හොඳම නිළිය සහ ජනප්‍රියම නිළිය නිළි රැජනගේ පවුලෙන්

අප්‍රේල් 1, 2021

පසුගියදා (26) 2021 සුමති ටෙලි සම්මාන උලෙළ අති උත්කර්ෂවත් ලෙස වෝටර්ස් එජ්හීදී පැවත්විය. එහිදී නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ පවුල සඳහා සම්මාන ද්විත්වයක් හිමි විය.

හොඳම නිළිය ලෙස "අඩෝ" ටෙලිනාට්‍යයේ රංගන වෙනුවෙන් සමනලී ෆොන්සේකා සම්මානයට පාත්‍ර වූ අතර ජනප්‍රියම නිළිය ලෙස "නාඩගම්කාරයෝ" ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් සෙනාලි ෆොන්සේකා සම්මානයට පාත්‍ර විය. මෙහිදී ජනප්‍රියම නිළියට හිමි සම්මානය සෙනාලි තම නැන්දනිය වන මාලිනී ෆොන්සේකා අතින්ම ලබාගැනීම සුවිශේෂී අවස්ථාවක් විය.

සමනලී සහ සෙනාලි පිළිවෙළින් මාලිනීගේ සොයුරු ආනන්දගේ සහ උපාලිගේ දියණියන් ය.