කනගාටුයි සතුටුයි

ජුනි 13, 2019

සමන් චන්ද්‍රනාත් වීරසිංහ කියන්නේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක්. ඒ වගේම දක්ෂ ගීත රචකයෙක්. ඔහු පිළිබඳ ලිපියක් ඉකුත් සරසවිය කලාපයක පළ වුණා. ඒ වෙනුවෙන් යොදාගෙන තිබුණු පින්තූර දැකලා සතුටු හිතිලා තියෙන්නේ සමන් මහත්තයාට නෙවෙයි. තවත් කෙනෙකුට. එම තැනැත්තාගේ නමත් සමන්. සාමාන්‍යයෙන් පුවත්පත් ලිපියකට පැරැණි ඡායාරූප එහෙම යොදා ගන්නේ එමඟින් එක්වන වටිනාකම වැඩි නිසයි. මෙහිදිත් පළ වුණා එක්තරා මංගල ඡායාරූපයක්. ඒක ටිකක් පැරැණියි. ඒ වගේ ඡායාරූපවල ඉන්න කෙනා හරියටම කවුද කියලා සෙවීමේ අපහසුවක් තියෙනවනෙ.

ඇයි ඉතින් මඟුල් ෆොටෝවල ඉන්න පෙනුම නෙමේ පස්සේ පහුවෙනකොට. මඟුල් ෆොටෝ එකේ හූනෝ වයසට යනකොට කිඹුලො වෙලා. එම සේයාරුව සමන් චන්ද්‍රනාත් මහත්තයලෑ මංගල ඡායාරූපය කියලා හිතුවට ඒක එහෙම නෙවෙයිලු. කොහොමත් පින්තූරෙ පෙන්නලා තියෙන්නේ නෝනා. එහෙනම් ඒක කාගෙද? ඒ සේයාරුව දැකලා කෙනෙක් සතුටු වුණා කියලා කිව්වනේ. ඒ සමන් තමයි සමන් මෙන්ඩිස්. ඔහු සේවය කරන්නේත් ලේක්හවුසියේ. සමන් මෙන්ඩිස් කියන්නේ සමන් චන්ද්‍රනාත් මහත්තයාගේ බෑනා. සමන් මෙන්ඩිස්ගේ මව්පියන්ගේ විවාහ ඡායාරූපය තමයි එදා පළ වෙලා තිබුණේ. කොහොම හරි ඒ අතපසු වීම කෙනෙකුට සතුටක් ගෙනාවා.

 

Add new comment