චිං චිං නෝනා සහ ජයසිකුරුයි නිවසට

පෙබරවාරි 11, 2021

අතිශය ජනප්‍රිය පැරැණි සිනමාපටයන් ද්විත්වයක් වන චිං චිං නෝනා සහ ජයසිකුරුයි ඩී. වී. ඩී. මාධ්‍යයෙන් හෙට එළිදකී. ඒ නවීන තාක්ෂණයෙන් යුතුව උසස් අන්දමින් රසවිඳීය හැකි පරිදිය.මෙම ඩී.වී.ඩී තැටි සුරංග ද අල්විස්ගේ නිෂ්පාදනයකි. සිංහල සිනමාවේ රස සාගරයක් මැවූ යසපාලිත නානායක්කාර නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ජයසිකුරුයි සිනමාපටයේ විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ, අජිත් ජිනදාස, ශිරාණි නුගේරා, සුවිනීතා වීරසිංහ, ජීවන් කුමාරතුංග, ප්‍රෙඩී සිල්වා, සමන්ති ලැනරෝල්, සුනිල් සෝම පීරිස්, මාක් සමරනායක, මර්වින් ජයතුංග, ටෙඩී විද්‍යාලංකාර ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයේ යෙදෙති. සරත් දසනායකගේ මියුරු සංගීතයෙන් ජය සිකුරුයි සිනමාපටය රසවත්වී ඇත. ජේ. සෙල්වරත්නම් අධ්‍යක්ෂණය කළ චිං චිං නෝනා සිනමාපටයේ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟයි. ඔහු සමඟ ෆරීනා ලායි, ශ්‍රියාණි ෆොන්සේකා, ලයනල් දැරණියගල, හියුගෝ ප්‍රනාන්දු, බැප්ටිස්ට් ප්‍රනාන්දු, රුක්මණී දේවි, දොන් සිරිසේන, ෆ්‍රෙඩී සිල්වා, බී. එස්. පෙරේරා, රෙක්ස් කොඩිප්පිලි, එඩී ජූනියර්, සෝනියා දිසා, ශාන්ති ලේඛා, ඇන්තනි සී. පෙරේරා රංගනයෙන් දායක වෙති. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය රොක්සාමි මාස්ටර්ගෙනි.