වර්ෂ 2021 ක්වූ March 05 වැනිදා Friday
අනුර සී.පෙරේරා අතින් සද්කාර්යකට මුලපිරේ
පෙබරවාරි 11, 2021

අවිස්සාවේල්ල රෝහලට අවශ්‍යතාවයක්ව පැවැති නේවාසික පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර ඒකකයක් විවෘත කිරීම තාරකා විද්‍යාඥයකු මෙන්ම ලේඛකයකුද වන අනුර සී. පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුවිය. අවිස්සාවේල්ල ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එච්. ආර්. ද සිල්වාගේ මූල්‍යමය දායකත්වයෙන් සුවපියස නමැති මෙය ස්ථාපනය කොට ඇති අතර විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන විසින් එම ඒකකය ජනතා අයිතියට පත් කරන ලදී. විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර එම ඒකකය භාරව කටයුතු කරනු ලබයි.
සුවපියස පිළිකා ඒකකය විවෘත කිරීම සඳහා රෝහලේ පාලන අධ්යක්ෂ දිමුතු රත්නායක ද සහභාගී විය.