සනී - අමීෂා අතීත ප්‍රේම කතාවක

මැයි 16, 2019
සනී ඩියෝල් සහ අමීෂා පටෙල් අලුත් චිත්‍රපටයකින් දැක ගන්න ලැබෙන බව ආරංචියි.
2001 වසරේදී තිරගත කෙරුණු Gadar: Ek Prem Katha චිත්‍රපටයේ දෙවැන්න ලෙසින් නිර්මාණය කෙරෙන මෙහි මුල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පෙව්වේ ද සනී සහ අමීෂා විසින්.
ඉන්දීය රුපියල් කෝටි 18.5ක වියදමෙන් නිර්මාණය කළ එය ඉන්දීය රුපියල් කෝටි 133ක් වාර්තා කළා. 
 
Gadar: Ek Prem Katha චිත්‍රපටයෙන් ඉන්දියාව බෙදීයාමට පෙර කාලයේ හින්දු තරුණයකු සහ මුස්ලිම් තරුණියකගේ ආදර කතාවක් ගෙන ආ අතර අලුත් චිත්‍රපටය පළමු චිත්‍රපටයේ කතාව ඉදිරියට යන බව බොලිවුඩ් පුවත් ගෙන එනවා.
අමීෂා සහ සනී ඩියෝල් අවසන්වරට රඟ පෑ පසුගිය වසරේ තිරගත කෙරුණු Bhaiaji Superhit අසාර්ථක චිත්‍රපටයක් විය.
Gadar: Ek Prem Katha චිත්‍රපටයේ ජනප්‍රියත්වය සමඟින් අලුත් චිත්‍රපටය පිළිබඳ යහපත් බලාපොරොත්තු තබා ගෙන සිටින බව අමීෂා සහ සනී පවසනවා.
 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 19 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.