රවීනාගේ රහස

පෙබරවාරි 18, 2021

රවීනා තන්ඩන් 90 දශකයේ සරාගී නිළියන් අතර තම නම රැන්දූ නිළියක්. 'දිල්වාලේ', 'මොහ්රා', 'ලාඩ්ලා', 'කිලාඩියන් කා කිලාඩි' ඇයගේ රංගනයෙන් ඔපවත්ව ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් චිත්‍රපට කිහිපයක්. පසුගිය දිනෙක ඇය ෂාරුක් ඛාන් සමඟ රංගනයෙන් දායක වූ 'සමානා දීවානා' (1995) චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ගත් ඡායාරූප දෙකක් සමඟ ඇය රහසක් හෙළි කළා. එම ඡායාරූපවල සඳහන් වී තිබෙන්නේ රවීනා අශ්වයෙකු පිට නැඟි සිටින අයුරුයි. ඒ සමඟ රවීනා සටහන් කර සිටියේ යතුරුපැදිවලට ​​වඩා අශ්වයින් පිට යාම පහසු බවයි.