තාත්තාගේ තාත්තා

ජුනි 18, 2020

අබ්රාම් ඛාන් බොලිවුඩයේ ජනප්‍රියතම තරු දරුවෙක්. බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ බාලම පුතු අබ්රාම්. ශාරුක් ඛාන් යනු කර්මාන්තයේ වඩාත්ම ආදරය කරන නළුවෙක් වගේම ප්‍රවීණ නළු අමිතාබ් බච්චන් බොලිවුඩයේ වැඩිපුරම නමස්කාර කරන ජ්‍යෙෂ්ඨ නළුවකු බව අමුතුවෙන් කිව යුතු නැත.  'කබී කුෂි කබි ගම්', 'මොහබතීන්', 'භූත්නාත්', 'වීර් සාරා' ඔවුන් එක්ව රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්.

මෑතකදී,  අබ්රාම්, බිග් බීහට අතට අත දෙන ඡායාරූපයක් ඉහළ ප්‍රසිද්ධියක් දිනා ගැනීමට සමත් විය. සිත්ගන්නා කරුණ නම් එය නොවේ. අබ්රාම් සැමවිටම විශ්වාස කරන්නේ අමිතාබ් තම පියාගේ පියා බවයි.  අබ්රාම් සමඟ අතට අත දෙන ඡායාරූපය පළ කරමින් මේ බව ප්‍රසිද්ධියට පත් කළේ අමිතාබ්.