වර්ෂ 2021 ක්වූ February 24 වැනිදා Wednesday
සත්ත්ව අවිහිංසාව වෙනුවෙන්
පෙබරවාරි 18, 2021

බොහොමයක් බොලිවුඩ් තරු සත්ත්ව අවිහිංසාව වෙනුවෙන් පෙනී සිටීමට දෙවරක් හිතා බලන්නේ නැහැ. අනුෂ්කා ශර්මා ඒ අතරින් කෙනෙක්. මෑතකදී සත්ත්ව හිංසාව ගැන දැඩි ලෙස තවත් නිළියක් කතා කළා. ඇය ශ්‍රද්ධා කපූර්. "සත්ත්ව සුබසාධනය ගැන මට අවංකවම හැඟෙනවා වගේම සත්ව හිංසාවට එරෙහිව මම තදින්ම ක්‍රියා කරනවා" යැයි ශ්‍රද්ධා පවසන්නීය. එපමණක් නොව ඇය නිර්මාංශික වී තිබෙන්නේද අභ්‍යන්තරිකව එම අවබෝධය සමඟිනි. සත්ත්ව අවිහිංසාව සම්බන්ධව නව නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධවද ඇය සහාය දක්වා තිබේ. එපමණක් නොව වන විනාශයට එරෙහිවද තම හඬ ක්‍රියාත්මක බව ශ්‍රද්ධා පවසන්නීය.