වෙසක් වෙනුවෙන් ඊ. ඒ. පී. මණ්ඩලයේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම

මැයි 16, 2019

උදාවන වෙසක් මංගල්‍යය නිමිති කර ගනිමින් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටය තිරගත කිරීමට ඊ. ඒ. පී. මණ්ඩලය (සැවෝයි සර්කිට්) කටයුතු යොදා ඇත. ඒ අනුව වෙසක් දිනට පසුදා එනම් 19 වැනිදා එම මණ්ඩලයේ සියලුම සිනමා ශාලාවන්හි දර්ශන වාර වෙන් වනුයේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටය සඳහාය. සමන් වීරමන් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය තිරගත වූයේ 2013 වසරේදීය.

ගගන් මලික් සිද්ධාර්ථ කුමාරයා ලෙසට චරිත මැවූ අතර සෙසු ප්‍රධාන චරිතයන් නිරූපණය කරනු ලැබුවේ රන්ජන් රාමනායක, අංචල් සිංග්, සාරංග දිසාසේකර, ගෞතමි ගුලාටි, ආංශු මලික්, ඩග්ලස් රණසිංහ යන අයයි. ප්‍රවීණ් ජයරත්න සංස්කරණය කළ ශ්‍රී ගෞතම සිද්ධාර්ථ නවීන් ගුණරත්නගේ නිෂ්පාදනයකි.

ඉස්කෝලෙට මං ආවා සිනමාපටයේ නිෂ්පාදක සඳුන් දොලමුල්ල ඉකුත් දිනයකදී අපට කතා කළා.

"පසුගිය කලාපයේ මගේ අදහස් දැක් වූ ලිපියක් සරසවිය පුවත්පතේ පළ වුණා. එහි සඳහන් ඇතැම් කරුණු පිළිබඳව ඇතැම් පිරිසක් වරදවා වටහා ගෙන තිබෙනවා. විශේෂයෙන් මගේ චිත්‍රපටය තිරගත වූ මණ්ඩලය. මම එහිදී සඳහන් කළ කරුණු ඔවුන් සම්බන්ධයෙන් නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න කැමැතියි. එම අදහස් පිළිබඳ ඔවුන්හට සිත් තැවුලක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් මාගේ කනගාටුව ප්‍රකාශ කර සිටිනවා."

 

ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.