ගින්දරී තස්මේනියාවට යයි

පෙබරවාරි 11, 2021

ශ්‍රී ලාංකේය සිනමාපටයක් ප්‍රථම වතාවට තස්මේනියාවදී ප්‍රදර්ශනය වීමට නියමිතය. එලෙස ප්‍රදර්ශනය වන්නේ උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3 සිනමාපටයයි. එය මෙම මස දහතුන් වැනිදා සවස 4.30ට තස්මේනියාවේ සිනමා විලේජ් හොබිට්හි තිරගත වේ. පබෝදා සංදීපනී ගින්දරී ලෙසට චරිත මවන මෙහි මහේන්ද්‍ර පෙරේරා රොඩ්නි වර්ණකුල ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. ගින්දරි සිනමාපට මාලාවේ තෙවැන්න වන මෙය උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණයකි. ඔහු විසින්ම තිර රචනය සකසා නිෂ්පාදනය කොට ඇත.