පිය පදවියට සූදානම්

මැයි 30, 2019

අපේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සැබෑ ජීවිතයේ පියෙක් වෙන්න යනවා කියලා ආරංචියි. මේ නළුවා නිර්මාණවලදී නම් ඇති තරම් පිය චරිත රඟපාලා තියෙනවා. මේ ඒ අත්දැකීම සැබෑ ජීවිතයට එක්කාසු වන මොහොතයි. මෙහෙම පිය පදවි ලබන්නේ රොෂාන් පිළපිටිය. ඔහු විවාහ වී සිටින්නේ රිද්මා දිසානායක සමඟයි. ඇය දැන් භාවිත කරන්නේ රිද්මා පිළපිටිය කියන නමයි. රිද්මා මුහුණු පොතට තම ආදරණීය රොෂාන් සමඟ ඉන්න පින්තූර නිරන්තරයෙන් එකතු කරනවා. ඇය මවක් වෙන්න ඉන්න වගත් සඳහන් කළා. රොෂානුත් ඊට සුදානම් වනවාලු.

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.