වටිනා ඇගැයීම

සැප්තැම්බර් 12, 2019

බොහොම පොඩි උදව්වක් කළත් එය කෙදිනකවත් අමතක නොකරන කෙනෙක් තමයි ඇන්ටන් ග්‍රෙගරි කියන්නෙ. ඔහු අපට සිටින ඉතාම පැරැණි සහාය අධ්‍යක්ෂවරයෙක්. අපේ ජනප්‍රිය චිත්‍රපට රැසකට කැමරාව පිටුපස සිට ඇන්ටන් කළ විස්කම් අප්‍රමාණයි. එවන් වූ කෙනෙකුව ඉකුත් දවසකදී අගයනු ලැබුවා. ඇත්තටම ඇන්ටන් ග්‍රෙගරිට සම්මානයක් පිදුවට කොහෙත්ම වරදක් නැහැ. ඔහු මේ ක්ෂේත්‍රය වෙනුවෙන් උපරිමයෙන් දාඩිය මහන්සිය දිය කරපු කලාකරුවෙක්. ඉතින් මේ ඇන්ටන් සාමාන්‍යයෙන් ඔවැනි ඇගැයීමක් ලැබුණම ඊට අදාළ පුද්ගලයින්ට නොසෑහෙන්න තුති පුදනවා. ඒත් මේ සැරේ කරන්න බැරි වුණා. මොකද ඔහු අසනීප වූ නිසයි. යම්තාක් දුරකට සනීප වූ පසු ඔහු කළේ සරසවිය හරහා තමන්ට ගෞරව සම්මාන දුන් පිරිවර මතක් කරපු එක. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි අනූෂා ගෝකුල මහත්මියටත් බෙහෙවින් තුති පුදන බව ඔහු සඳහන් කළා.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.