“එන්න මගේ ජේසුනී” සංයුක්ත තැටිය එළිදැක්වූදා

අප්‍රේල් 1, 2021

ජීව පදනමේ නිර්මාතෘ ආචාර්ය කොන්සි පෙරේරා “එන්න මගේ ජේසුනී” නමින් සංයුක්ත තැටියක් පසුගියදා එළිදැක්විණ. එම ගීතය රචනා කොට ඇත්තේ ආරියසිංහ පෙරේරා විසිනි. ප්‍රවීණ සංගීතවේදී විශාරද ජගත් වික්‍රමසිංහ එය සංගීතවත් කොට ඇත. රංගන ශිල්පිනියකද වශයෙන් කටයුතු කරන ආචාර්ය කොන්සි උදයකාන්ත වර්ණසූරියගේ ආසයි මං පියාඹන්න චිත්‍රපටයේ රඟපා තිබේ. එන්න මගේ ජේසුනී සංයුක්ත තැටියේ කුලුඳුල් පිටපත සංගීත විශාරද ජගත් වික්‍රමසිංහ වෙත පිරිනැමූ මොහොතයි මේ.