ආයු එන්න ළඟයි

ජනවාරි 21, 2021

ආලෝකෝ උදපාදි සිනමාපටය තිරයට ගෙනා අධ්‍යක්ෂ චත්‍ර වීරමන්ගේ දෙවැනි සිනමාපටය නම් කොට ඇත්තේ ආයු නමිනි. එය ළඟදීම තිරගත වීමට නියමිතව තිබේ. හිටපු යුද හමුදාපතිවරයකු වන ජනරාල් දයා රත්නායක සිනමා නිෂ්පාදකවරයකු ලෙස කලඑළියට එන මෙම සිනමාපටයේ මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිතයක් නිරූපණය කරනු ලබයි. මෙම සිනමාපටයේ කතාව චත්‍ර වීරමන්ගේ පියා වන සමන් වීරමන්ගෙනි. චත්‍ර වීරමන් සමඟ ශක්ති වීරසිංහ තිර රචනය ගොඩනඟා ඇත. හෙළ නිළි රැජන මාලිනී සමඟින් ජගත් මනුවර්ණ, අශාන් ඩයස්, සමනළී ෆොන්සේකා, සම්පත් ජයවීර, ප්‍රියන්ත සිරිකුමාර, තුමිදු දොඩම්තැන්න, දසුන් පතිරණ, කෙනෙර විතානගේ, නලීන් ලුසේනා, උදය අභයසුන්දර ඇතුළු නළු නිළියෝ රැසක් මෙහි චරිත රංගනයේ යෙදෙති. කාලිංග දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂවරයාය. නිෂ්පාදන සැලසුම සහ කලා අධ්‍යක්ෂණය බිමල් දුෂ්මන්තගෙනි. සමන් ඇල්විටිගල සංස්කරණයෙන් දායක විය. සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, අංග රචනය සහ කොණ්ඩා සැකසුමෙන් හර්ෂ මංජුල සමග හරූන් ෂයිඩීන්, ශබ්ද සැලසුම්කරණයෙන් සසික රුවන් මාරසිංහ, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, ඇඳුම් නිර්මාණයෙන් කුමාර කරව්දෙනිය, නිෂ්පාදන කළමනාකරණයෙන් ඉරේෂ් කරුණාරත්න ආයු සඳහා දායකත්වය ලබා දී තිබේ. රේඛීය නිෂ්පාදනය ප්‍රීමාල් රණසිංහ සහ ශසික ගනේගොඩගෙනි. අනුරුද්ධ වීරමන් සමඟ සමන් වීරමන් සහය නිෂ්පාදකවරුන්ය. ආයු සිනමාපටය වීරමන් බ්‍රදර්ස් ඉදිරිපත් කිරීමකි.