තිලාගේ සරසවියේ ඩය-රියupdate ...

මැයි 28, 2020

 අද මැයි 20 බදාදාය ......⁣

අපේ වෙඞ්ඩ (මාධ්‍ය මිතුරා මංජුල වෙඩිවර්ධන) දැන් ලංකාවෙ නැ...

ඉස්සර සාම ගිවිසුම කාලේ වවුනියාව පැත්තෙ අපේ ගානේගොඩ අයිය ගනේෂ් අයියා යනකොට මංජුල,අජිත් සෙනෙවිරත්න බුද්ධික වීරසිංහ අපි මාධ්‍ය කටයුතු වලදි නිතරම මුනගැහෙනව ඉතින් හරිම සුන්දරයි. සින්දු - ආතල් කතා කතා ...එක් වරක් අපි ප‍්‍රභාකරන්ගේ පුවත්පත් සාකච්‍චාවට දෙස් විදෙස් මධ්‍යයන් සහභාගි වුනා කලින් ගිය නිසා අපි දවසක් එහේ ඉන්න වුනා එදා නම් සුන්දර කතා ගොඩයි...

අද හදිසියෙම වෙඞ්ඩව මතක් වුනේ වෙඞ්ඩ රචනා කල ටෙලි නට්‍යයයක් නැවත විකාශනය වෙනවා..

වෙඞ්ඩ නළුවෙක් වුනෙත් ⁣ඒකෙන්ම තමයි.....

”‍ඇහි පිල්ලමක් යට ”‍

 

අද මැයි 21 බ‍්‍රහස්පතින්දාය ....

අපේ අය හරි අසයිනේ දරුවන් ඉපදෙන කාලයේ ජනප‍්‍රිය චරත වල ඉපදුන කාලයේ ජනප‍්‍රිය දෙවල් එකතු කරගෙන නම් දාන්න..ඒ නිසා මේ කාලයේ ඉපදුණු බාබාලට නම් ටිකක් එකතුකර ගත්ත මව් පියන්ගේ ලෙහෙසි වෙන්න...

කොරෝනා නිරෝධා ලියනගේ..

කොවිඞ් හතුරුසිංහ

වෛරස් වීරසිංහ..

ස්වයං නීරෝධා මීමනගේ

වසංගත වසන්ති ගුණසේකර

රෝ බිය ස්වයං වන්නිආරච්චි

කොත්තමල්ලි ප‍්‍රනාන්දු

වෙනිවැල්ගැට බුලත්සිංහල

ඉඟු‍‍රු ජින්ජර් ජෑන්ස්

පෙරුම් කායම් දිසානායක ..

ඇඳිරි නීතියා සුරවීර..

මීටරදුර ගම්ලත්..

අවදානම් කරුණාරත්න..

මුඛ ආවරණා ගුණසිංහ..

විෂබීජහරණ මුහන්දිරම් ..

ලොක් ඩවුන් බර්නාඞ් පෙරේරා

අයි.ඩි.එච්‍ නිරෝධා..

කොරොන්ටයින් බැස්ටියන්

මාස්ක් මෙන්ඩිස්....

 

අද මැයි 22 සිකුරාදාය .....

දැන් නෙලූ‍ම් පොකුණ රඟහල අසල ජෝන් ද සිල්වා සමරු රඟහල කියල දුප්පත් නාට්‍ය කරුවන් නාට්‍ය පෙන්නන තැනක් තිබුණ ..

එම් සෆිර් ජෝන් ද සිල්වා රඟහලට වුනදේ ගැන ලියල තිබුණ දෙයක් බලල තිලටත් මතක්වුනේ ..තිලාත් කෙටි නට්‍ය වලට සම්බන්ධ කාලේ කලේ ඔය රඟහල තෝතැන්නක්.

නිහාල් සිල්වා සාජන් නල්ලතම්‍බි සහ පුන්තිලා කරණ කාලේ තම පෞද්ගලික වියදමින් එහි පුටු (කුෂන් කර* ප‍්‍රතිසංස්කරණය කළා කියල තිලාට වසන්ත විට්ටච්චි අයිය තිලට දවසක් පැවසුවා...

මේ සුන්දර රඟහලේ රාජ්‍ය නාට්‍ය උළෙල නට්‍ය සතියට පිරිල ඉතිරිලා යනව.

ජයලත් මනොරත්න නට්‍ය සතිය

ශ‍්‍රීයන්ත මෙන්ඩිස් නාට්‍ය සතිය. අවන්හලේ වඬේ එක කාලා මෙලෝ රහක් නැති ප්ලේන්ටිය රහට බීලා හිටගෙන නාට්‍ය බලපු කාලයක් තිබුණ..

තිලාට ඒ කාලේ රාජ්‍ය නට්‍ය උළෙලක දැන්වීමක් හමුවුණා...

රාජ්‍ය නාට්‍ය උළෙල ...

ශ‍්‍රී ලංකා කලා මංඩලය සහ දුම්කොල සමාගම හවුල්ව ඉදිපත් කරයි...

87 ජූලි 21- 31 ජෝන් ද සිල්වා සමරු රඟහලේදී ...

21 සුගතපාල ද සිල්වාගේ..

”මරාසාද්”‍

22 සොමී රත්නායකගේ

”‍සබඳ මම රස්පුටීන්.”‍

23 රංජිත් ධර්මකීර්තිගේ

” චෙරි උයන”‍

25 මියුරි සමරසිංහගේ

” සපතේරු හාමිනේ ”‍

27 කපිල කුමාර කාලිංගගේ

”‍රයිනෝසිරස්.”‍

28 ඩග්ලස් සිරිවර්ධනගේ

”‍හිට්ලර් ”‍

29 ප‍්‍රසන්න විතානගේ ..

”‍අවි ”‍

30 ආර් ආර් සමරකොන්ගේ

”ජේලර් උන්නැහේ ”‍

31 දයානන්ද ගුණවර්ධනගේ

”ආනන්ද ජවනිකා.”‍

ප‍්‍රව්‍ශෙ පත‍්‍ර ..

ජෝන්ද සිල්වා සමරු රඟහල

මැලේ වීදියේ ජයන්ති පොත්හල.

කලාවට කවදත් අතහිත දෙන සීමාසහිත ලංකා දුම්කොල සමාගම....

⁣මෙහි සිටන නාට්‍යවේදන් කිහිප පොලක් අද ඉහල තැන්වල නිසා ජොන් ද සිල්වා සමරු රඟහල ගැන කතිකාවක් අතිකරමු...

ස්තුතියි සෆිර්ටත් ......

 

අද මැයි 23 සෙනසුරාදා ...⁣

කොවිඩි අමතක වන තරමට සමිත ප‍්‍රස්නෙ උඩුදුවල...

ඒ සමිත කොලලෙක් ඉන්නවලූ‍

සමිත අයෙත් බඳනවලූ‍

පොඩි කොල්ලෙක්ලූ‍

අනේ දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්

දරුවන්ටත් වඩා බාල ඇති...

පිස්සු ද මංද...

තිලාගෙන් අහනකොට ..

සමිත කැමතිනම් කොල්ලත් කැමතිනම් අපිට මොකද....

පසුව ....සමිත කැත වැඩක්නෙ කරල තියෙන්නෙ

ඒක සින්දුවක විඩයෝවක්ලූ‍..

සින්දුව මාකට්‍ කරන්නලූ‍ කියල තියෙන්නෙ ...

මේව මහ බාල වැඩ..

ගිතයක් ප‍්‍රසිද්ධ කරන්න ඔය වගේ පහත් විදිහට ආදරය විකුනන්න ඕනැද..

දරුවො ඉන්න අම්මා කෙනෙක් නේද...

තිලාගෙන් අහුවම ඉතින් සමිත කැමතිනම් ඒ කොල්ලත් අවුලක් නැත්නමි අපිට මොකද...

දැනටමත් සින්දුව සහ කොල්ල ..මාකට්‍ .හෙට අනිද්ද බාල ටෙලියකින් එස් .එම්.එස් වලින් ජනප‍්‍රිය නළුවට හිමි සම්‍මානකුත් හම්‍බ වෙයි....

 

අද මැයි 24 ඉරිදාය ......

අපේ ගුණසිරි අයිය (ප‍්‍රවීණ සිනමා සිනමා පුවත්පත කලාවේදී ගුණසිරි සිල්වා * පැරණි කතා අලූ‍ත් කරන්න පටන් අරන් අපි පාසල් කාලේ තලූ‍ මර මර කියවපු එවයේ.. හරිම සුන්දර කාලයක සුන්දර අත්දැකිම්‍ ...

”‍ඇසිඞ් බාල්දියේ සීනි කෑම”‍

නිදහසේ කියවනකොට 5 වෙනි කොටසේ ඒ කලේ පත්තර කරයෙක්වන රෝහණ කුමාරගේ මරණය ගැන ටිකක් තිලා උපටා ගත්ත

රෝහණ කුමාර ඉල්ලා සිටි ”ගෞරවාන්විත මරණය” !

රෝහණ ගේ කර්තෘත්වයෙන් ”සටන” ”ත‍්‍රී ශුලේ” ”යක්දිව” ”ත‍්‍රී සිංහලේ” වැනි එවකට ක්ෂණික ආප්ප පුච්චන්නාක් මෙන් බිහිවූ පත්තර තුළ ඔහුගේ මාධ්‍ය භාවිතය මුළුමනින්ම වගකීමෙන් තොර විය. අවසානයේදී රෝහණගේ අති ධාවනකාරීත්වය මුදලට ගෙන ස්වකිය දේශපාලන උනමනාවන් ඉටු කරගන්නට ඇතැම් දේශපාලනඥයෝ සටකපට වූහ. මුලදි පොදු පෙරමුණ බලයට පත් කිරිම සදහා පෑන මෙහෙය වූ රෝහණ පසුව යූ ඇන් පී දේශපාලනඥයන්ගෙද අතකොලූ‍වක් විය. එහි අවසාන ප‍්‍රතිඵලය වුයේ රෝහණ අපේක්ෂා කළ ”ගෞරවාන්විත මරණය”..

රෝහණ කුමරගේ මාධ්‍ය

භාවිතය එතරම් හොදක් අහල නැති අපේ තාරුණ්‍ය දැන් සමහර මාධ්‍ය භාවිතා කරන හැටි දැක්කම රෝහණගේ මාධ්‍ය භාවිතය කෙතරම් හොඳද කියලත් හිතෙනවා ගුණසිරි අයියෙ....

 

අද මැයි 25 සඳුදාය .....

අද රාමසාන් එයටත් සිංහල අවුරුදු හා වෙසක් වගේම කොරෝනා නිසා කරදර හඳ බලන නිසා

ඒ අතර තිලාට මතක් වුනේ කරුණාරත්න දිවුල්ගනේ ගයනා කල පාතිමාගේ ගිතය...

මරතොණ්ඩිය රටා අඳී

අතේ කැකුළු හිතේ

මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ

මුක්කු තෝඩි තිරුවංගල්

එළියට අත වනනා

රාමලාන් සඳ බලන්න

එන්න පාතිමා

රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

වාංගු හඬ පූජාවේ තුන් යමට

ම ඇසෙනා

තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ

ගුළි ගැහිලා

කාන්සියට පැළලි වැටේ

කවුළු දොරින් එබෙනා

හීන් සැරේ ගෙට යනවද

හිත දොරකඩ තියලා

හීන් සැරේ ගෙට යනවද

හිත දොරකඩ තියලා

මරතොණ්ඩිය රටා.......

එළු ?නේ වැලි පාරේ

පිය සටහන් මකලා

මුන්දානිය ගෙල එතුණා නුඹ ගෙයි

සිර කරලා

පාට පාට සමනලියන් පැළලි

වැටෙන් දකිනා

හීන වඩන හිත් ගොමුවේ

කඳුළු මලක් පිපුණා

හීන වඩන හිත් ගොමුවේ

කඳුළු මලක් පිපුණා

මරතොණ්ඩිය රටා අඳී අතේ

කැකුළු හිතේ....

රාමලාන් සඳ බලන්න එන්න පාතිමා ///.

 

පද රචනය - මහින්ද චන්ද්‍රසේකර

තනුව - ගුණදාස කපුගේ

 

අද මැයි 26 අඟහරුවාදාය ...

”‍අරුණ ගුණරත්න නම් අමුතු සතා”‍

සෝව්යට් කේන්ද්‍රයේදි අනන්තරාම් සහ සලාම් බොම්බෙ නැරඹු මට වැඩමුළු සංවිධානය කළ අරුණ ගුණරත්න මගේ හිත මිත‍්‍ර පත‍්‍රකලාවේදියා ගැන පහන් හැඟිමක් ඇතිකර ගතිමි

එක් දිනක් මහ රැු දෝස්ති නරඹා ගෙදර යමින් සිටි අරුණ හමුවිය

තව දිනක් චන්ඩි රජා බලන්නට අරුණ පෝලිමේ සිටීනු දුටුවෙමි ...

මේ අද ඌ සන්ෆ්ලවර් සංගීත සලාදේ බලන්න යන බව මා හා පැවසුවා

අරුණ අත්දැකිම්‍ සොයා හැම රඟහලකම හැම චිත‍්‍රපට හෝල් එකකම රස්තියාදු වන උඹ ගැන මට ආඩම්බරයි.

උඹ සම්භාව්‍ය ඒවා විතරක් රස විඳල හැම එකකටම පහර ගහන ලිං මැඩියෙක් නොවිච්ච එක කොච්චර හොඳද.......

තිරතරු පුවත්පතේ රෝහණ කුමර ලියු පත්තර කාරයාගේ දිනපොතින් පිටුවක් තිලාට හමුවුණා ......