ශ්‍රියාණි ලද අස්වැන්න

අගෝස්තු 8, 2019

ඇගේ සිනහව මනරම්ය. සිනමාවට පිවිස දශක ගණනාවක් ගෙවෙමින් පැවතුණ ද එදා මෙන් අදත් ඇගේ රූ සපුවෙහි අඩුවක් නැත්තේය. දෑස නිසා, රත්තරන් අම්මා, හිතුවොත් හිතුවාමයි, ආශා දෑසින් ආදී සිනමාපටයන් රැසක ඇයගේ සොඳුුරු රැඟුමන් අපි දුටුවෙමු. එලෙස කෙටි හැඳින්වීමක් කළේ ශ්‍රියාණි අමරසේන පිළිබඳය.

ශ්‍රියාවෙන් අග තැන්පත් ඇය පසු පරපුරයන් කිහිපයක් සමඟම සුහදව වැඩ කටයුතු කරමින් සිය ගුණ සුවඳ විදහාලූවාය. මෙවන් වූ විශිෂ්ට රංගනවේදිනියක් ඉකුත් දා නැවත වරක් අගයනු ලැබීය. ඒ සිග්නිස් සිනමා සම්මාන උලෙළේදීය. සිනමාව වෙනුවෙන් කළ අනගි මෙහෙවර උදෙසා ශ්‍රියාවන්ත ශ්‍රියාණි යාවජීව සම්මානායෙන් පිදුම් ලැබීය. විශේෂත්වය එය පමණක්ම නොවේ.

ශ්‍රියාණි මෙම වසරේදී රයිගම් ටෙලීස් හිදී ද යාවජීව සම්මානයෙන් පිදුම් ලැබිමය. ටෙලිවිෂනය සඳහා වෙන් වූ සම්මාන උලෙළකදීත් සිනමා සම්මාන උලෙළකදීත් එකම වසරක් තුළ යාවජීව සම්මානයෙන් පිදුම් ලැබූ එකම රංගන ශිල්පිණිය වශයෙන් ශ්‍රියාණි ඉතිහාස ගත විය. මේ ඇය මෙතෙක් කල් වැපිරූ දෙයින් ලද අස්වැන්න වේ.

ඇය පසුගිය සරසවිය සම්මාන උලෙළේදී සරසවිය රණ තිසර යාවජීව සම්මානයෙන්ද පිදුම් ලද්දාය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.