පේමදාස සී. අලවත්තගේ දැයෙන් සමු ගනී

මැයි 9, 2019
පේමදාස සී. අලවත්තගේ මහතා දැයෙන්
සමු ගනී
රාජ්‍ය සම්මානලාභී ලේකකයකු, ගීත රචකයකු, නාට්‍ය නිෂ්පාදකවරයකු වූ ආචාර්ය පේමදාස සී. අලවත්තගේ පසුගිය 08 වැනිදා අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු වන එතුමා ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම සම්මානයෙන්ද පිදුම් ලබා ඇත. 
 
පේමදාස සී. අලවත්තගේ විසින් රචිත මල් වැස්ස ළමා කෘතිය 1987 වසරේදී හොඳම ළමා කෘතියට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද අතර පැරැණි සිංහල විවාහ සංස්කෘතිය කෘතියට 2007 වසරේ හොඳම ශාස්ත්‍රීය ග්‍රන්ථයට හිමි රාජ්‍ය සම්මානය හිමි විය.
අඳුරු කුටිය කුළ දොරගුළු ලා ගෙන, වස් දඬු රාවය වැනි ජනප්‍රිය ගීත ඔහු විසින් රචිත ගීත අතර වේ. 
 
දේහය කැස්බෑව, පිළියන්දල, ආටිගල නිවාස, අංක 17 දරන නිවසේ තැන්පත්කර තිබෙන අතර අවසන් කටයුතු හෙට (මැයි 11) පස්වරු 4.00ට හල්පිට පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. 
එක්දරු පියෙකු වූ පේමදාස සී. අලවත්තගේ මහතා මිය යන විට 71 වැනි වියේ පසු විය.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.