වර්ෂ 2021 ක්වූ January 26 වැනිදා Tuesday
සරසවි නිර්මාණ පූර්ව වටයේ ජයග්‍රහණ
සරසවි නිර්මාණ රංග පීඨය 36 වැනි වරටත් පවත්වනු ලබන සමස්ත ලංකා කෙටි නාට්‍ය තරගය සඳහා යොමු වූ නාට්‍ය පිටපත් අතරින් පූර්ව වටයේ විනිශ්චය සඳහා පහත සඳහන් නිර්මාණ තෝරා ගෙන ඇත. පූර්ව වටයේ විනිශ්චය නාට්‍ය ඉදිරිපත් කරනු ලබන ප්‍රදේශයේදීම සිදු කරන අතර අවසාන මහා තරගය අගනුවර දී පවත්වන බව උලෙළ සංවිධායක ලීල් ආනන්ද ගජනායක දන්වා සිටී.
පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ නිර්මාණ
එච්. බී. වන්නිනායකගේ කිඳුරු දඩයම, අන් බීන් රිද්මය සහ පහේ පංතිය
සුමිල ඩිලාන් ප්‍රනාන්දුගේ ටොමියා
ප්‍රියන්ත ප්‍රනාන්දුගේ ගෞරවාන්විත මරණය
ප්‍රේමලතා රත්නායකගේ එපමණයි ස්වාමීනි
ජයන්ත කරුණාතිලකගේ ඇසින් දුටු සාක්කිකාරයා සහ ආදරණීය මරණයක්
අසංක උදයකුමාරගේ ප්රතිරූප
සාලිය පෙරේරාගේ පව්කාරයෝ
ශ්‍රියා හෙට්ටිආරච්චිගේ අන්තිම කැමැත්ත