රෝයි වෙනුවෙන් පුණ්‍යකර්මයක්

ජූලි 4, 2019

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, නළුවකු ලෙසින් දේශීය සිනමාවට අනගි මෙහෙවරක් කළ රෝයි ද සිල්වා අප අතරින් සමුගෙන වසරක් ගත විය. ඒ වෙනුවෙන් දානමය පුණ්‍යකර්මයක් පිටකෝට්ටේ නාග විහාරයේදී සිදු වූයේ රෝයිගේ ප්‍රිය බිරිය සුමනා අමරසිංහගේ ප්‍රධානත්වයෙනි. ප්‍රවිණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රීති රන්දෙණිය, ආචාර්ය මර්වින් සිල්වා, උපාලි අධිකාරි, ප්‍රදීපා ධර්මදාස, අනුෂා දමයන්ති, රුවන්ති මංගලා, ෆියෝනා ජයතිලක, නිහාල් සංජය, උජිත මධුසංක, මධුරංග, ඉන්දික උදාරලංකා සහ සුමනාගේ පවුලේ පිරිවර වන දයා අමරසිංහ, යමුනා අමරසිංහ, සුභාෂ් අමරසිංහ, ඉන්ද්‍රජිත් අමරසිංහ ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. 

Add new comment