සිංගල්ටන්ලාගේ සිනමා පාඩම

මැයි 16, 2019

සැමීගේ කතාව සිනමාපටය අධ්‍යක්ෂණය කළේ ප්‍රියංකර විතානාරච්චි. එය ජාත්‍යන්තර වශයෙන් ද සම්මානයට පාත්‍ර වුණා. ප්‍රියංකර හොඳ අධ්‍යාපනයකින් පසුව සිනමාවට පිවිසි අයෙක්. ඔහු සිනමාව ගැන ඉගෙන ගත්ත ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේදී උඛ්ඹ්ඒ යනුවෙන් කෙටියෙන් හඳුන්වන එය ලොව පිළිගත් ඉහළම ගණයේ විශ්ව විද්‍යාලයක්.

ප්‍රියංකර එහි සිනමාව ගැන ඉගෙන ගනිද්දී මැදි වයසද ඉක්ම වූ කෙනෙක් හමු වෙලා. සාමාන්‍ය ශිෂ්‍යයින්ට වඩා ඔහු වැඩිමහලුයි වගේ පේනවා. ප්‍රියංකර උනන්දු වුණා කවුද කියලා දැනගන්න. වැඩිදුර විස්තර හොයා බලද්දී ඒ කෙනාගේ නම ජෝන් සිංගල්ටන්. එම නමින්ම ලෝ ප්‍රකට සිනමාකරුවෙකු ඉන්නවා. ප්‍රියංකරත් ඒ ගැන දන්නවා. පංතියට ආ ජෝන්ගේ නම ජෝන් චසිංගල්ටන් නිසා ප්‍රියංකර ඔහුට කිව්වලු ඔයාගේ නමින් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා. මං ඔහුගේ චිත්‍රපටවලට ආසයි කියලා. මේ ජෝන් ඒ ජෝන් ගැන මරු කතාවක් කියලා තියෙන්නේ.

ඔබ ඔය ජෝන් සිංගල්ටන් කියන්නේ මගේ පුතා. මං තමයි ඔහුට සිනමාව ගැන ඉගෙන ගන්න කියලා චිත්‍රපට හදන්න යැව්වේ. අන්තිමේ මිනිහා චිත්‍රපට කරන්න පටන් අරගෙන මට සිනමාව උගන්වන්න හදනවා. ඒක නිසා තමයි මං මේ සිනමාව ඉගෙන ගන්න ආවේ.

සම්මානනීය සිනමාකරු ජෝන් සිංගල්ටන් පසුගියදා අභාවප්‍රාප්ත විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.