93 වැනි ඇකඩමි සම්මාන උලෙළ 25 වැනිදා

අප්‍රේල් 1, 2021

හොඳම අධ්‍යක්ෂණයට කාන්තාවන් දෙදෙනෙක්

පි‍්‍රයංකා-නික්ට වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කරයි

 

 93 වැනි ඇකඩමි සම්මාන උලෙළ හෙවත් ඔස්කාර් ලොස් ඇන්ජලීස් ඩොල්බි රඟහලේ සහ යුනියන් ස්ටේෂන් හිදී පැවැත්විමට කටයුතු සූදානම්කර ඇත. මෙහිදී ඇගයීමට ලක් කෙරෙන්නේ 2020 ජනවාරි පළමුවැනිදා සිට 2021 පෙබරවාරි 28 වැනිදා දක්වා කාලය තුළ නිකුත් වූ හොලිවුඩ් චිත්‍රපටයි. වත්මන් ලෝකයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් නාමයෝජකයන්, ඔවුන්ගේ අමුත්තන් සහ ඉදිරිපත් කරන්නන් පමණක් ඒ සඳහා පැමිණෙනු ඇත. මෙවර සම්මාන උලෙළ පැවැත්වෙන්නේ සාමාන්‍යයෙන් ඇකඩමි සම්මාන උලෙළ පවත්වන දිනයට වඩා මාස දෙකකට පසුව එනම් අප්‍රේල් 25 වැනිදාය. මේ වනවිට එහි නාමයෝජනා ප්‍රකාශයට පත් කර තිබෙන අතර නිල වෙබ් අඩවිය ඔස්සේ එය ප්‍රකාශයට පත් කරන ලද්දේ ප්‍රියංකා චොප්රා ජොනාස් සහ නික් ජොනාස් විසිනි.

 

 

මෙවර හොඳම නිළිය සඳහා වූ සම්මානය වෙනුවෙන් කළු ජාතික කාන්තාවන් දෙදෙනෙකු නාමයෝජනා ලබා සිටින අතර මිනාරි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ස්ටීවන් යූන් හොඳම නළුවා සම්මානය වෙනුවෙන් නාමයෝජනා ලද පළමු ආසියානු - ඇමරිකානු නළුවා ලෙස වාර්තා අතරට එක් විය. රිස් අහමඩ් හොඳම නළුවා වෙනුවෙන් නිර්දේශනාම ලද පළමු මුස්ලිම් ජාතිකයා බවට පත් විය. තවද හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් වන නිර්දේශ නාම අතරට පළමුවරට කාන්තාවන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇත.