ගීතයක් සමඟ පරිත්‍යාගයක්

පෙබරවාරි 11, 2021

චිත්‍රපට නිෂ්පාදක සඳුන් දොලමුල්ල අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වඩින “අප්පච්චිට නින්ද ගිහින්” ගීතයේ රූපගත කිරීම් පසුගියදා සිදු කෙරිණ. එම ගීතයේ පද රචනය සුසන්ත රණුක කුමාරසිංහගෙනි.

රුක්ශාන් එස්. සංගීත අධ්‍යක්ෂවරයාය. මල්ෂි තත්සරණී ගීතය සඳහා හඬ මුසු කොට තිබේ. ගීය රූපගත කිරීමෙන් අනතුරුව එදින යෙදී තිබුණු සඳුන්ගේ උපන් දිනය වෙනුවෙන් රත්මලාන බිහිරි විද්‍යාලයේ ළමයින්ගේ ශ්‍රවණාධාර සඳහා වසරකට සරිලන බැටරි ලබාදීම ද සිදු කෙරිණ.