වර්ෂ 2021 ක්වූ February 24 වැනිදා Wednesday
මිල්ටන් පුතු තාරකගෙන් ඒ දිනේ පටන්

නැසීගිය ආදරණීය ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චිගේ බාල පුතු වන තාරක මල්ලවාරච්චි ගැයූ නවතම ගීතය, රූප රචනාව සහිතව, එළඹෙන ආදරවන්තයින්ගේ දිනය දා එනම් පෙබරවාරි 14 වැනිදා එළිදැක්වීමට සියලු කටයුතු සූදානමිනි. “ඒ දිනේ පටන්” ලෙසට නම් කොට ඇති එය යුග ගීතයක් වන අතර ඒ සඳහා ආශා තෙන්නකෝන් ගායනයෙන් සහාය වේ. ඉඳුසර රණසිංහ පද රචනය නිමවා සංගීතවත් කළ මෙය තාරකගේ නවවැනි ස්වතන්ත්‍ර ගී නිර්මාණය වේ. ගීතයේ ශබ්ද මිශ්‍රණය ඉන්ද්‍රජිත් මිරිහානගෙනි. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තාරක, සතුටින් සමුගෙන, විරසක සිතට ළං වෙලා, වැනි ස්වතන්ත්‍ර ගීත මේ වනවිට එළි දැක්වා තිබේ. ඒ දිනේ පටන් ගීතයේ රූප රචනාව අධ්‍යක්ෂණය කරනු ලැබුවේ පියුමාල් නද්යප්රියයි.
ඒ දිනේ පටන් ගීතයේ සම්පූර්ණ පද මාලාව
ඒ දිනේ පටන්
රෑට නින්ද නෑ ඉතින්
හීනයක් වගේ දැනෙනවා
එහෙම තමයි ආදරේ සුරංගනා කතා.
සිත නිම්නයේ
රිදී දිය රටා හැලී
රහස් මට රහස් කියනවා
ඒ වගේ රහස් කතා මටත් ඇසෙනවා.
හමුවෙලා ඔයා හිටි ගමන්
ළං වෙලා හිතේ ඉඩ අරන්
සංසාර චේතනා නිම්නාද වී
සරාකැලුම් ඉහිරිලා.
හුස්මක් පවා
දෙනෙත යාවුණා රැයේ
පයෙ නූපුරත් ගිලිහුණා හොරෙන්.