ජෝති ගුණ සැමරුම් සිරියාමෙ සාරා ගී ප්‍රසංගය

ජූලි 4, 2019

 කලා ලංකා පදනම මඟින් වාර්ෂිකව අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කරනු ලබන ජෝති උපහාර ගී ප්‍රසංගය සිරියාමෙ සාරා මෙම මස 07 වැනිදා එනම් ඉරුදින සවස එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්වේ. ජෝතිපාලයන්ගේ තිස් දෙවැනි ගුණසමරුව නිමිතිකර ගනිමින් ගෙන එනු ලබන මෙහි මුලසුන හෙබවනු ලබන්නේ කලා ලංකා පදනමේ සභාපති ආචාර්ය මර්වින් සිල්වා විසිනි.

එහිදී ජනනාත් වරකාගොඩ ප්‍රමුඛ සීසන්ස් සංගීත කණ්ඩායමේ සංගීතයට කලා ලංකා පදනමේ උපදේශක ඉසුර දේවප්‍රිය, රවීන්ද්‍ර රන්දෙණිය, දයාසිරි ජයසේකර, නිරෝෂා විරාජිනී, සුනිල් පෙරේරා, ටෝනි හසන්, ලලිත් පොන්නම්පෙරුම, කීර්ති පැස්කුවෙල්, සුප්‍රියා, නුවන් ගුණවර්ධන, වර්ණන් පෙරේරා, පොඩි ජෝති (තුවාන් ජෝල්ඩන්), කුමාර වනසිංහ, සුජීව ප්‍රනාන්දු, සුරේෂ් ගමගේ, චිලී තිවංක, උපසේන සුබසිංහ (කෝපි කඩේ පාල), දිල්කි අබේගුණරත්න ගීත ගායනයෙන් එක් වෙති.

ඉසුර දේවප්‍රිය, ජනප්‍රිය සිනමා නිළි චිත්‍රපට නිෂ්පාදිකා සුමනා අමරසිංහ, මහේන්ද්‍ර ජයසේකර, සුමනපාල මාන්නප්පෙරුම, ශල්‍ය වෛද්‍ය විශේෂඥ නරේන්ද්‍ර පින්තෝ, එම්. එච්. එම් මන්සිල්, දිනුක ෆොන්සේකා යන සම්භාවනීය ආරාධිතයන් රැසක් සහභාගි වීමට නියමිතය. කථනය ලලිත් උදේන සහ මේකලා වසුන්දරා ගෙනි. වේදිකා පරිපාලනය කලා ලංකා පදනමේ කැඳවුම්කරු කොළඹ නාගරික මන්ත්‍රී දේශමාන්‍ය සමන් අබේගුණරත්න විසිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.