ප්‍රසංග වේදිකාවට සමුදුන්නේ නැහැ

- දමිත් අසංක
ජුනි 6, 2019

 ජනප්‍රිය ගායක දමිත් අසංක පිළිබඳ විවිධ පුවත් පසුගිය කාලයේ පළ වුණා. මේ දිනවල ඔහු ප්‍රසංග වේදිකාවට සමු දී තිබෙන බවට ප්‍රවෘත්තියක් පැතිර යනවා. ඒ පුවත සාවද්‍ය එකක් බව දමිත් සරසවියට පැවසුවා. තමන් විසින් සම්මුඛ සාකච්ඡාවකදී වර්තමානයේ ප්‍රසංග අඩු බවට කළ ප්‍රකාශය මෙලෙස වැරදි අදහසක් දෙන අයුරින් පළ වීම හේතුවෙන් තමන් මේ වන විට දැඩි අපහසුතාවයට පත් වී සිටින බවත් දමිත් පවසනවා.

මීට වසර පහළොවකට පමණ පෙර සංගීත ක්ෂේත්‍රයට පිවිසි දමිත් විසින් ගැයූ මට දුන්න දුක් ගින්න, මගේ හිතගාව, අනන්ත ප්‍රේම ලෝකේ, මේ අනන්ත රාත්‍රියේ ආදී ජනප්‍රිය ගීත සමඟින් ඔහු ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයකු බවට පත් වුණා. ඉදිරියේදී තවත් අලුත් ගීත තම රසික රසිකාවන් වෙනුවෙන් තිළිණ කරමින් සංගීත ක්ෂේත්‍රයේ කටයුතු කිරීම දමිත්ගේ අපේක්ෂාවයි. 

Add new comment