‘සසර නිවුණු-නුවණ පහන රේරුකානේ චන්දවිමල මහා නා හිමි’ පශ්චාත් චරිතාපදානය

මැයි 30, 2019

‘ජීවින් සිටින ලෝක පිළිබඳ බුදු හිමි හෙළිදරව්ව හෙවත් ‘සක්වළ අසිරිය’, ‘සසර කෙළවර කරන ආරණ්‍ය’ සහ ‘යුගකාරක යතිවරු’ යනාදී ග්‍රන්ථ රැසක් ලියූ අසංක ආටිගලයන්ගේ නවතම කෘතිය ‘සසර නිවුණු නුවණ පහන - රේරුකානේ චන්දවිමල මහා තෙරුන් වහන්සේ’ නමින් නොබෝදා එළිදැක්විණි.

‘නිවන’ හා ‘ධූතාංග’ පිළිබඳව ද විස්තර සහිත මෙම රේරුකානේ චන්දවිමල මහ නාහිමියන්ගේ පශ්චාත් චරිතාපදාන ‘සාහිත පොත් පියස’ ප්‍රකාශනයකි. රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ දුර්ලභ සේයා රූ, අවසන් කැමති පත්‍රය සහ අවසන් සමයේ දැක් වූ අදහස් ආදී අප්‍රකට විත්ති සරලව සංක්ෂිප්තව ඉදිරිපත් කර ඇති මෙම කෘතිය සියලු සැදැහැවතුන්ට ප්‍රායෝගික භාවනා අත්දැකීම් ඇතුළත් අත් පොතක් ලෙස ද රස විඳිය හැකි වේ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.