අපූරු සුබපැතුම

අප්‍රේල් 8, 2021

සුමති ටෙලි සම්මාන උලෙළ පසුගියදා පැවැත්වුණා. එහිදී කාගේත් අවධානයට ලක් වුණේ ජනප්‍රිය සම්මාන දිනාගන්නා රංගන ශිල්පීන්ව. සජිත ඇන්තනී සහ රවීන් කණිෂ්ක ජනප්‍රිය සම්මානය සඳහා මනාප ලැයිස්තුවේ ඉහළින්ම හිටියා. වසරේ ජනප්‍රියම නළුවා ලෙස සම්මානය ලබාගත්තේ ඇන්තනී පවුලේ බාල පුතු සජිත ඇන්තනී. සම්මාන උලෙළ නිමාවනවාත් සමඟම රවීන් කණිෂ්ක සජිතව වැලඳගෙන මූණ අතගා සුබපතන අයුරු කාගේත් අවදානයට ලක්වුණා. රවීනුත් පොඩි කාලේ ඉඳන්ම කැමැති නළුවෙක්ලු සජිත. සජිත රංගනයට ගායනයට නර්තනයට වගේම නිවේදනයටත් අතිදක්ෂයෙක් බවත් සජිතත් එක්ක රඟපාන්න තමා බොහොම කැමැත්තෙන් ඉන්න වගත් රවීන් අපිට කිව්වා. කලා ක්ෂේත්‍රයේ එකිනෙකා කපාගෙන උඩට එන රංගන ශිල්පීන් ඉන්න වකවානුවක රවීන්ගේ නිහතමානීකම අගය කළ යුතුමයි.