නිමල්ගෙන් අලුත් වැඩක්

ජුනි 13, 2019

නිෂ්පාදන කළමනාකරුවකු ලෙසට නමක් දිනා සිටි නිමල් කල්දේරා අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කොට ඇති වග දැනගන්නට ලැබේ.

බොහෝ උත්සවවලදී අපට දක්නට ලැබෙනවා ගීත විකෘති කොට ගයනවා. සමහර ගීතවල ඔරජිනල් සංගීත ඛාණ්ඩ නෙමෙයි අහන්නට ලැබෙන්නේ. මේවා දැකලා අහලා මට හිතුණා ඔය වගේ උත්සවවලදී පරැණී ගීත ඒ අන්දමින්ම අහන්න හෝ ගයන්න පුළුවන් සිස්ටම් එකක් හදන්න. ඒ අනුව මං සවුන්ඩ් එහෙමත් අරගෙන හැදුවා පුංචි බැන්ඩ් එකක්. මං ගාව තියෙනවා එකතු කරපු පැරැණි ගීත සිය ගණනක ට්‍රැක්ස්. ඒවා ප්ලේ කරලා ඔරජිනල් විදිහටම මියුසික් දාලා ගීත ගෙන එන්නට පුළුවන්. පැරැණි ගීතවල මුල් සංගීතයම කෙනෙකුට අහන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්නෙ. දැනටමත් හොඳ ඉල්ලුමක් තියෙනවා ඒවට.

නිමල් එහෙම තමන්ගේ අලුත් කාර්යය ගැන කිව්වා. සුනිල් සෝම පීරිස්ගේ චිත්‍රපට දහතුනක පමණ නිෂ්පාදන කළමනාකරු ලෙසට කටයතු කළ නිමල් නළුවකු ද වශයෙන් කැපී පෙනුණා. අද වන විට ඔහු සංගීත කණ්ඩායමේ වැඩ කටයුතුවලටයි මූලිකත්වය දෙන්නේ. 0767501017 අංකයෙන් ඔබට නිමල්ව සම්බන්ධ කරගන්න පුළුවන්.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.