුත් කිරීම දිනෙන් දින කල් දැමෙන අතර ඔක්තෝබර් 21 වන විට සිනමාහල් වෙත නිකුත් කෙරෙනු ඇති බවට පුවත් වාර්තා වේ. මෙම චිත්‍රපටය 1920 ගණන්වලට පෙර පැවති නිදහස් යුගය පසුබිම් කරගත් ප්‍රබන්ධ කතාවක් වන අතර එය නිර්මාණය වන්නේ ප්‍රකට නිදහස් සටන්කාමීන් දෙදෙනෙකු වන අල්ලුරි සීතාරාම රාජු සහ කොමාරම් භීම් යන අයගේ ජීවිත පදනම් කරගෙන ය.